ගර්භනී මව්වරුන්ගේ පින්කම

ජනවාරි මස 14 වැනිදා එනම් අද දින වාද්දූවේ සරණතිස්ස මාවතේදී ගර්භනී මව්වරුන්ගේ පින්කම දියත් කළා. ජයා එදුස්සූරිය, මනෝජි ද සොයිසා ඇතුලු හිතමිතුරන් රාශියකගේ උපකාරයෙන් සංවිධානය කරනු ලැබූ මේ වැඩ සටහනට මව්වරුන් 63 දෙනෙක් සහභාගී වුනා. මහා මංගල සූත්‍රය, මහා චුන්දත්ථේර බොජ්ඣංග සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය හා ජය පිරිත සජ්ඣායනා කර ආශීර්වාද කළා. අනතුරුව පවුල් සංස්ථාවේ සහජීවනය උදෙසා උපකාර වන ප්‍රායෝගික කරුණු කිහිපයක් මා විසින් සාකච්ඡාවට ලක්කරනු ලැබුවා. විශේෂ දේශනය පවත්වන්නට යෙදුනේ ආයුර්වේද වෛද්‍යවරියක් විසින්. දහවල් ආහාර වේල තම තමන් අභිමත පරිදි නිදහසේ ගන්නට පසුබිම සකස් කොට තිබුනා. ඉන් අනතුරුව ගෞරවණීය එප්පාවල සාගරසුමන ස්වාමීන් වහන්සේ විසින් අගනා දේශනාවක් කරන්නට යෙදුනා. අවශ්‍යතාවන්ගෙන් සමන්විත රුපියල් 9000ක් පමණ වටිනා පාර්සල් පරිත්‍යාගය අවසානයේදී සිදුවූවා. මේ පින්කමට කරදුන් සියලු දෙනාට පින් හා දීර්ගාසිරි ප්‍රාර්ථනා කරනවා

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10215229888801684

 

Share !

Bookmark the permalink.

Leave a Reply