අද දවස මා ගත කරන්නේ බොහෝම ඉවසීමෙන්. මා සසර අඩුවෙන් ම පුරුදු කළ පාරමිතාවයි ඉවසීම. සසර ගමනේදී Checkmate කළ අවස්ථා කොතෙකුත් ඇති බව සිහිපත් වන අවස්ථා උදාවෙනවා. අදත් එහෙම එකක් කරන්න සිදුවීම ගැන මා තුල සතුටක් නම් නැහැ. ඒ නිසාම අද දවස බොහෝමත් ම ඉවසීමෙන් ගතකරනවා.

Progra, at Maryland Buddhist Vihara

පූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමිපාණන්ගේ විහාරස්ථානයේ දී ඊයේ රාත්‍රියේ දහම් වැඩ සටහන මෙහෙයවන්නට ලැබුනා. ඒ කටයුත්ත කෙරෙහි ලැබුනේ හොඳම හොඳ ප්‍රතිචාරයක්. අපගේ ගෞරවණීය පොඩි ස්වාමින් වහන්සේගෙන් ලද සහයෝගය අතිශයින්ම ප්‍රසංශනීයයි. පූජ්‍ය නාහිමිපාණන් වහන්සේටත්, ගෞරවණීය පොඩි ස්වාමීන් වහන්සේටත්, අපගේ සුරජ් මල්ලීටත්, රමේශ් මල්ලීටත්, වැඩ සටහන සංවිධානය කළ සෙහොයුරියටත් සහභාගී වූ, සෑම දෙනාටමත් අපගේ හදපිරි කෘතවේදීභාවය පළ කර සිටිනවා.

http://www.marylandbuddhistvihara.org/

අද උදේ ම ආනාපාන සති භාවනාවේ නිරත වුනා. පසුව මා මරණානුස්සති භාවනාවට හිත යොමු කළා. මා අපේක්ෂා කළ පණිවිඩය මදුරා මාහට එවා තිබුනා. සචිනි දූගේ නීරෝගීභාවය වෙනුවෙන් බොහෝ සෙයින් වෙහෙස මහන්සි වූ සියලු දෙනාට අපගේ ස්තුතිය පිරිනමනවා. සසර පුරාවට නිදුක් නීරෝගී ජිවිත උරුම වන්නත්, නිවන් සුව සාක්ෂාත් කරගන්නත් අපගේ ව්‍යායාමය සචිනි දූට හේතු වාසනා වේවා! කියා ප්‍රාර්ථනා කරනවා.

Wellawatte Seelagawesi Thero

Donating Beds for Mawanella Hospital

මාවනැල්ල රෝහලට අවශ්‍ය ගිලන් ඇඳන් පූජා කරන්නට කටයුතු යොදන මිනුකා, වෛද්‍ය ලක්මාල් ඇතුලු සියලු දෙනාටම අපගේ හදපිරි කෘතවේදීභාවය පළ කරසිටිමි. මේ කටයුත්තට මා මුල පිරූ අතර මා විදේශගතවීම නිසා මා අතින් සිදුවිය යුතු සියලු කටයුතු අඩුවක් නැතිව සිදු කරන්නට ඔබ හැම උනන්දුවීම පිළිබඳව මා ඉමහත් සතුටට පත්වෙමි. සියලු දෙනා මේ පින් අනුමෝදන්ව සැපවත් වූ සුවපත් වු සිත් ඇත්තෝ වෙත්වා!

Seelagawesi Thero

One should learn how to find love for him and the world. He who love himself and the whole world may appreciate every difficulty with a settled mind.

New Maryland Mediation Center

අද මා සහභාගී වූයේ අතිශයින්ම වැදගත් වැඩ සටහනකටයි. Washington Buddhist Viharaya අධිපති නාහිමිපාණන් වහන්සේ Maryland වල අලුත් භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කළා. අපගේ අති පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන්ගේ ගුණානුස්මරණය කරමින් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානය යනුවෙන් එය නම් කරන්නට යෙදුනා. එම වැඩ සටහනට සම්බන්ධ වන්න ලැබීම ගැන මම අතිශයින්ම සතුටට පත්වෙනවා. එම භාවනා මධ්‍යස්ථානයේ කටයුතු කළමණාකරණය පිළිබඳ වගකීම අපගේ ගෞරවණීය යෝගාවචර රාහුල මාහිමිපාණන් වහන්සේ භාරගත්තා. පූජ්‍ය රාහුල හිමිපාණන් වහන්සේ https://archive.org/details/OneNightsShelter පොත ඇසුරින් තමන් වහන්සේ තම ජීවිතය මැනවින් පරිවර්තනය වූ ආකාරය විවෘතව අනාවරණය කරයි.
පඤ්ඥසීහ භාවනා මධ්‍යස්ථානයේ ආරම්භක වැඩ සටහනට සම්බන්ධවීමෙන් අපගේ මහනාහිමිපාණන් වහන්සේ කෙරෙහි ඉමහත් ගෞරවයෙන් කෘතවේදීභාවය පළ කිරීමේ සතුට අප තුල පවතී.

වැල්ලවත්තේ සිලගවේසි ස්ථවිරයන් වහන්සේ

Ven Seelagawasi Maha Thero- Buduguna Ashirwadaya

මේ දුර්ලබ සුත්‍ර ඔබට ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වේද එය මේ හඬපට බෙදාදුන් පුජ්‍ය වැල්ලවත්තේ සීලගවෙසි ස්වාමින්වහන්සේටත් ,මටත් ,මගේ දෙමාපියන්ටත්,මගේ පව්ලටත් ,සියලු ඤාති හිත මිතුරන්තට් මේ ජීවිතයේදීම උතුම් වූ චතුරර්යසත්යොවබෝදය පිණිසම හේතුවේවා,හුදෙක් ධර්ම දානයක්ම වේවා

 

 

Meditation program at a Kinder Garden

Yesterday there was a meditation program at a Kinder Garden. Metta Meditation and Walking Meditation were introduced. The children were so much keen to follow meditation.
Yesterday evening we had a meditation program for children at Suhasini’s home. We did Metta Meditation, Walking Meditation and Mindfulness of Breathing.
I have been invited for a meditation program at a Synagogue. Today morning it would be conducted. After noon meal I leave for Maryland.

Wellawatte Seelagawesi Thero