Hiruni and Hirushi have been handed over to Sachi and Raja.

පෙර දින රාත්‍රියේ දී ශ්‍රි සුමේධ භාවනා මධ්‍යස්ථානයෙහි ස්වාමීන් වහන්සේලා විසින් පානිය ජල බෝතල් දහසක් භාග්‍යවතුන් වහන්සේ වටා තැන්පත් කොට පිරිත් කරන ලදි. අද දින එම පානීය ජල බෝතල් අවතැන් වූ පිරිස් සිටින තැන්වලට යවන්නට කටයුතු යොදනවා. තවද හෙට දිනයේ තවත් ලීටර් 5 වතුර බෝතල් 1000ක් ගෙනගිහින් බාරදීමට කටයුතු කරගෙන යන අතර තවත් ලැබෙන වියලි ආහාර, ඇදුම් ආදිය ද සුදුසු පරිදි යොමු කරන්නට කටයුතු කරගෙන යනවා.
මෙසේ අප රැස් කරනා සියලු කුසල ධර්මයන්ගේ බලයෙන්, දිවයිනට බලපා ඇති ආපදා තත්වය ඉතාමත් ඉක්මනින් දුරුවී යේවා.
දුකට පත් මිනිසුන්ගේ සිත් වලට අස්වැසිල්ලක් වේවා.
මේ කටයුතු සංවිධානය කරන පුජණීය සිරිනන්ද ආයුෂ්මතුන් වහන්සේ ඇතුළු කාර්‍ය්‍ය මණ්ඩලයටත්, මේ සියලු කටයුතු පිටුපස සිටිමින් දිවයිනෙන් බැහැර වැඩ සිටියත් මේ කටයුතු වලට අවශ්‍ය ආධාර, සහා උපදෙස් ලබාදෙමින් කටයුතු කරන පුජණීය සීලගවේසී ස්වාමීන් වහන්සේටත් Wellawatte Seelagawesi Thero සියලු රැකවරණ වේවා. මේ උතුම් කුසල් බලයෙන් කරන සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක බවට පත්වේවා
සැමට තෙරුවන් සරණයි
https://www.facebook.com/Venssthero/posts/10212848111505634
Wellawatte Seelagawesi Thero
ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේ ජල උල්පත හරිම පිරිසිදුයි. අපට ලැබිලා තිබෙන ජල සහතිකයත් හරි ඉහළයි. අපි නිතරම මේ ජලය filters කරලා, බෝතල් කරලා, පිරිත් කරලා රෝගීන්හට බෙදා දෙනවා.
මේ වෙලාවේ අපගේ ගෞරවණීය සිරිනන්ද ආයුෂ්මතුන් වහන්සේට යෝජනා කළා අවතැන් වූ අපගේ ජනතාවට ඉමහත් කරුණාවෙන් පානිය ජල බෝතල් 5000ක් පමණ සකස් කර ලබාදෙන්න කියා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ වෙනුවෙන් සතුටින් ඉදිරිපත් වුනා.
සමහර අය පිටරට ජීවත්වන අපේ අයට දොස් කියනවා. ඒ අයත් මේ ගැන කම්පාවෙලා ඉන්නේ. ක්ෂණිකව අවශ්‍ය උදව් කරන්න අවශ්‍ය තරම් රටේ පිබිඳීමක් තියනවානේ. වැඩියෙන් උපකාර අවශ්‍ය වන්නේ පසුකාලීනවයි. අපේ අය ඒ වෙනුවෙන් සංවිධානය වේවි. ටිකක් දූරදර්ශීව හිතන පතන එක හොඳයි. ලෝකයාට දොස් කියලා උදව් ගන්න පුලුවන්කමක් නැහැ. හදවත් ඇති කවුරුත් කම්පා වෙනවා.
“පුතෙක් ඉතා සැර ජල පහරකට ඇද වැටුනම අම්මට ජල පහරට පනින්න පුලුවන්. හැබැයි දරුවා බේරගන්න නම් බැහැ. අම්මත් මිය යන බව පැහැදිලියි. දරු දුක ඇති අම්මා එය ඉවසාගෙන, මියගිය දරුවා වෙනුවෙන් පින්කම් කරමින් අවශ්‍ය නම් තවත් දරුවෙකු හදාගැනීමයි සාධාරණ වන්නේ.”
මේ රටේ බොහෝ යහපත් දේ සිදුවන්නේ ප්‍රජා සහභාගිත්වයෙන් හා ප්‍රජා සහයෝගයෙන් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවත් නිතර අත හිත දෙන බව හිතට ගන්න. උදව් නොකරන අයට රිදෙන්නේ නැහැ. රිදෙන අයයි උදව් කරන්නේ. මේ කාරණාව මා අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ සමහර අදූරදර්ශී post දකින්න ලැබුන නිසයි.
හිත් රිදවාගන්නේ නැතිව, අවදානම් තත්ත්ව සියල්ලක්ම තේරුම්ගෙන, ඉවසීමෙන් හා කරුණාවෙන් කටයුතු කරමු. සියලු දෙනාගේම කැපවීම් ආශීර්වාදයක් වේවා!


පාවිච්චි කරන ලද හොඳ තත්ත්වයේ රෝහල් උපකරණ තොගයක් මාවනැල්ල රෝහල වෙනුවෙන් අපි මිළදී ගත්තා. එහි මුලු වටිනාකම වුනේ රුපියල් 11,77,350/-ක්.
එයින් රුපියල් 6,30,850/-ක් පරිත්‍යාග වශයෙන් අඩුකොට තිබුණා. අපට ගෙවන්න සිදුවූයේ රුපියල් 5,41,500/-ක්. මේක ලොකු භාග්‍යයක්. දැන් මාවනැල්ල රෝහලේ කාර්මික නිලධාරීන් ඒ සියල්ල භාවිතා කරන්න සුදුසු තත්ත්වයට අවශ්‍ය අලුත්වැඩියා කිරීමෙහි නිරත වන බව දැනගන්න ලැබුණා. ඉතින් මේ කටයුත්තට සහසම්බන්ධ වූ සියලු දෙනාට කෘතවේදීභාවය පළ කර සිටිනවා. මේ පින්කම්වල ආනුභාව බලයෙන් මේ ශ්‍රී ලංකාද්වීපය සියලු දෙනාටම ක්ෂේමභූමියක් වේවා!

————————————-
මේ වෙලාවේ මට හරිම සතුටුයි. අද දවල් වනවිට ගිලන් ඇඳන් 20ක්, කිහිලිකරු, රෝද ඇති walkers. ඇඳ ඇතිරිලි ආදීය මාවනැල්ල රෝහලට ප්‍රවාහනය කරලා. මා දන්නා තරමින් රුපියල් ලක්ෂ හතක් පමණ වටිනාකම ඇති භාණ්ඩ. මේවා අලුත් ම ඒවා නොවුනත් හොඳ තත්ත්වයෙන් තියනවා. මේ සියල්ල මිළදී ගන්න බොහෝ දෙනා උපකාර වුනා. වෛද්‍ය ලක්මාල් මල්ලී පින්තූර ටිකක් එවාවි කියලා මා විශ්වාස කරනවා.
ප්‍රජා සුභසාධනය පිණිස උනන්දු වන මා හට උදව් උපකාර වන දායක පිරිසක් සිටීම සම්බන්ධව මා සතුටු වෙනවා. වඩාත් අල්පේච්ඡ ජීවන ප්‍රතිපදාවකට ගරුකරමින් දායක පිරිසත් එසේ සකස් කරගනිමින් මෙවැනි යහපතක් කරන්නට ලැබීම වාසනාවක් ලෙස මා සලකනවා. මේ කටයුත්තට සෑම ආකාරයෙන් ම උදව් උපකාර කළ සැමට අපගේ හදපිරි කෘතවේදීභාවය පළ කර සිටිනවා. මේ පින් බලයෙන් සියලු උවදුරු දුරු වී රටට යහපතත්, සෞභාග්‍යයත් උදාවේවා! 26/05/17

මාවනැල්ල රෝහලට අවශ්‍ය ගිලන් ඇඳන් පූජා කරන්නට කටයුතු යොදන මිනුකා, වෛද්‍ය ලක්මාල් ඇතුලු සියලු දෙනාටම අපගේ හදපිරි කෘතවේදීභාවය පළ කරසිටිමි. මේ කටයුත්තට මා මුල පිරූ අතර මා විදේශගතවීම නිසා මා අතින් සිදුවිය යුතු සියලු කටයුතු අඩුවක් නැතිව සිදු කරන්නට ඔබ හැම උනන්දුවීම පිළිබඳව මා ඉමහත් සතුටට පත්වෙමි. සියලු දෙනා මේ පින් අනුමෝදන්ව සැපවත් වූ සුවපත් වු සිත් ඇත්තෝ වෙත්වා!
Seelagawesi Thero
අද දවසේදී කටුගස්තොට ගොහාගොඩ පාරේ, බෝලාන අයියාගේ නිවසේදී අපි පින්කමක් කළා. ඒ ගැබිනි මව්වරුන් මුල් කරගෙන කළ දානමය පින්කමක්. මව්වරුන් 15 දෙනෙකු සඳහා හදිසියෙන් සංවිධානය කළ වැඩ සටහනක් වූ මෙය සංවිධානය කරන්න හැත්තෑපස් දෙනෙකුට වඩා එකතු වුනා. හෘද සාක්ෂිය හා සුගතිගාමී ධර්ම අතර ඇති වෙනස පිළිබඳ සාකච්ඡාවක් කරන්නට යෙදුනු මා අපගේ වෛද්‍ය පණ්ඩුලටත් සුහද සාකච්ඡාවක් සඳහා අවස්ථාව දුන්නා. සහභාගී වූ සියලු දෙනාම අතිශයින්ම සතුටට පත්වන්නට මේ වැඩ සටහන හේතු වූ බවයි අපට දකින්න ලැබුනේ. මේ පින් අනුමෝදන් වන සියල්ලෝ සැපවත් වෙත්වා!

Today we handed over this cow to Pushpaleela. She is a mother of two children. I could noticed that she is very kind for this cow. We call her Suddee and she may become a child of this family at Kellebokka.

<iframe src=”https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fwellawatteseelagawesi%2Fposts%2F10212960263542471&width=500″ width=”500″ height=”663″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowTransparency=”true”></iframe>
අද මහනුවර මහ රෝහලට Colostomy bags 100ක් පරිත්‍යාග කරන්න කටයුතු යොදනවා. Colostomy සැත්කම්වලට ලක් වූ අයට මේවායේ අවශ්‍යතාවයක් තියනවා. අපට ශක්ති පමණින් කාටත් පිහිට වෙමු.
I am very happy to invite 15 pregnant mothers for a delicious lunch on Sunday 14th of May. It will be conducted at Gohagoda Thilak-Karuna Bolana Ayya’s home. We distribute some needy items of pregnant mothers too. I am grateful to all those who help me to succeed this program.
අද උදේ ඉඳියප්පන් පාර්සල් 35ක් බෙදාදීලා ශ්‍රී දළඳා මාලිගාවට වැඩම කරලා, මෛත්‍රී භාවනවා කරලා, බොජ්ඣංග සූත්‍ර දේශනා කරන්නට නියමිතයි. උදේ 7.15 මාලිගාවේ ඇති චෛත්‍යය අභියස මේ කටයුත්තේ නිරත වෙනවා. සෑමදෙනාටම ආශීර්වාදයක් වේවා!
Today morning we distribute 35 parcels of string hoppers. Then we sit for the practice of loving kindness and chant Bojjhanga Suttas at the Temple of the Tooth Relic at 7.15 am. This would be a great blessing for everyone!
Seelagawesi Thero
Today I was offered 50 silver Dhammacakkhas. This contribution was done by Vogue Jewellers. Pvt. Lt. I am going to chant Jinapanjaraya 1000 times and distribute with children those who are sick.
