නාවලපිටියේ පෙර පාසැලකට සෙල්ලම් බඩු දෙන්න අවස්ථාවක් ලැබුනා.

Seelagawesi Thero
නාවලපිටියේ පෙර පාසැලකට සෙල්ලම් බඩු දෙන්න අවස්ථාවක් ලැබුනා.

Seelagawesi Thero
ජනවාරි මස 14 වැනිදා එනම් අද දින වාද්දූවේ සරණතිස්ස මාවතේදී ගර්භනී මව්වරුන්ගේ පින්කම දියත් කළා. ජයා එදුස්සූරිය, මනෝජි ද සොයිසා ඇතුලු හිතමිතුරන් රාශියකගේ උපකාරයෙන් සංවිධානය කරනු ලැබූ මේ වැඩ සටහනට මව්වරුන් 63 දෙනෙක් සහභාගී වුනා. මහා මංගල සූත්‍රය, මහා චුන්දත්ථේර බොජ්ඣංග සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය හා ජය පිරිත සජ්ඣායනා කර ආශීර්වාද කළා. අනතුරුව පවුල් සංස්ථාවේ සහජීවනය උදෙසා උපකාර වන ප්‍රායෝගික කරුණු කිහිපයක් මා විසින් සාකච්ඡාවට ලක්කරනු ලැබුවා. විශේෂ දේශනය පවත්වන්නට යෙදුනේ ආයුර්වේද වෛද්‍යවරියක් විසින්. දහවල් ආහාර වේල තම තමන් අභිමත පරිදි නිදහසේ ගන්නට පසුබිම සකස් කොට තිබුනා. ඉන් අනතුරුව ගෞරවණීය එප්පාවල සාගරසුමන ස්වාමීන් වහන්සේ විසින් අගනා දේශනාවක් කරන්නට යෙදුනා. අවශ්‍යතාවන්ගෙන් සමන්විත රුපියල් 9000ක් පමණ වටිනා පාර්සල් පරිත්‍යාගය අවසානයේදී සිදුවූවා. මේ පින්කමට කරදුන් සියලු දෙනාට පින් හා දීර්ගාසිරි ප්‍රාර්ථනා කරනවා

මේ සදී හරි ලෙන්ගතුයි අහිංසකයි. එයාව නිදහස් කරගෙන, නාදන්ට දුන්නා. නාදන්ට ඉන්නවා වකුගඩු රෝගයෙන් පෙළෙන දරුවෙක්. ඒ දරුවාටත් සදී ශක්තියක් වෙනවා ඇති. මාස්පතා කරුනු ලබන මේ පින්කමට දායක වන හැමෝටම කෘතවේදීභාවය පළ කරනවා.

බොහෝ දෙනාගේ උදව් උපකාර ඇතිව දරුවන් 70 දෙනෙකුට පමණ පාවහන්, හා පාසැල් උපකරණ බෙදාදෙන්නත්, රසවත් ආහාර වේලක් සපයා දෙන්නත් අපට අවස්ථාව උදාවුනා. සඳුන් අරණ සේනාසනයේදී මේ මහඟු කටයුත්ත සිදුවූ අතර අහම්බෙන් මහාචාර්ය මයික් සෙඩ්වික් මහත්මා සහභාගී වුනා.
අපට හිතාගන්න බැරිතරම් පුදුම විදියට කටයුතු සංවිධානය පුලුවන් වුනා. ලැබුනු බෑග් පිටේ එල්ලගෙන ඒ දරුවන් සතුටින් සිටිය හැටි දුටුවාම බොහෝ දෙනෙකුට කඳුලු උනනු මා දුටුවා.
දෙසිය දෙනෙකුට පමණ ආහාර සකස් කළ අතර පන්සිය දෙනෙකුට වැඩි පිරිසකට ආහාර සපයා දෙන්නට හැකි වුනේ කොහොමද කියා මට හිතාගන්න බැහැ.
මේ සඳහා විවිධ අන්දමින් සහයෝගය දුන් හැමෝටම අපගේ කෘතවේදීභාවය පළ කරසිටිනවා.

සාරි, කමිස, සරම්, ආහාර ද්‍රව්‍ය හා බත් පැකට් බෙදාදෙන්නට කටයුතු කළේ ඔක්තෝබර් 22 වැනිදා, සඳුන් අරණ සෙනසුනේදීයි.
Sandun Arana, Seelagawesi Thero

ඔක්තෝබර් 13 වැනිදා කලවාන ජාතික පාසැලට වැඩම කළේ පෙරදිග සංගීත භාණ්ඩ පරිත්‍යාග කරන්නයි. පසුගිය ගංවතුර නිසා සංගීත කාමරයට විශාල අලාභ හානි සිදු වූ නිසයි, මේවා පරිත්‍යාග කරන්අන අපි කල්පනා කළේ. පාසැලේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය නායකයෙකු හා තවත් දරුවෙකු පවුල් පිටින් මිහිසන් වූ බවත් දැනගන්න ලැබුනා.
මේ අනුවේදනීය කතා ප්‍රවෘත්ති නිසා කරුණාව අරමුණු කරගත් භාවනාව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති වුනා. දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය පිණිස මෙවැනි යහපතක් කරන්න ලැබීම ගැන අතිශයින් සතුටු වන මා උදව් උපකාර කළ හැමෝටම කෘතවේදීභාවය පළ කරනවා


අද හවස සඳුන් අරණ අවට දරුවන්හට මෙසේ පාසැල් උපකරණ බෙදාදීමත්, දෙමව්පියන්හට ආහාර ද්‍රව්‍ය ලබාදීමත් සිදුකරනු ලැබිනි. මේ සඳහා උදව් උපකාර වූ සියලුම දෙනාට අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි.
සැප්තැම්බර් මස 10 වැනිදා හවස දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබන පාර්සල් 30ට අඩංගු කරන දේවල් මෙසේ සටහන් කරමි.
පිටු 120 තනිරූල් පොත් 6
පිටු 120 කොටුරූල් පොත් 3
පිටු 120 CR පොත් 2
පැන්සල් 1
පෑන් 3
කටර් 1
චිත්‍ර පොත් 1
පැස්ටල් පෙට්ටි 1
ක්ලේ පෙට්ටි 1
රත්න සම්බා හාල් kg 5
මයිසූර් පරිප්පු kg 1
වටානා පරිප්පු kg 1
මුංඇට kg 1
කඩල kg 1
highland කිරිපිටි පැකට් 1
මෙම මහඟු කටයුත්තට උරදෙන්නා වූ, සහභාගී වන්නා වූ සියලු දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි. සියලු සත්වයෝ සැපසේ සුවසේ කටයුතු කරත්වා!
Wellawatte Seelagawesi Thero, Nissarana Meditation. Sandun Arana Senasanaya

රුපියල් 3500/-ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලය බැගින්, මහනුවර වීදිවල සපත්තු මහන්නන් 25 දෙනෙකුට පරිත්‍යාග කරන්නට මා තුල කැමැත්තක් වේ. ඒ කටයුත්ත ඔක්තෝබර් මස 11 වැනිදා හවස සිදුකරන්නට අපේක්ෂා කරමි. ඒ වෙනුවෙන්මෙ මිතුරන්ම කිහිප දෙනෙකුගේ සහයෝගය දැනට ලැබී ඇත. මෙම කටයුත්තට දායක වෙන්නට කැමැති අය මා අමතන්න 077 896 1015. අනුග්‍රහ බුද්ධියෙන් කරනු ලබන මෙම පින්කම කාටත් සැපය සුවය පිණිස හේතු වේවා!

We had an alms giving at Sri Sumedha Meditation Centre. We had a walk from Sri Sumedha Meditation Centre to Sandun Arana through the river. It was more than one kilometer. It was really wonderful.
