කළ යුතු දේ තේරුම්ගෙන, උනන්දුවෙන් යුතුව, පිළිවෙලට කටයුතු කරන කල්හි එය ලස්සනට පටන් ගෙන ලස්සනට නිම කළ හැකි අතරම බොහෝ දෙනාගේ ආදරය දිනාගන්නත් හේතු වන බව පැහැදිලි කරන්නට අපට අවස්ථාව උදාවිය. අද හවස සතුටින් නිම කළ ලස්සන මෙහෙවරක් විය එය.

Compassion brings beauty and attracts the world for help. It does not harm at all. It heals hearts and comfort every way. Let’s have a heart filled with compassion

People seek opportunities for fun. But most of the time they do not find meaningful fun. People need a rest. They really need a rest. But they have no time to have a good rest. This is really different for animal world.

මිත්තානිසංස සූත්‍ර ධර්මය

මිත්තානිසංස සුත්‍රය

 

 1 පහුතභක්‌ ඛෝ භවති – විප්පවුත්ථෝ සකාඝරා
බහුනං උපජීවන්ති – යෝ මිත්තානං න දුභති

2. යං යං ජනපදං යාති – නිගමේ රාජධානියෝ
සබ්බත්ථ ජුජිතෝ හෝති – යෝ මිත්තානං න දුභති

3 නාස්‌ස චෝරා පසහන්ති – නාතිමඤ්ඤේති ඛත්තියෝ
සබ්බේ අමිත්තේ තරති – යෝ මිත්තානං න දුභති

4. අක්‌කුද්දොa සඝරං ඒති – සභාය පටිනන්දිතෝ
ඤාතීනං උත්තමෝ හෝති – යෝ මිත්තානං න දුභති

5 සක්‌කත්වා සක්‌කතෝ හෝති – ගරු හෝතිසගාරවෝ
වණ්‌ණකිත්තිභතෝ හෝති – යෝ මිත්තානං න දුභති

6 පූජකෝ ලභතේ පූජං – වන්දකෝ පටිචන්දනං
යසෝ කිත්තිඤේච පප්පෝති – යෝ මිත්තානං න දුභති

7 අග්ගි යථා පඡ්ජලති – දේවතාව විරෝචනී
සිරියා අජහිතෝ හෝති – යෝ මිත්තානං න දුභති

8 ගාවෝ තස්‌ස පජායන්ති – ඛෙත්තේ වුත්තං විරූහති
පුත්තානං ඵලමස්‌නාති – යෝ මිත්තානං න දුභති

9 දරිතෝ පබ්බතාතෝ වා – රුක්‌ඛාතෝ පතිතෝ නරෝ
චූතෝ පතිට්‌ඨං ලභති – යෝ මිත්තානං න දුභති

10. විරූළ්හමූලස්‌ථාතානං – නිග්‍රෝධමිච මාලුතෝ
අමිත්තා නප්පසහන්ති – යෝ මිත්තානං න දුභති

මිත්තානිසංස පිරිත

මිතුරන්හට උපකාර කිරීමේ අනුහස් දැක්විම පිණිස දේශනා කරන ලද්දකි.
 
  1. යම් පුද්ගලයෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් හෙතෙම තම නිවසින් බැහැර යම් තැනකට ගියේ නම්, බොහෝ කන බොන දෑ ලබයි. ඔහු ඇසුරු කොට බොහෝ දෙනෙක් ජීවත් වෙති.
  2. යමෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් හෙතෙම යම් රටකට යේද, නියම් ගමකට හෝ නුවරකට යේද, ඒ හැමතැනම හේ පුදනු ලැබේ.
  3. යමෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් ඔහුට සොරු ළං නොවෙත්. රජ තෙමේ අවමන් නොකෙරේ. ඔහු හැම සතුරන් මැඩ පවත්වති.
  4. යමෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් සාමකාමී සිත් ඇතිව නිවසට පැමිණේ. මිත්‍රද්‍රෝහී නො වන පුද්ගලයාගේ අපමණ වූ ගූණ සභාවේ පවා කියති. හෙතෙම නෑදෑයින්හට උතුම් වේ.
  5. යමෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් හෙතෙම අනුන්ට සත්කාර කොට අනුන්ගෙන් සත්කාර ලබන්නෙක් වේ. අනුන් කෙරෙහි ගෞරව සහිත වූයේ ඔවුන් විසින් ගරු කරනු ලබන්නේ ද වේ. ලෝකයා තමාගේ ගුණ වැයුම හා යසස උසස් කොට නගාලන්නේ ද වේ.
  6. මිත්‍රයන් පුදන තැනැත්තා ඔවුන් විසින් පුදනු ලබන්නේ ද වේ. බුද්ධාදී කළ්‍යාණ මිත්‍රයින්හට වඳින තැනැත්තා, තෙමේ ද වැඳුම් ලබන්නෙක් වේ. හෙතෙම කීර්තිමත් වේ.
  7. යමෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් හෙතෙම දිලිසෙන ගිණි මෙන් යස ඉසුරු පිරිවර සැපතින් සපිරි වේ. දෙවියෙකු මෙන් බබළයි. ශ්‍රියා කාන්තාව විසින් අත් නොහරින ලද්දේ වේ.
  8. යමෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් ගව පාලනය සාර්ථක වේ. කෙත්වත් වපුලතාක් පැළ හටගනී. යහපත් දරුඵල පිහිටයි.
  9. යමෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් දැදුරෙන් හෝ පර්වතයෙන් හෝ ගසින් හෝ යමකින් වැටුනේ නම් ඒ ක්ෂණයෙන් පිහිට ලබයි.
  10. යමෙක් මිත්‍රද්‍රෝහී නොවේ නම් හෙතෙම වැඩුණු මුල් හා නුග අරලු ඇති නුග රුකක් සුළඟින් සොලවා බිමි හෙලන්නට නෙහැක්කා සේ සතුරන් විසින් ඔහු මඬින්නට නොහැකි වෙත්.

ප්‍රතිපත්ති පූජා

“ආරභත නික්ඛමථ යුඤ්ජථ බුද්ධසා ධුනාථ මච්චුනෝ සේනං නළාගාරංව කුඤ්ජරෝ”

“අරඹන්න,නික්මෙන්න ,බුද්ධ ශාසනයෙහි යෙදෙන්න.
බටපඳුරු පොඩිපට්ටම් කරන හස්තිරාජයෙකු මෙන් මාර සේනාව දිනන්න”

පාමොජජබහුලො භිකඛු
පසනෙනා බුදධසාසනෙ
අධිගචෙඡ පදං සනතං
සංඛාරූප සමං සුඛං

තමාගේ ධර්මානුගත පැවැත්ම නිසා ධාර්මික, ප්‍රීතිය බහුල කොට ඇති, බුදු සස්නෙහි පැහැදුණු භික්ෂුනම සංස්කාරයන්ගේ සංසිඳීම වූ ශාන්ත සැපය ලබන්නේය.%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7-001

ආදර්ශය හා ආභාෂය

ඥාණවන්ත, එසේම ගුණවන්ත උත්තමයන් ආදර්ශයට ගෙන ඒ අයගේ ආභාෂයෙන් අපගේ ජීවිත සකස් කරගන්නට හා නිවැරදි කරගන්නට උනන්දුවීම වාසනාවක් ම වේ. සැම කල්හිම නිහතමානී, අවිහිංසාවාදී චරිතයකට හිමිකම් කියමු.

It is a pleasure to have association of those who are wiser with acquired experiential knowledge with immense of good qualities. We can cultivate our lives and correct our lives with their examples and influence. Let’s be strong with humbleness and harmlessness.20170121_112143

කෘතවේදී භාවය පළ කිරීම

මෙම වෙබ් අඩවිය බොහෝ දෙනාට අතිශයින්ම ප්‍රයෝජනවත් වන අන්දමින් නිර්මාණය කළ අපගේ කළ්‍යාණ මිත්‍ර පණ්ඩුක බණ්ඩාර මහත්මාට පළමුවෙන්ම කෘතවේදීභාවය පළ කරසිටිමි. එසේම එතුමාගේ උපකාර දිගින් දිගටම ලැබෙන බැවින් මෙම අඩවිය ධර්ම දායාදය පිණිස උල්පතක් වන බව විශ්වාස කරමි. මේ කර්තව්‍ය නිසා උපදින සියලු යහපත් කුසල ශක්තීන් සියලු ලෝවැසියන්ගේ සුඛවිහරණය පිණිස අනුමෝදන් කරමි.

ආදර්ශයට ගත යුතු බොහෝ උත්තමයින් ආදර්ශයට ගෙන, එසේම ප්‍රඥාසම්පන්න, ගුණගරුක උත්තමයින්ගේ ආභාෂයෙන් රටට ලෝකයට වඩාත් ඵලදායි සදහම් මෙහෙවරක නිරත වෙමින් ආදර්ශයක් වන්නටත්, අනුබලයක් වන්නටත් අධිෂ්ඨාන කරමි. සියලු ලෝවැසියෝ සියලු කල්හිම සැපවත් වෙත්වා! සුවපත් වෙත්වා!

Binari & Sinthi to Govindaraj Cow Rescue

ගෝවින්දරාජ් ජීවත්වන්නේ කැලෑබොක්ක රාජ්‍ය වතුයායේ මේමලේ කොට්ඨාශයේ. ඔහුට හරි හමන් ජීවනෝපායක් නැහැ. පන්විල ප්‍රාදේශීය ලේකම් තුමාගේ ඉල්ලීම මත මේ බිනරි හා සින්ති පරිත්‍යාග කරන්නට අපි ඉදිරිපත් වුනා. බිනරි ගැබ්ගත් එළදෙනක්. සින්ති ඇයගේ පළමුවැනි පැටියායි. නුදුරු අනාගතයේදී ගෝවින්දරාජ් ගවයින් තුන්දෙනෙකුගේ හිමිකාරයා වන්නට තරම් වාසනාවන්තයෙක් වෙනවා. පින් කැමති ඔබ හැමදෙනාට මේ පින් සතුටින් අනුමෝදන් කරනවා.

Govindaraj lives at Memale, Kelebokka State Plantation. He has no proper job. Divisional Secretary of Panwila recommended him to hand over Binari & Sinthi. Binari is pregnant and Sinthi is her first daughter. Now Govindaraj is fortunate have these three animals. I am very happy to share merit with all those who are interest to obtain merit.

click here for more photos