We are on the way to Rocky Mountain. It is wonderful that three of us are above 50. I am the oldest. We are very good friends and discuss what is worth to find peace and harmony. We are aware of internal peace. We are happy to be aware of our duty to influence our society for harmony. This discussion is based on community leadership. Instead of having arguments we respect ideas of each other.
Author: admin
Nice kids : Jaya and Ziggy

Water bottles donation for flood relief
Sagara Himi
පෙර දින රාත්‍රියේ දී ශ්‍රි සුමේධ භාවනා මධ්‍යස්ථානයෙහි ස්වාමීන් වහන්සේලා විසින් පානිය ජල බෝතල් දහසක් භාග්‍යවතුන් වහන්සේ වටා තැන්පත් කොට පිරිත් කරන ලදි. අද දින එම පානීය ජල බෝතල් අවතැන් වූ පිරිස් සිටින තැන්වලට යවන්නට කටයුතු යොදනවා. තවද හෙට දිනයේ තවත් ලීටර් 5 වතුර බෝතල් 1000ක් ගෙනගිහින් බාරදීමට කටයුතු කරගෙන යන අතර තවත් ලැබෙන වියලි ආහාර, ඇදුම් ආදිය ද සුදුසු පරිදි යොමු කරන්නට කටයුතු කරගෙන යනවා.
මෙසේ අප රැස් කරනා සියලු කුසල ධර්මයන්ගේ බලයෙන්, දිවයිනට බලපා ඇති ආපදා තත්වය ඉතාමත් ඉක්මනින් දුරුවී යේවා.
දුකට පත් මිනිසුන්ගේ සිත් වලට අස්වැසිල්ලක් වේවා.
මේ කටයුතු සංවිධානය කරන පුජණීය සිරිනන්ද ආයුෂ්මතුන් වහන්සේ ඇතුළු කාර්‍ය්‍ය මණ්ඩලයටත්, මේ සියලු කටයුතු පිටුපස සිටිමින් දිවයිනෙන් බැහැර වැඩ සිටියත් මේ කටයුතු වලට අවශ්‍ය ආධාර, සහා උපදෙස් ලබාදෙමින් කටයුතු කරන පුජණීය සීලගවේසී ස්වාමීන් වහන්සේටත් Wellawatte Seelagawesi Thero සියලු රැකවරණ වේවා. මේ උතුම් කුසල් බලයෙන් කරන සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක බවට පත්වේවා
සැමට තෙරුවන් සරණයි
https://www.facebook.com/Venssthero/posts/10212848111505634
Wellawatte Seelagawesi Thero
ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේ ජල උල්පත හරිම පිරිසිදුයි. අපට ලැබිලා තිබෙන ජල සහතිකයත් හරි ඉහළයි. අපි නිතරම මේ ජලය filters කරලා, බෝතල් කරලා, පිරිත් කරලා රෝගීන්හට බෙදා දෙනවා.
මේ වෙලාවේ අපගේ ගෞරවණීය සිරිනන්ද ආයුෂ්මතුන් වහන්සේට යෝජනා කළා අවතැන් වූ අපගේ ජනතාවට ඉමහත් කරුණාවෙන් පානිය ජල බෝතල් 5000ක් පමණ සකස් කර ලබාදෙන්න කියා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ වෙනුවෙන් සතුටින් ඉදිරිපත් වුනා.
සමහර අය පිටරට ජීවත්වන අපේ අයට දොස් කියනවා. ඒ අයත් මේ ගැන කම්පාවෙලා ඉන්නේ. ක්ෂණිකව අවශ්‍ය උදව් කරන්න අවශ්‍ය තරම් රටේ පිබිඳීමක් තියනවානේ. වැඩියෙන් උපකාර අවශ්‍ය වන්නේ පසුකාලීනවයි. අපේ අය ඒ වෙනුවෙන් සංවිධානය වේවි. ටිකක් දූරදර්ශීව හිතන පතන එක හොඳයි. ලෝකයාට දොස් කියලා උදව් ගන්න පුලුවන්කමක් නැහැ. හදවත් ඇති කවුරුත් කම්පා වෙනවා.
“පුතෙක් ඉතා සැර ජල පහරකට ඇද වැටුනම අම්මට ජල පහරට පනින්න පුලුවන්. හැබැයි දරුවා බේරගන්න නම් බැහැ. අම්මත් මිය යන බව පැහැදිලියි. දරු දුක ඇති අම්මා එය ඉවසාගෙන, මියගිය දරුවා වෙනුවෙන් පින්කම් කරමින් අවශ්‍ය නම් තවත් දරුවෙකු හදාගැනීමයි සාධාරණ වන්නේ.”
මේ රටේ බොහෝ යහපත් දේ සිදුවන්නේ ප්‍රජා සහභාගිත්වයෙන් හා ප්‍රජා සහයෝගයෙන් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවත් නිතර අත හිත දෙන බව හිතට ගන්න. උදව් නොකරන අයට රිදෙන්නේ නැහැ. රිදෙන අයයි උදව් කරන්නේ. මේ කාරණාව මා අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ සමහර අදූරදර්ශී post දකින්න ලැබුන නිසයි.
හිත් රිදවාගන්නේ නැතිව, අවදානම් තත්ත්ව සියල්ලක්ම තේරුම්ගෙන, ඉවසීමෙන් හා කරුණාවෙන් කටයුතු කරමු. සියලු දෙනාගේම කැපවීම් ආශීර්වාදයක් වේවා!


Sri Sumedha Monastery, Rathana suththraya Sajjayana for well wishing flood affected people
අප විසින් විපතට පත් සහෝදර ජන්තාව ට ආසිර්වද පිනිස 8 30 ට
තුන්සූත්‍රය
රතන සූත්‍රය 07
ජය පිරිත
යන පිරිත් දේශනාවන් පවත්වන්නට සූදානම් වන අතර ඔබ සැම් ඔබට හැකි අයුරින් එම වෙලව තුල පිරිත් සජ්ජායනය කර මේ වරශාපතනය නතර වී සැමට රැකවර්ණය
සැළසේවායි ආසිර්වද ප්‍රාර්ථනා එක්කරන්න

Sri Sumedha Monastery
Mediation program at Metta Vihara in Houston
අද උදේ Houston මෙත්තා විහාරයේ සීල සමාදාන වැඩ සටහනක් ආරම්භ කළා. එය ඉතාමත් හොඳින් සිදුවන බවයි දැනෙන්නේ. සංඛට බොහෝමත් පින් සිදුවෙනවා. විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයට අපගේ ගෞරවයත් කෘතවේදීභාවයත් පළ කර සිටිනවා
Now I am in Metta Vihara in Houston. Sanka picked me from the Airport. He is a friend of mine for more than 20 years. I heard that there are a lot of friends of mine in Houston. I am grateful to every one. I wish that you may find the benefit of this visit to Houston!
Sri Lanka be safe
උදේන්ම අවදි වෙලා බුදුගුණ ආශීර්වාදය කළා. ලක්වාසී සියලු දෙනාගේම හදවත්වල ඇති බිය වේදනාව දුරුවීම පිණිස මේ ස්වභාවික තත්ත්වය වෙනස් වේවා! කියා ප්‍රාර්ථනා කළා. අප හැම දෙනාටම ඇති මේ අභියෝගය ජය ගන්න ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වැඩිවේවා යන ප්‍රාර්ථනාව හිතේ දරාගෙන නිතරම කටයුතු කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

යහපතෙහි යෙදෙන්න. ලැබෙන සහයෝගය අගය කරන්න. විරුද්ධකම් නොසලකා හරින්න. විරුද්ධවාදීන්ගේ ඇසුර අත්හරින්න. සහයෝගය දෙන අයම ප්‍රාර්ථනා කරන්න. ඒ සඳහා වූපසම අධිෂ්ඨානයම ගරු කරන්න.
Wishing better health to Shana Bell
අද දවසේ ගිලන්පස සඳහා මාහට Shana Bell ආරාධනා කළා. ඇය බුදුදහමට නැඹුරු වූ අන්දම පැහැදිලි කළා. ඇයට Kienbock’s Disease හැදිලා ඒක ශල්‍ය කර්මයකට ලක් කරන්න අවශ්‍යයි කියලා. මෙය අතේ ඇටවල මිය යාමක් ලෙසයි හඳුන්වන්නේ.
ඇය තායිලන්තයේදී බොහෝම කාරුණික අයගේ බෞද්ධ චිකිත්සා ක්‍රමයකට සුවපත් වුනා ය කියලයි කියුවේ. ඉතින් මේ නිසා ඇය බුදුදහමට ලැදිව, කටයුතු කරන අතර ස්වේච්චාවෙන් මත්පැන්. මත්ද්‍රව්‍ය, වෙනත් හේතු නිසා මානසිකව වැටුනු අයට සති චිකිත්සාවෙන් උපකාර කරන කෙනෙක්. ඇය එම කටයුත්ත මහත් පරිශ්‍රමයකින් කරන අතර විශාල සතුටක් ලබන බවයි පැහැදිලි වූයේ. ඇයගේ අසනීපය පිළිබඳ කතාව ඔබ සමඟ බෙදාගන්නත්, ලිපියක පින්තූර මෙහි පළ කරන්නටත් ඇයගේ අනුමැතිය ලැබුනා.
තමා ලත් සුවය දිවිහිමියෙන් පවත්වා ගන්නට සෙත් පතන්නයි කියා ඇය මගෙන් විශේෂ ඉල්ලීමක් කළා. එය මා සතුටින් ඉටුකරන බව දන්වා සිටියා.

Donations to Mawanella Hospital
පාවිච්චි කරන ලද හොඳ තත්ත්වයේ රෝහල් උපකරණ තොගයක් මාවනැල්ල රෝහල වෙනුවෙන් අපි මිළදී ගත්තා. එහි මුලු වටිනාකම වුනේ රුපියල් 11,77,350/-ක්.
එයින් රුපියල් 6,30,850/-ක් පරිත්‍යාග වශයෙන් අඩුකොට තිබුණා. අපට ගෙවන්න සිදුවූයේ රුපියල් 5,41,500/-ක්. මේක ලොකු භාග්‍යයක්. දැන් මාවනැල්ල රෝහලේ කාර්මික නිලධාරීන් ඒ සියල්ල භාවිතා කරන්න සුදුසු තත්ත්වයට අවශ්‍ය අලුත්වැඩියා කිරීමෙහි නිරත වන බව දැනගන්න ලැබුණා. ඉතින් මේ කටයුත්තට සහසම්බන්ධ වූ සියලු දෙනාට කෘතවේදීභාවය පළ කර සිටිනවා. මේ පින්කම්වල ආනුභාව බලයෙන් මේ ශ්‍රී ලංකාද්වීපය සියලු දෙනාටම ක්ෂේමභූමියක් වේවා!

————————————-
මේ වෙලාවේ මට හරිම සතුටුයි. අද දවල් වනවිට ගිලන් ඇඳන් 20ක්, කිහිලිකරු, රෝද ඇති walkers. ඇඳ ඇතිරිලි ආදීය මාවනැල්ල රෝහලට ප්‍රවාහනය කරලා. මා දන්නා තරමින් රුපියල් ලක්ෂ හතක් පමණ වටිනාකම ඇති භාණ්ඩ. මේවා අලුත් ම ඒවා නොවුනත් හොඳ තත්ත්වයෙන් තියනවා. මේ සියල්ල මිළදී ගන්න බොහෝ දෙනා උපකාර වුනා. වෛද්‍ය ලක්මාල් මල්ලී පින්තූර ටිකක් එවාවි කියලා මා විශ්වාස කරනවා.
ප්‍රජා සුභසාධනය පිණිස උනන්දු වන මා හට උදව් උපකාර වන දායක පිරිසක් සිටීම සම්බන්ධව මා සතුටු වෙනවා. වඩාත් අල්පේච්ඡ ජීවන ප්‍රතිපදාවකට ගරුකරමින් දායක පිරිසත් එසේ සකස් කරගනිමින් මෙවැනි යහපතක් කරන්නට ලැබීම වාසනාවක් ලෙස මා සලකනවා. මේ කටයුත්තට සෑම ආකාරයෙන් ම උදව් උපකාර කළ සැමට අපගේ හදපිරි කෘතවේදීභාවය පළ කර සිටිනවා. මේ පින් බලයෙන් සියලු උවදුරු දුරු වී රටට යහපතත්, සෞභාග්‍යයත් උදාවේවා! 26/05/17

සියලු දෙනාගේ අධිෂ්ඨාන බලයෙන් වැස්ස නතර වේවා!
උවදුරු මඟහැරේවා යන චේතනාව අධිපති කරගෙන අධිෂ්ඨානපූර්වකව සත්‍යක්‍රියා කරන්නට මා හැමවිටම උනන්දු වන්නේ රටින් බැහැරව සිටින මාහට කළ හැකි හොඳම මෙය නිසාවෙනි.
උදව් උපකාර වන සියලු දෙනාට යෝධබල – යෝධ ශක්තිය ලැබේවා!
මේ විපත් කරදර ආරංචි වූ මොහොතේ පටන් මා බුදුගුණ ඇසුරින් සත්‍යක්‍රියා කරනවා. අදත් උදේ 4.30 අවදි වී භාවනා කර සත්‍යක්‍රියා කළා. මේ විපත් දුරුවේවා යන පරමාධ්‍යාශයෙන් සත්‍යක්‍රියා කරන්නට මේ බුදුගුණ ආශීර්වාදය OneDrive එකෙන් download කරගන්න. ශ්‍රී ලංකාද්වීප සියලු වැසියන්ගේ දුක් කරදර දුරුවේවා!
Meya download kara e esurin lankawasi hema denatama seth pathanna.