රිදෙන නිසාම තමයි ඉවසන්න ඕනෑ. නැත්තම් කිපිලා වඩාත් වේදනා සහගත ප්‍රශ්න ඇති කරගන්න වෙනවා.
Quotes
මලක ලස්සන දකින කෙනා මලට ඇලෙනවා. මලට අයිතිවාසිකම් කියනවා. මල පරනොවී තබාගන්නට උත්සහා කරනවා. එසේම වියදම් කරනවා. මල පරවුනහම දුක් වෙනවා.
තථාගත සම්බුදු දර්ශනයට අනුව කටයුතු කරන්නා මලෙහි සැබෑ ස්වභාවය මෙනෙහි කරනවා. එය වටහා ගන්නවා. තම ශරීරයේ ස්වභාවයද වටහා ගන්නවා. ඇලීම් ගැටීම් දෙක සන්සිඳුවන්නට උත්සහාවත් වෙනවා. කෙලෙස් ධර්මයන් යටපත් කරගෙන සිතේ සැබෑ සතුට මතු කරනවා. තව දුරටත් තිලක්ඛණය මෙනෙහි කරනවා. විරාග, නිරෝධ හා පටිනිස්සග්ඝය පුරුදු කරනවා. සියලු දුක් දොම්නස් නිවාරණය කොට විමුක්තිය සාක්ෂාත් කිරීමේ ව්‍යායාමය මැනවින් පුරුදු පුහුණු කරනවා. දවසක ඒකාන්තයෙන්ම මේ සසර දුකින් නිදහස් වෙනවා.
මලක් මුල්කරගත් අපූරු කරමස්ථානය කෙරෙහි සියලු දෙනාගේ සිත් සතන් යොමු වේවා!
Wellawatte Seelagawesi Thero
Nissarana Meditation
These four factors influence us to succeed our lives. They are confidence, determination, courage and energy.
යහපතෙහි යෙදෙන්න. ලැබෙන සහයෝගය අගය කරන්න. විරුද්ධකම් නොසලකා හරින්න. විරුද්ධවාදීන්ගේ ඇසුර අත්හරින්න. සහයෝගය දෙන අයම ප්‍රාර්ථනා කරන්න. ඒ සඳහා වූපසම අධිෂ්ඨානයම ගරු කරන්න.
අද දවස මා ගත කරන්නේ බොහෝම ඉවසීමෙන්. මා සසර අඩුවෙන් ම පුරුදු කළ පාරමිතාවයි ඉවසීම. සසර ගමනේදී Checkmate කළ අවස්ථා කොතෙකුත් ඇති බව සිහිපත් වන අවස්ථා උදාවෙනවා. අදත් එහෙම එකක් කරන්න සිදුවීම ගැන මා තුල සතුටක් නම් නැහැ. ඒ නිසාම අද දවස බොහෝමත් ම ඉවසීමෙන් ගතකරනවා.
අද උදේ ම ආනාපාන සති භාවනාවේ නිරත වුනා. පසුව මා මරණානුස්සති භාවනාවට හිත යොමු කළා. මා අපේක්ෂා කළ පණිවිඩය මදුරා මාහට එවා තිබුනා. සචිනි දූගේ නීරෝගීභාවය වෙනුවෙන් බොහෝ සෙයින් වෙහෙස මහන්සි වූ සියලු දෙනාට අපගේ ස්තුතිය පිරිනමනවා. සසර පුරාවට නිදුක් නීරෝගී ජිවිත උරුම වන්නත්, නිවන් සුව සාක්ෂාත් කරගන්නත් අපගේ ව්‍යායාමය සචිනි දූට හේතු වාසනා වේවා! කියා ප්‍රාර්ථනා කරනවා.
Wellawatte Seelagawesi Thero
One should learn how to find love for him and the world. He who love himself and the whole world may appreciate every difficulty with a settled mind.
“ලෝකය දැඩිව ගෙන තම අභිමතය පරිදි පවත්වන්නට යාම කෙතරම් භයානකද?” යන්න වටහා ගන්නේ නම් සිත කුසලයටම බරවේ. එහි ආශ්චර්යය වන්නේ චාග සම්පත්තිය මතුවීමයි. අත්හැරීමෙන් ලැබෙන සතුට වඩ වඩාත් සමීප කරදෙනු ලබන්නේ චාගය විසින්මයි. මේ සතුට නිරාමිස සතුටම වේ. ඔබත් මේ ගැන අවධානය යොමුකර සැබැවින් ම දුකින් නිදහස් වේවා! යැයි කරුණාධ්‍යාශයෙන් ම ප්‍රාර්ථනා කරමි.
තණ්හාව ලෝකයට වහල් වූ ජීවිතයක් ගෙවන්නට අපව පොළඹවනවා. එයම අනේක ආකාර දුක් ඇති කරනවා.
එබැවින් දුකින් මිදෙන්නට අප විසින් කැමැත්තක් ඇති කරගැනීම වැදගත් වෙනවා. ඒ බලවත් වූ ඡන්දය අපගේ බෝධිචිත්තය උද්දීපනය කරමින් පාරමිතා පූර්ණය පිණිස ශක්තිමත් කරනවා. සම්මා සම්බුදුවරයන්, පච්චේක සම්බුදුවරයන්, රහතන් වහන්සේලා සමීප කරවනවා. තණ්හාව මුලිනුපුටා දැමීමේ යෝධ වැඩ කටයුත්තට අපව යොමු කරනවා. අලෝභ, අදෝස එමෙන්ම අමෝහ යන කුසල සිත් පෙරදැරි කරගත් පෞරුෂයක් ගොඩනඟන්නට උපකාර වෙනවා.
There is no end in this life by life journey. What we experience In this journey is suffering. It is because of craving. It is our responsibility to eradicate craving and find freedom from suffering. When craving is eradicated and freedom is experienced, the journey is completed. Therefore we should have wisdom to understand what is our responsibility.