හිතේ හැටියට ඉන්න නම් හිත දියුණු කරන්න ඕනෑ. සමහර වංචනික ධර්ම අධිපති වෙලා ලෝකයත් සමඟ ගැටෙනවා. ඒ නිසාම හිත දූෂ්‍ය වෙනවා. ජීවිතය පිරිහෙනවා. මිතුරන් අහිමි වෙනවා.

හිත දියුණු කරන්න කල්පනා කර කෙනෙක් වේ නම්, හේ මෛත්‍රීය හා කරුණාව පුරුදු පුහුණු කරනවා. මෛත්‍රී ධර්මය මුල් කරගෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥ වඩන්න පුලුවන්. හිත දුබල කරන නොසන්සුන් ස්වභාවය හා සැක සහිත ස්වභාවය යටපත් කර සිතේ සමාධිය වඩන ආනාපාන සති භාවනාවේ නිරත වෙනවා. දැඩි ලෝභය, බිය, නපුරුකම හා මෝඩකම දුරුකරන්න චාගානුපස්සනා භාවනාව උපකාර වෙනවා.

මේ විදියට කුමන හෝ භාවනාවක යෙදෙමින් සිත දියුණු කරන කෙනෙක් තමන්ටත් හිතකර අනුන්ටත් හිත කර අනභිභවනීය චරිතයක හිමිකරුවෙකු වෙනවා. ඔබත් මේ ගැන අවධානය යොමු කොට සැලකිලිමත් වන්න.

Medidation program at Sandun arana

අති පූජණීය සීල ගවේශි මා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සදුන් අරණ භාවනා මධ්‍යස්ථානයේදී පවත්වන්නට යෙදුණු භාවනා වැඩ සටහන.

BHANTE WELLAWATTE SEELAGAWESI THERO
වැල්ලවත්තේ සිලගවේසි ස්ථවිරයන් වහන්සේ

හැමදේම සිදුවන්නේ හොඳටයි යනුවෙන් ගැනීම සර්වසුභවාදයයි. හැමදේකම නරක දැකීම සර්වාසුභවාදයයි. හොඳ දේ හොඳ හැටියටත් නරක දේ නරක හැටියට ගැනීම යථාර්වාදයයි. ඇති දේ ඇති සැටියෙන්ම තේරුම් ගැනීම යථාභූත ඥාණ දර්ශණයයි.

ජීවත්ව සිටින සෑම කෙනෙකුටම හැම මොහොතකම කරන්න පුලුවන් දේවල් මෙන් ම කරන්න බැරි දේවල් තියනවා. හොඳටම ඔත්පල වී නැඟිට ගන්න, කථා කරන්න බැරි පුද්ගලයාට කටට දාන මිදි යුෂ ටික ගිලින්නවත් හැකියාවක් තියනවා.

වැදගත්ම දේ වන්නේ අප විසින් කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න තෝරා බේරාගෙන, ඒ ඒ තැන යුගයට, කාලයට හා අවශ්‍යතාවයට අනුව නිරවුල් කිරීමයි. කළ යුතු දේ නොකළ යුතු දේ හොඳින් තෝරා බේරාගන්නා තැනැත්තා කාගේත් ආදරය ගෞරවය දිනාගන්න සමත් වේ.

පවුල් සියයකට, වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල බෙදා දීම

අලුත්අ වුරුදු සමයේ පිං වැඩකට අත ගසමු.

2017 අප්‍රේල් මස 8 වැනිදා උදේ 9.30ට
ගෝමරය ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේදී,
අවශ්‍යතාවය ඇති පවුල් සියයකට, රුපියල් 3000/-ක් පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලය බැගින් බෙදා දෙන්නට අපේක්ෂා කරමි.

හාල් කිලෝ 10ක්
පරිප්පු කිලෝ 1ක්
කඩල කිලෝ 1ක්
මුංඇට කිලෝ 1ක්
බී ලූණු කිලෝ 1ක්
හාල් මැස්සන් කිලෝ 1ක්
ඉඟුරු බිස්කට් පැකට් 1ක්
මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් ආදී අවශ්‍ය දේ ඇතුළත් කරන්නටයි අදහස.

මේ සඳහා ඔබගේ දායකත්වය අතිශයින්ම කරුණාවෙන් අපේක්ෂා කරමි.
ඔබ ඒ සඳහා දායකවෙන්න කැමැති වේ නම් මා ( Wellawatte Seelagawesi Thero වැල්ලවත්තේ සීල ගවේසි  හාමුදුරුවෝ ) අමතන්න.
මෙන්න අංකය 071 99 44 772

අපගේ කෘතවේදීභාවය හදපතුලෙන්ම පිරිනමමි.
රත්නත්‍රයේ පිහිටෙන් සෑම යහපතක්ම ඔබට සැලසේවා!

හැකිඅය ශෙයාර් කර සහය දක්වන්න.
පිං කැමති අය තමන්ට හැකි පමණින් දායක වෙත්වා.

තෙරුවන් සරණයි.

 

Let’s be mindful and avoid our mistakes. Let’s develop make mind strong through concentration. Let’s pay attention for insight and find wisdom. Let’s understand Four Noble Truth and reach to Blissful Destination beyond Suffering.

Wellawatte Seelagawesi Thero

Human life is worth when Right Perception is taken place. The person is aware of his purpose and he does not cling to object. He maintain loving kindness and try his to best avoid anger. He is happy to find help for others and avoid harm. It is easy and possible for him to lead a life with happiness of blamelessness.