Water bottles donation for flood relief

Sagara Himi

පෙර දින රාත්‍රියේ දී ශ්‍රි සුමේධ භාවනා මධ්‍යස්ථානයෙහි ස්වාමීන් වහන්සේලා විසින් පානිය ජල බෝතල් දහසක් භාග්‍යවතුන් වහන්සේ වටා තැන්පත් කොට පිරිත් කරන ලදි. අද දින එම පානීය ජල බෝතල් අවතැන් වූ පිරිස් සිටින තැන්වලට යවන්නට කටයුතු යොදනවා. තවද හෙට දිනයේ තවත් ලීටර් 5 වතුර බෝතල් 1000ක් ගෙනගිහින් බාරදීමට කටයුතු කරගෙන යන අතර තවත් ලැබෙන වියලි ආහාර, ඇදුම් ආදිය ද සුදුසු පරිදි යොමු කරන්නට කටයුතු කරගෙන යනවා.

මෙසේ අප රැස් කරනා සියලු කුසල ධර්මයන්ගේ බලයෙන්, දිවයිනට බලපා ඇති ආපදා තත්වය ඉතාමත් ඉක්මනින් දුරුවී යේවා.

දුකට පත් මිනිසුන්ගේ සිත් වලට අස්වැසිල්ලක් වේවා.

මේ කටයුතු සංවිධානය කරන පුජණීය සිරිනන්ද ආයුෂ්මතුන් වහන්සේ ඇතුළු කාර්‍ය්‍ය මණ්ඩලයටත්, මේ සියලු කටයුතු පිටුපස සිටිමින් දිවයිනෙන් බැහැර වැඩ සිටියත් මේ කටයුතු වලට අවශ්‍ය ආධාර, සහා උපදෙස් ලබාදෙමින් කටයුතු කරන පුජණීය සීලගවේසී ස්වාමීන් වහන්සේටත් Wellawatte Seelagawesi Thero සියලු රැකවරණ වේවා. මේ උතුම් කුසල් බලයෙන් කරන සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක බවට පත්වේවා

සැමට තෙරුවන් සරණයි

https://www.facebook.com/Venssthero/posts/10212848111505634

Wellawatte Seelagawesi Thero

ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේ ජල උල්පත හරිම පිරිසිදුයි. අපට ලැබිලා තිබෙන ජල සහතිකයත් හරි ඉහළයි. අපි නිතරම මේ ජලය filters කරලා, බෝතල් කරලා, පිරිත් කරලා රෝගීන්හට බෙදා දෙනවා.

මේ වෙලාවේ අපගේ ගෞරවණීය සිරිනන්ද ආයුෂ්මතුන් වහන්සේට යෝජනා කළා අවතැන් වූ අපගේ ජනතාවට ඉමහත් කරුණාවෙන් පානිය ජල බෝතල් 5000ක් පමණ සකස් කර ලබාදෙන්න කියා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ වෙනුවෙන් සතුටින් ඉදිරිපත් වුනා.

සමහර අය පිටරට ජීවත්වන අපේ අයට දොස් කියනවා. ඒ අයත් මේ ගැන කම්පාවෙලා ඉන්නේ. ක්ෂණිකව අවශ්‍ය උදව් කරන්න අවශ්‍ය තරම් රටේ පිබිඳීමක් තියනවානේ. වැඩියෙන් උපකාර අවශ්‍ය වන්නේ පසුකාලීනවයි. අපේ අය ඒ වෙනුවෙන් සංවිධානය වේවි. ටිකක් දූරදර්ශීව හිතන පතන එක හොඳයි. ලෝකයාට දොස් කියලා උදව් ගන්න පුලුවන්කමක් නැහැ. හදවත් ඇති කවුරුත් කම්පා වෙනවා.

“පුතෙක් ඉතා සැර ජල පහරකට ඇද වැටුනම අම්මට ජල පහරට පනින්න පුලුවන්. හැබැයි දරුවා බේරගන්න නම් බැහැ. අම්මත් මිය යන බව පැහැදිලියි. දරු දුක ඇති අම්මා එය ඉවසාගෙන, මියගිය දරුවා වෙනුවෙන් පින්කම් කරමින් අවශ්‍ය නම් තවත් දරුවෙකු හදාගැනීමයි සාධාරණ වන්නේ.”

මේ රටේ බොහෝ යහපත් දේ සිදුවන්නේ ප්‍රජා සහභාගිත්වයෙන් හා ප්‍රජා සහයෝගයෙන් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවත් නිතර අත හිත දෙන බව හිතට ගන්න. උදව් නොකරන අයට රිදෙන්නේ නැහැ. රිදෙන අයයි උදව් කරන්නේ. මේ කාරණාව මා අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ සමහර අදූරදර්ශී post දකින්න ලැබුන නිසයි.

හිත් රිදවාගන්නේ නැතිව, අවදානම් තත්ත්ව සියල්ලක්ම තේරුම්ගෙන, ඉවසීමෙන් හා කරුණාවෙන් කටයුතු කරමු. සියලු දෙනාගේම කැපවීම් ආශීර්වාදයක් වේවා!

 

 

Mediation program at Metta Vihara in Houston

අද උදේ Houston මෙත්තා විහාරයේ සීල සමාදාන වැඩ සටහනක් ආරම්භ කළා. එය ඉතාමත් හොඳින් සිදුවන බවයි දැනෙන්නේ. සංඛට බොහෝමත් පින් සිදුවෙනවා. විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයට අපගේ ගෞරවයත් කෘතවේදීභාවයත් පළ කර සිටිනවා

Now I am in Metta Vihara in Houston. Sanka picked me from the Airport. He is a friend of mine for more than 20 years. I heard that there are a lot of friends of mine in Houston. I am grateful to every one. I wish that you may find the benefit of this visit to Houston!

Consultancy at Kalubowila Hospital

අද දහවල් කලුබෝවිල රෝහලට මා වැඩම කළා යහලුවෙකු සමඟ. ඔහුගේ නංගී අවුරුදු 15ක් දුක් විඳිනවා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය නිසා. අම්මයි තාත්තායි දෙන්නාම මිය ගිය නිසාවෙන් ඇති වු තනිකමයි ඊට හේතුව. ඇය මුස්ලිම් නමුත් මා කතා කළ කල්හි සෑහෙන්න සන්සුන් වන නිසා අවුරුදු දෙකක් තිස්සේ ඇයගේ අයියා ඉඩකඩ ඇති අවස්ථාවල මාව වැඩම කරවාගෙන යනවා.

අද අපට පුලුවන් වුනා තවත් දෙදෙනෙකුට ඇහුම්කන් දෙන්න. ඒ අයට අස්වැසිල්ලක් වෙන්න. රෝහලෙන් discharge කළහම මේ අයට ඉන්න තැනක් ලංකාවේ හොයාගන්න අමාරු නිසා විශාල ප්‍රශ්න මතුවෙනවා. Occupational Therpy, Behavior Therapy, Grief Therapy, Mindful Therapy ආදිය අපේ රටේ හරියාකාරව කරන්න පහසුකම් නැති නිසා මේ අයට නිසි මගපෙන්වීමක් ලබාගන්න අමාරුයි.

අද අපට ඒ වෙනුවෙන් සංවිධානය වෙන්න සිදුවී ඇත්තේ මේ අයට පිහිටවීම අත්‍යවශ්‍ය නිසයි. මා මේ ගැන කිහිප දෙනෙකු සමඟ කතා කළා. Mental Health Care Centers දීප ව්‍යාප්තව ආරම්භ කරන්න හැකි නම්, එය විශාල සේවයක් බව අපට පැහැදිලිව පෙනෙනවා.

https://en.wikipedia.org/wiki/Collective_behavior

http://www.goodtherapy.org/learn-about-therapy/issues/grief

https://en.wikipedia.org/wiki/Occupational_therapy

https://en.wikipedia.org/wiki/Collective_behavior

https://en.wikipedia.org/wiki/Mindfulness-based_cognitive_therapy

Seelagawesi Thero වැල්ලවත්තේ සිලගවේසි ස්ථවිරයන් වහන්සේ