මහනුවර මගතොට සපත්තු මහන්නන් හට වියළි ආහාර ද්‍රව්‍ය


The October 2017 Program of Seelagawesi Thero has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
අද හවස සඳුන් අරණ අවට දරුවන්හට මෙසේ පාසැල් උපකරණ බෙදාදීමත්, දෙමව්පියන්හට ආහාර ද්‍රව්‍ය ලබාදීමත් සිදුකරනු ලැබිනි. මේ සඳහා උදව් උපකාර වූ සියලුම දෙනාට අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි.
සැප්තැම්බර් මස 10 වැනිදා හවස දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබන පාර්සල් 30ට අඩංගු කරන දේවල් මෙසේ සටහන් කරමි.
පිටු 120 තනිරූල් පොත් 6
පිටු 120 කොටුරූල් පොත් 3
පිටු 120 CR පොත් 2
පැන්සල් 1
පෑන් 3
කටර් 1
චිත්‍ර පොත් 1
පැස්ටල් පෙට්ටි 1
ක්ලේ පෙට්ටි 1
රත්න සම්බා හාල් kg 5
මයිසූර් පරිප්පු kg 1
වටානා පරිප්පු kg 1
මුංඇට kg 1
කඩල kg 1
highland කිරිපිටි පැකට් 1
මෙම මහඟු කටයුත්තට උරදෙන්නා වූ, සහභාගී වන්නා වූ සියලු දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි. සියලු සත්වයෝ සැපසේ සුවසේ කටයුතු කරත්වා!
Wellawatte Seelagawesi Thero, Nissarana Meditation. Sandun Arana Senasanaya

උදේ පහට භාවනාව පිණිස ඉඳගත්තා. අනතුරුව විනාඩි හතලිස් පහක් සක්මන් භාවනාවේ යෙදුනා. පසුව බුද්ධඤාණ සම්මර්ශණ භාවනාවේ නිරත වුනා. හවස දළඳා මාලිගාවේදී බුදුගුණ භාවනාවේ නිරත වුනා. මේ දැන් මාතලේදී දෙවැනි බණවර දේශනාව අවසන් කළා.
අද දවස ගෙවුනු ආකාරය පිළිබඳව ඇත්තේ ඉමහත් සතුටක්.
One may find miracles when he determines to integrate compassion and wisdom.
රුපියල් 3500/-ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලය බැගින්, මහනුවර වීදිවල සපත්තු මහන්නන් 25 දෙනෙකුට පරිත්‍යාග කරන්නට මා තුල කැමැත්තක් වේ. ඒ කටයුත්ත ඔක්තෝබර් මස 11 වැනිදා හවස සිදුකරන්නට අපේක්ෂා කරමි. ඒ වෙනුවෙන්මෙ මිතුරන්ම කිහිප දෙනෙකුගේ සහයෝගය දැනට ලැබී ඇත. මෙම කටයුත්තට දායක වෙන්නට කැමැති අය මා අමතන්න 077 896 1015. අනුග්‍රහ බුද්ධියෙන් කරනු ලබන මෙම පින්කම කාටත් සැපය සුවය පිණිස හේතු වේවා!

හිතේ හැටියට ලෝකය ගලපන්න යාමෙන් තමා වෙහෙසට පත් වෙනවා. හිත නිදහස් කරගන්න උත්සහ කිරීමයි වටින්නේ.
රිදෙන නිසාම තමයි ඉවසන්න ඕනෑ. නැත්තම් කිපිලා වඩාත් වේදනා සහගත ප්‍රශ්න ඇති කරගන්න වෙනවා.
හෙට හවස 3.30ට මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී, ගිරිමානන්ද සූත්‍රය සජ්ඣායනා කර සියලු ලෝවැසියන්හට සෙත් පැතීමට නියමිතයි.
හෙට උදේ 9.00 සිට හවස 4.00 දක්වා භාවනා වැඩ සටහනක් සඳුන් අරණ සේනාසනයේදී පැවැත්වෙනවා.
Wellawatte Seelagawesi Thero