අද දහවල් කලුබෝවිල රෝහලට මා වැඩම කළා යහලුවෙකු සමඟ. ඔහුගේ නංගී අවුරුදු 15ක් දුක් විඳිනවා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය නිසා. අම්මයි තාත්තායි දෙන්නාම මිය ගිය නිසාවෙන් ඇති වු තනිකමයි ඊට හේතුව. ඇය මුස්ලිම් නමුත් මා කතා කළ කල්හි සෑහෙන්න සන්සුන් වන නිසා අවුරුදු දෙකක් තිස්සේ ඇයගේ අයියා ඉඩකඩ ඇති අවස්ථාවල මාව වැඩම කරවාගෙන යනවා.
අද අපට පුලුවන් වුනා තවත් දෙදෙනෙකුට ඇහුම්කන් දෙන්න. ඒ අයට අස්වැසිල්ලක් වෙන්න. රෝහලෙන් discharge කළහම මේ අයට ඉන්න තැනක් ලංකාවේ හොයාගන්න අමාරු නිසා විශාල ප්‍රශ්න මතුවෙනවා. Occupational Therpy, Behavior Therapy, Grief Therapy, Mindful Therapy ආදිය අපේ රටේ හරියාකාරව කරන්න පහසුකම් නැති නිසා මේ අයට නිසි මගපෙන්වීමක් ලබාගන්න අමාරුයි.
අද අපට ඒ වෙනුවෙන් සංවිධානය වෙන්න සිදුවී ඇත්තේ මේ අයට පිහිටවීම අත්‍යවශ්‍ය නිසයි. මා මේ ගැන කිහිප දෙනෙකු සමඟ කතා කළා. Mental Health Care Centers දීප ව්‍යාප්තව ආරම්භ කරන්න හැකි නම්, එය විශාල සේවයක් බව අපට පැහැදිලිව පෙනෙනවා.
https://en.wikipedia.org/wiki/Collective_behavior
http://www.goodtherapy.org/learn-about-therapy/issues/grief
https://en.wikipedia.org/wiki/Occupational_therapy
https://en.wikipedia.org/wiki/Collective_behavior
https://en.wikipedia.org/wiki/Mindfulness-based_cognitive_therapy
Seelagawesi Thero වැල්ලවත්තේ සිලගවේසි ස්ථවිරයන් වහන්සේ