කාටවත් හිංසාවක් නොකරන අයට හිංසා කරන අය කල් නොයවාම අනිෂ්ඨ විපාක ලබන බව තේරුම් ගන්න අපොහොසත්වීම අභාග්‍යයක්ම වන්නේය.

ලෝකයත් සමඟ ගැටෙනවා වෙනුවට ලෝකය තේරුම් අරගෙන, තමා සකස්වීමයි කළ යුත්තේ. මෙය තේරුම් ගැනීම කොතරම් අමාරුද

උදේම අවදිවීම

උදේ පාන්දර අවදිවෙලා, මුව දොවා, පැන් වීදුරුවක් පානය කරලා, භාවනා කරලා වැඩ පටන් ගන්න අය, චිත්ත ඒකාග්‍රතාවය හොඳින් පවත්වනවා

Quotes

ලෝකය විමර්ශණය කිරීම වෙහෙසකරයි. සැබැවින්ම සත්‍යයට සමීපවීම සැනසිලිදායකයි.

කුසල සූත්‍රය ,සංයුක්ත නිකාය – මහාවග්ග – බොජ්ඣංග සංයුක්තය 

577. මහණෙනි, යම්කිසි දැහැමි කෙනෙක් කුසල් ද, කුසල් කොටස්හි වූවෝ ද කුසල් පස්හි වූවෝ ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇත්තෝ ය. අප්‍රමාදයෙහි ඇතුළත් වුවෝ ය. අප්‍රමාදය ඒ ධර්මයනට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, “සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය” යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත් ; මහණෙනි, මෙහි මහණ තෙමේ විවෙකනිස්සිත විරගනිස්සිත නිරොධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ නොපමා මහණ තෙමේ සත්බොජඟ වඩයි. සත්බොජඟ බහුල කෙරේ යි.

අරමුණු සමඟ ගැටෙන සිත

පටිසන්ධියේ පටන් චුති චිත්තය දක්වා ඇති සියලුම අත්දැකීම් ජීවිතයක් තීරණය කරයි. කාමාවචර ලෝකවල අරමුණු වෙනස්වන බැවින් භවාංග පතන අනුව අලුත් චිත්තවීදි ගොඩනැඟේ. බොහෝවිට මේ අරමුණු සමඟ ගැටෙන සිත වෙහෙසට පත්වේ. දොම්නස උපදී.

ධ්‍යානලාභී අය බ්‍රහ්මලෝකවල පටිසන්ධිය ලබත් පටිසන්ධියේ පටන් චුති චිත්තය දක්වාම පවතින ධ්‍යාන සිත ජවන්සිත්වල පවතින බැවින් තදාරම්මණයද භවාංග පතනයද සිදු නොවේ. එය ශාන්ත වූද, ප්‍රනීත වූද අත්දැකීමක් බවට පත්වේ.

විශ්වාසය

කරුණාවන්ත අය මුලින්ම කරන්නේ පිහිට පතන කෙනාගේ බිය තුරන් කොට විශ්වාසය ඇති කිරීමයි. එවිට හේ ශක්තිමත් වේ.

සෑම කටයුත්තකම අනලසව යෙදෙන්න. වඩාත් නිර්මාණශීලි නුවණින් කටයුතු කළමණාකරණය කරන්න. දක්ෂ අත්දැකීම් බහුල චරිතයක හිමිකරුවෙකු වේ.