Daily Meditation

උදේ පහට භාවනාව පිණිස ඉඳගත්තා. අනතුරුව විනාඩි හතලිස් පහක් සක්මන් භාවනාවේ යෙදුනා. පසුව බුද්ධඤාණ සම්මර්ශණ භාවනාවේ නිරත වුනා. හවස දළඳා මාලිගාවේදී බුදුගුණ භාවනාවේ නිරත වුනා. මේ දැන් මාතලේදී දෙවැනි බණවර දේශනාව අවසන් කළා.
අද දවස ගෙවුනු ආකාරය පිළිබඳව ඇත්තේ ඉමහත් සතුටක්.

Meditation

නිස්කලංක දියපාරක් අයිනේ, ගලක් උඩ ඉඳගන්න. ඇස් දෙක වහගන්න. මෙහෙම හිතන්න.
මම වෛර නොකරමි. ඉවසමි.
කෝප නොවෙමි. ඉවසමි.
මම මෛත්‍රී සහගත වන්නමි. කරුණාවන්න වන්නෙමි.
අන් අයගේ සැපතේදී සතුටු වන සිත් ඇත්තෙක් වන්නෙමි.
අෂ්ඨ ලෝක ධර්මය හමුවේ කම්පා නොවන්නෙමි.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

Seelagawesi Thero