Meditation programme for children

අද හවස් වරුව දරුවන් වෙනුවෙන් වෙන් කළා. පළමු භාවනාව වුනේ ස්වභාවයෙන්ම ඇහෙන දේවල් කෙරෙහි අවධානය පැවැත්වීමයි. ඊලඟට මෛත්‍රී භාවනාවයි. ඉන් අනතුරුව ප්‍රශ්න මාලාවකට සාමූහිකව පිළිතුරු සපයාගත යුතුව තිබුනා. අවසානයේ ලබාදී ඇති තොරතුරු ඔස්සේ සඟවා ඇති පෙට්ටියක් සොයාගැනීමයි. වැඩ සටහන අවසානයේ දරුවන්ට ලොකු සංග්‍රහයක් කළා. සඟවා ඇති පෙට්ටිය සොයා යාම මාගේ ළමා කාලයේ අත්දැකීම් ඇසුරින් කළ යෝජනාවක්.

දරුවන්ගේ භාවනා වැඩ සටහන සඳහා මා විසින් දෙනු ලබන උපදෙස් Dutch භාෂාවට පරිවර්තනය කරනු ලැබූවේ Remco විසින්. එය හරිම ආකර්ශණශීලි වැඩ සටහනක්වීම ගැන අපට සතුටුයි.

Meditation with Children

ළමා භාවනා වැඩ සටහන මෙසේ නිමවුනා. දරුවන් මේ වැඩ සටහන කෙරෙහි ඉමහත් උනන්දුවක් දකවන බව පැහැදිලියි.

Seelagawesi Thero ස්වාමීන්වහන්සේ මෙහෙයවන හරි අපූරු ඔන්ලයින් වැඩසටහනක් තමයි පොඩි අය එක්ක කරන භාවනා වැඩසටහන.පුංචි පුංචි භාවනා ක්‍රම අස්සේ තියෙන්නේ දරුවන්ගේ හිත් එක්තැන් කරන එකම විතරක් නෙමෙයි, තමාට සහ ලෝකයාට ආදරය කරුණාව දයාව දක්වන එකත් ඒකේ අන්තර්ගත කොටසක්. ඒ එක්කම පොඩි කතාවක් මූලික කරගෙන කියාදෙන්නේ මහා ලොකු දේවල් ටිකක්. ඒ සාකච්ඡාව නිසා දරුවෝ හිතන විදිය වෙනස් වෙයි කියලා මට හිතෙනවා. ඒ එක්කම ගාථාවක් අරගෙන දේශනා කරන්නේ ජීවිතයට ඈඳා ගත යුතු ගුණධර්ම ගැන.ඉතින් අද තුන්වෙනි දවසටත් භාවනා වැඩසටහන පැවැත්වුනා පැයක කාලයක්. පොසොන් පුතාත් දෙව්රම් පුතාත් සක්‍රීයව ඊට සහභාගි වෙනකොට ඒ අහලම මමත් බිරිඳත් ඉඳන් ඊට එකතු උනා…ඒක හරි අපූරූ පැයක් හැම ඉරිදාවකම උදාවෙනස්වාමීන්වහන්සේට බෝමත්ම පිං ඒ කරන මෙහෙවර

භාවනාව

අද ගඟේ පැන් පහසුව ලබා අසල ගලක් මුදුනට ගොඩවී දානය ගන්න අදහස් කළා. ඒක බොහෝම නිදහස් අවස්ථාවක් වුනා. දානේ ටික හා වතුර බෝතලයක් සම්පාදනය කරන්නට සමන් අයියා ඇතුලු පිරිස ඉදිරිපත් වුනා. අද උදේ 5.30 සිට භාවනාවේ යෙදුනා. දහවල් දානයෙන් පසුවත් භාවනාවට යොමු වුනා. කෙටි විවේකයකින් පසු නැවත භාවනාවට යොමුවෙනවා.

Opening of a new meditation kuti

පවිවේක කුටිය මෙසේ ස්වාමීන් වහන්සේලාගේ පරිශීලනය පිණිස විවෘත කරන්නට යෙදුනි. මේ කුටිය ඉදිකිරීම පිණිස උපකාර වූ සියලු දෙනාට අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමු. තෙරුවන් බෙලෙන් සියලු යහපත උදාවේවා!