අද උදේ 7.39 ට සඳුන් අරණ සෙනසුනේදී ආනන්ද බෝධි අංකුරයක් රෝපණය කරන්නට යෙදුනා. පසුගිය වසරේ රෝපණය කළ බෝධිය මියගිය බැවින් මෙසේ නැවතත් බෝධි රෝපණයට කටයුතු යෙදාගත්තා.
Author: admin
ශ්‍රී දළඳා මාලිගාවේ පූජාව (Wellawatte Seelagawesi Thero)
ශ්‍රී දළඳා මාලිගාවේදී මල් පූජා කිරීමත්, මෛත්‍රී භාවනාවත්, බොජ්ඣංග ධර්ම සජ්ඣායනාවත් ඇසුරින් සියලු ලෝවැසියන්හට සෙත් පතන්නට අවස්ථාව ලැබුනා.

Ven Seelagawesi Thero, Kewick Buddhist Temple, Perth Children and Adults Programme 8th Dec 2017 Pa
2018 February Program of Seelagawesi Thero වැල්ලවත්තේ සීලගවේසී හිමි
The February 2018 Program of Seelagawesi Thero has been scheduled. You may also have the benefit of it. May everyone be happy, healthy, peaceful and content!
Access the program from this link 2018/01 Program
අරමුණු සමඟ ගැටෙන සිත
පටිසන්ධියේ පටන් චුති චිත්තය දක්වා ඇති සියලුම අත්දැකීම් ජීවිතයක් තීරණය කරයි. කාමාවචර ලෝකවල අරමුණු වෙනස්වන බැවින් භවාංග පතන අනුව අලුත් චිත්තවීදි ගොඩනැඟේ. බොහෝවිට මේ අරමුණු සමඟ ගැටෙන සිත වෙහෙසට පත්වේ. දොම්නස උපදී.
ධ්‍යානලාභී අය බ්‍රහ්මලෝකවල පටිසන්ධිය ලබත් පටිසන්ධියේ පටන් චුති චිත්තය දක්වාම පවතින ධ්‍යාන සිත ජවන්සිත්වල පවතින බැවින් තදාරම්මණයද භවාංග පතනයද සිදු නොවේ. එය ශාන්ත වූද, ප්‍රනීත වූද අත්දැකීමක් බවට පත්වේ.
විශ්වාසය
කරුණාවන්ත අය මුලින්ම කරන්නේ පිහිට පතන කෙනාගේ බිය තුරන් කොට විශ්වාසය ඇති කිරීමයි. එවිට හේ ශක්තිමත් වේ.
මහනුවර දළඳා මාලිගාවේදී බුදුගුණ ආශීර්වාදය Wellawatte Seelagawesi Thero
අද හවස 3.30 ට මහනුවර දළඳා මාලිගාවේදී බුදුගුණ ආශීර්වාදය සිදුකොට පැමිණි හැම දෙනාටම රන්වන් බෝධින් වහන්සේ අසලදී සංග්‍රහයක් කළා. මේ සියලු පින්කම් ඇසුරින් ලෝවැසියන්හට පින් හා දිගාසිරි පතනවා.

නාවලපිටියේ පෙර පාසැලකට සෙල්ලම් බඩු , Seelagawesi Thero
නාවලපිටියේ පෙර පාසැලකට සෙල්ලම් බඩු දෙන්න අවස්ථාවක් ලැබුනා.

Seelagawesi Thero
ගර්භනී මව්වරුන්ගේ පින්කම
ජනවාරි මස 14 වැනිදා එනම් අද දින වාද්දූවේ සරණතිස්ස මාවතේදී ගර්භනී මව්වරුන්ගේ පින්කම දියත් කළා. ජයා එදුස්සූරිය, මනෝජි ද සොයිසා ඇතුලු හිතමිතුරන් රාශියකගේ උපකාරයෙන් සංවිධානය කරනු ලැබූ මේ වැඩ සටහනට මව්වරුන් 63 දෙනෙක් සහභාගී වුනා. මහා මංගල සූත්‍රය, මහා චුන්දත්ථේර බොජ්ඣංග සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය හා ජය පිරිත සජ්ඣායනා කර ආශීර්වාද කළා. අනතුරුව පවුල් සංස්ථාවේ සහජීවනය උදෙසා උපකාර වන ප්‍රායෝගික කරුණු කිහිපයක් මා විසින් සාකච්ඡාවට ලක්කරනු ලැබුවා. විශේෂ දේශනය පවත්වන්නට යෙදුනේ ආයුර්වේද වෛද්‍යවරියක් විසින්. දහවල් ආහාර වේල තම තමන් අභිමත පරිදි නිදහසේ ගන්නට පසුබිම සකස් කොට තිබුනා. ඉන් අනතුරුව ගෞරවණීය එප්පාවල සාගරසුමන ස්වාමීන් වහන්සේ විසින් අගනා දේශනාවක් කරන්නට යෙදුනා. අවශ්‍යතාවන්ගෙන් සමන්විත රුපියල් 9000ක් පමණ වටිනා පාර්සල් පරිත්‍යාගය අවසානයේදී සිදුවූවා. මේ පින්කමට කරදුන් සියලු දෙනාට පින් හා දීර්ගාසිරි ප්‍රාර්ථනා කරනවා

Saving life of a cow
මේ සදී හරි ලෙන්ගතුයි අහිංසකයි. එයාව නිදහස් කරගෙන, නාදන්ට දුන්නා. නාදන්ට ඉන්නවා වකුගඩු රෝගයෙන් පෙළෙන දරුවෙක්. ඒ දරුවාටත් සදී ශක්තියක් වෙනවා ඇති. මාස්පතා කරුනු ලබන මේ පින්කමට දායක වන හැමෝටම කෘතවේදීභාවය පළ කරනවා.
