අටවිසි පිරිත 21 වරක් සජ්ඣායනා කිරීම , මහා සංඝරත්නයට දානය

2018 මැයි මස 13 වැනි ඉරිදා බොහෝ දෙනාට ආශීර්වාද වනු පිණිස අටවිසි පිරිත 21 වරක් සජ්ඣායනා කර, මහා සංඝරත්නයට දානය දෙන්නට කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙහිදී විශේෂයෙන් විවහා වී අවුරුදු 50ක් ගතවීම නිමිත්තෙන් මලින්තාගේ අම්මාටයි – තාත්තාටයි ආශීර්වාද කරන්නත් අවස්ථාව උදාවිය. පින්කම අවසන් වූයේ පුදුමාකාර වර්ෂාවක් මධ්‍යයේම විය. ඕෂධ හා මා ගඟෙන් නාන්නට කැමැත්තෙන් සිටි නමුත් එය ව්‍යවර්ථ විය. ලෝක ස්වභාවය සතුටින් භාරගෙන, ඉදිරියට යා යුතුම වන අතර සසර දුකින් නිදහස් විය යුතුම වේ.

ආශීර්වාද පිංකම

වැල්ලවත්තේ සීලගවේසී ස්වාමීන් වහන්සේගේ විදේශගතවීම වෙනුවෙන් ආශීර්වාද කිරීමත්, දරුවන් කිහිප දෙනෙකුගේ නීරෝගීභාවයත් අරමුණු කරගෙන, අටවිසි පිරිත 21 වරක් සජ්ඣායනා කර, අටවිසි පිරිතෙන් දහ දහස්වරක් පිරිත් කරන ලද නවගුණ යන්ත්‍ර බෙදාදෙන්නට අපෙක්ෂා කෙරේ

 

https://www.facebook.com/events/1095745890583691/.

කුසල සූත්‍රය ,සංයුක්ත නිකාය – මහාවග්ග – බොජ්ඣංග සංයුක්තය 

577. මහණෙනි, යම්කිසි දැහැමි කෙනෙක් කුසල් ද, කුසල් කොටස්හි වූවෝ ද කුසල් පස්හි වූවෝ ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇත්තෝ ය. අප්‍රමාදයෙහි ඇතුළත් වුවෝ ය. අප්‍රමාදය ඒ ධර්මයනට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, “සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය” යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත් ; මහණෙනි, මෙහි මහණ තෙමේ විවෙකනිස්සිත විරගනිස්සිත නිරොධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ නොපමා මහණ තෙමේ සත්බොජඟ වඩයි. සත්බොජඟ බහුල කෙරේ යි.

පාසැල් දරුවන්හට බත් පාර්සල්

පාසැල් දරුවන්හට බත් පාර්සල් බෙදාදෙන්නට අපි කටයුතු කළා. ගෞරවණීය ලක්ඛණ ආයුෂ්මතුන් වහන්සේ කළ කැපකිරීම් කෘතවේදීව සිහිපත් කරනවා.

https://www.facebook.com/permalink.php?story_fbid=657295441271604&id=100009734625750

Donation of two cows

කමලදාසන් නම් වූ දෙදරු පියෙකුට ගවයින් දෙදෙනෙකු පරිත්‍යාග කළා. සිතු හා සනූ කියලයි මේ දෙන්නා නම් කළේ. මේ පින්කම දිගින් දිගටම කරගෙන යන්න සහයෝගය ලැබෙන බැවින් හරි සතුටුයි.

https://www.facebook.com/permalink.php?story_fbid=656863264648155&id=100009734625750

Stationary items donation for School children

ගෝමරය ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ පාර්සල් 30 සකස් කොට පරිත්‍යාග කරන්න ඊයේ කටයුතු කළා. දහම් පාසැල් නිසා දරුවන් නොපැමිණි නමුත් ඒ ඒ දරුවන්හට ඒවා ලැබෙන්න කටයුතු කළා. අධ්‍යාපනය උදෙසා යමක් කිරීමෙන් ලැබෙන සතුට ඔබ හැම සමඟ මෙසේ කරුණාවෙන් බෙදාගන්නයි මා කල්පනා කළේ.

https://www.facebook.com/permalink.php?story_fbid=656867291314419&id=100009734625750

School bags and stationary donation

පාසැල් දරුවන් වෙනුවෙන් ලැබුණු මේ බෑග් සහ අනෙකුත් උපකාරණ අධිකාරීගම මේරිමවුන්ට් පාරේ දරු පිරිසකට බෙදාදෙන්නට යෙදුනා. ඒ අවස්ථාවේ දරුවන් ලද සතුට දැක කඳලු සැලූ අයද සිටියා. උපකාර වන හැමෝටම පින් හා දිගාසිරි පතනවා.

 

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10216100343722513