2018 මැයි මස 13 වැනි ඉරිදා බොහෝ දෙනාට ආශීර්වාද වනු පිණිස අටවිසි පිරිත 21 වරක් සජ්ඣායනා කර, මහා සංඝරත්නයට දානය දෙන්නට කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙහිදී විශේෂයෙන් විවහා වී අවුරුදු 50ක් ගතවීම නිමිත්තෙන් මලින්තාගේ අම්මාටයි – තාත්තාටයි ආශීර්වාද කරන්නත් අවස්ථාව උදාවිය. පින්කම අවසන් වූයේ පුදුමාකාර වර්ෂාවක් මධ්‍යයේම විය. ඕෂධ හා මා ගඟෙන් නාන්නට කැමැත්තෙන් සිටි නමුත් එය ව්‍යවර්ථ විය. ලෝක ස්වභාවය සතුටින් භාරගෙන, ඉදිරියට යා යුතුම වන අතර සසර දුකින් නිදහස් විය යුතුම වේ.
