ජනවාරි මස 4 වැනිදා නෙලුම් මල් පූජා කර, මෛත්‍රී භාවනාවේ නිරත වී, මහා කස්සපත්ථේර බොජ්ඣංග පිරිත, මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග පිරිත, මහා චනුදත්ථේර බොජ්ඣංග පිරිත හා බොජ්ඣංග පිරිත දේශනා කර ලෝවැසියන්හට ආශීර්වාද කරන්නට වූයෙමු.

ජනවාරි මස 4 වැනිදා නෙලුම් මල් පූජා කර, මෛත්‍රී භාවනාවේ නිරත වී, මහා කස්සපත්ථේර බොජ්ඣංග පිරිත, මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග පිරිත, මහා චනුදත්ථේර බොජ්ඣංග පිරිත හා බොජ්ඣංග පිරිත දේශනා කර ලෝවැසියන්හට ආශීර්වාද කරන්නට වූයෙමු.

The January 2018 Program of Seelagawesi Thero has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
සෑම කටයුත්තකම අනලසව යෙදෙන්න. වඩාත් නිර්මාණශීලි නුවණින් කටයුතු කළමණාකරණය කරන්න. දක්ෂ අත්දැකීම් බහුල චරිතයක හිමිකරුවෙකු වේ.
I have no idea to fight against evil. I want to be strong for goodness. Stability of mind may overcome evil.
නැති බැරි අයට දීම බොහෝම අගෙයි. යමක් කළ හැකි දක්ෂතාවයක් ඇති අයගේ අඩුපාඩුකම් ඉටුකිරම වඩාත් ඉදිරියට යන පරිත්‍යාගයක්. අත්හැරීම පරම අරමුණ වශයෙන් තබාගෙන ක්‍රියාත්මක වන පරිත්‍යාගය ඉතා දුර්ලභ වු ප්‍රතිපදාවක්. මේ තුන් කටයුත්තේම යෙදෙන්නා දුර්ලභ වාසනාවකට හිමිකම් කියන්නෙක්.
බොහෝ දෙනාගේ උදව් උපකාර ඇතිව දරුවන් 70 දෙනෙකුට පමණ පාවහන්, හා පාසැල් උපකරණ බෙදාදෙන්නත්, රසවත් ආහාර වේලක් සපයා දෙන්නත් අපට අවස්ථාව උදාවුනා. සඳුන් අරණ සේනාසනයේදී මේ මහඟු කටයුත්ත සිදුවූ අතර අහම්බෙන් මහාචාර්ය මයික් සෙඩ්වික් මහත්මා සහභාගී වුනා.
අපට හිතාගන්න බැරිතරම් පුදුම විදියට කටයුතු සංවිධානය පුලුවන් වුනා. ලැබුනු බෑග් පිටේ එල්ලගෙන ඒ දරුවන් සතුටින් සිටිය හැටි දුටුවාම බොහෝ දෙනෙකුට කඳුලු උනනු මා දුටුවා.
දෙසිය දෙනෙකුට පමණ ආහාර සකස් කළ අතර පන්සිය දෙනෙකුට වැඩි පිරිසකට ආහාර සපයා දෙන්නට හැකි වුනේ කොහොමද කියා මට හිතාගන්න බැහැ.
මේ සඳහා විවිධ අන්දමින් සහයෝගය දුන් හැමෝටම අපගේ කෘතවේදීභාවය පළ කරසිටිනවා.

අද උදේ මහියංගන බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කරමින් මල් 500ක් පූජා කොට, ධජග්ග සූත්‍ර දේශනාව කොට, තිලක්ඛණ භාවනා සිදුකොට සියලු ලෝවැසියන්හට ආශීර්වාද කළෙමු. එම අවස්ථාව අපට මහත් භාග්‍යයක් විය. මේ මල් පූජාව සඳහා ලැබුනු අතිරේක ආධාර පසුකාලීන පින්කම්වලට යොදාගනු ඇත.

දෙසැම්බර් මස 12 වැනිදා හවස මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී ගිරිමානන්ද සූත්‍ර දේශනාව සජ්ඣායනා කළ අතර පිරිත් නූල් බෙදා දෙනු ලැබීය.
මේ පින්තූර එවීම සම්බන්ධයෙන් නිමන්තට කෘතවේදීභාවය පළ කර සිටිමි.
වැල්ලවත්තේ සීලගවේසී හිමි
ඊයේ රාත්‍රියේදී හදවත් සැත්කමකට භාජනය කළ, දෙමස් වියැති පුතෙකුට සෙත් පතන්න, දැඩි සත්කාර ඒකකයට අද වැඩම කළා. දරුවා හොඳට දෑස් ඇර අපගේ සෙත්පැතීම් භාරගත්තා. ඔහුගේ නීරෝගීභාවය තහවුරු වන බව අපගේ බලවත් විශ්වාසයයි.
කයොන් නම් මේ පුතුගේ සුවපත්භාවය වෙනුවෙන් දායක වන්නට කැමැති කෙනෙක් වේ නම් ඇනවුම් පිරිත, මෙත්තානිසංස සූත්‍රය, ඛන්ධ පිරිත, කරුණීයමෙත්ත සූත්‍රය හා ජය පිරිත දේශනා කර සෙත් පතන්න.