ආනන්ද හිමියන් විසින් පවත්වනු ලබන නේවාසික භාවනා වැඩ සටහන නකල්ස්වත්තේ සඳුන් අරණ සේනාසනයේ

ජනවාරි මස 6 වැනි දින සිට 17 වැනි දින දක්වා ජාත්‍යන්තර නේවාසික භාවනා වැඩ සටහනක් ගෞරවණීය කැනඩාවේ ආනන්ද හිමියන් විසින් නකල්ස්වත්තේ සඳුන් අරණ සේනාසනයේදී පවත්වනු ලබන අතර එහි දානමය කටයුතු පිළිබඳ දායකත්වය මා විසින් භාරගනු ලැබීය. අපගේ ගෞරවණීය සිරිනන්ද ස්වාමීන් වහන්සේ සියලු කටයුතු ඉටුකර දෙන්නට කැමැති වූහ. ජනවාරි 07 වැනිදා පවත්වන ලද දානයේ පින්තූර මා වෙත එවා ඇත. මේ පින්කම් මාලාවට දායක වූ සියලු දෙනාටම කෘතවේදීභාවය පළ කරමි. මේ පින් බෙලෙන් සියලු ලොවැසියෝ සැපවත් වෙත්වා! සුවපත් වෙත්වා!

https://web.facebook.com/seelagawesi.thero/posts/pfbid0bHM96198oS5v4f9dzfHa2yTkMxtHWXaWmvk66hPDpUDcduKWUGoVbDMRME4ombdVl

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *