Anapanasati meditation

ඊයේ හවස තරුණ පිරිසක් එක්ක ගත කරන්නයි කටයුතු යොදාගෙන තිබුනේ. ආනාපාන සති භාවනාවේ යෙදී, ධරම සාකච්ඡාවක නිරත වෙලා, පිරිත් දේශනා කළා. දරුවන්ගේ අනාගතය පිළිබඳව දෙමව්පියන් තුල ඇති කනස්සල්ල ගැන ඉතා පැහැදිලි කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙමි. දරුවන්ට හොඳින් වටහා ගැනීමේ ශක්තියක් ඇති බව දෙමව්පියන් පිළිගන්නට මැලිවීම නිසා ඇති වන දුරස්ථභාවය ගැන වඩාත් හොඳින් අවධානය යොමු කරන්නට හැකිවීම සතුට වැඩිවන්නට හේතුවක් වුනා.

Australia visit 11,12/2017

නොවැම්බර් 2 රාත්‍රියේදී සිඩ්නිවලට වැඩම කළ අතර එදා මෙදාතුර සියලු දෙනා අපව හොඳින් බලාගත් අතර වටිනා සහයෝගයක් ලැබුනි. සියලු දෙනා කෙරෙහි ඉමහත් කරුණාවෙන් අපගේ කෘතවේදීභාවය පළ කරසිටිමි. මේ වෙලාවේ බ්‍රිස්බේන් යාම සඳහා ගුවන් තොටුපලේ සිටිමි. අප විසින් කරගන්නට යෙදුනු පින් සියලු දෙනා අනුමෝදන් වෙත්වා!

Dalada Maligawa Pirith Sajjayana /Seelagawesi Thero

අද උදේ දුප්පත් අයට ඉඳියප්පන් පාර්සල් බෙදාදීමෙන් පසු සුදු නෙලුම් මල් පූජාව, මෛත්‍රී භාවනාව හා බොජ්ඣංග දේශනාව මහනුවර දළඳා මාලිගාවේදී සිදු කර ඇති බව සතුටින් සිහිපත් කරමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

සීලගවේසී හාමුදුරුවෝ ,Seelagawesi Thero

Musical instrument donations to Kalwana National School

ඔක්තෝබර් 13 වැනිදා කලවාන ජාතික පාසැලට වැඩම කළේ පෙරදිග සංගීත භාණ්ඩ පරිත්‍යාග කරන්නයි. පසුගිය ගංවතුර නිසා සංගීත කාමරයට විශාල අලාභ හානි සිදු වූ නිසයි, මේවා පරිත්‍යාග කරන්අන අපි කල්පනා කළේ. පාසැලේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය නායකයෙකු හා තවත් දරුවෙකු පවුල් පිටින් මිහිසන් වූ බවත් දැනගන්න ලැබුනා.

මේ අනුවේදනීය කතා ප්‍රවෘත්ති නිසා කරුණාව අරමුණු කරගත් භාවනාව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති වුනා. දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය පිණිස මෙවැනි යහපතක් කරන්න ලැබීම ගැන අතිශයින් සතුටු වන මා උදව් උපකාර කළ හැමෝටම කෘතවේදීභාවය පළ කරනවා