හැමදේම සිදුවන්නේ හොඳටයි යනුවෙන් ගැනීම සර්වසුභවාදයයි. හැමදේකම නරක දැකීම සර්වාසුභවාදයයි. හොඳ දේ හොඳ හැටියටත් නරක දේ නරක හැටියට ගැනීම යථාර්වාදයයි. ඇති දේ ඇති සැටියෙන්ම තේරුම් ගැනීම යථාභූත ඥාණ දර්ශණයයි.
Quotes
Life is worthless unless we understand the purpose of living.
ජීවත්ව සිටින සෑම කෙනෙකුටම හැම මොහොතකම කරන්න පුලුවන් දේවල් මෙන් ම කරන්න බැරි දේවල් තියනවා. හොඳටම ඔත්පල වී නැඟිට ගන්න, කථා කරන්න බැරි පුද්ගලයාට කටට දාන මිදි යුෂ ටික ගිලින්නවත් හැකියාවක් තියනවා.
වැදගත්ම දේ වන්නේ අප විසින් කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න තෝරා බේරාගෙන, ඒ ඒ තැන යුගයට, කාලයට හා අවශ්‍යතාවයට අනුව නිරවුල් කිරීමයි. කළ යුතු දේ නොකළ යුතු දේ හොඳින් තෝරා බේරාගන්නා තැනැත්තා කාගේත් ආදරය ගෞරවය දිනාගන්න සමත් වේ.
Let’s be mindful and avoid our mistakes. Let’s develop make mind strong through concentration. Let’s pay attention for insight and find wisdom. Let’s understand Four Noble Truth and reach to Blissful Destination beyond Suffering.
Wellawatte Seelagawesi Thero
Human life is worth when Right Perception is taken place. The person is aware of his purpose and he does not cling to object. He maintain loving kindness and try his to best avoid anger. He is happy to find help for others and avoid harm. It is easy and possible for him to lead a life with happiness of blamelessness.
කළ යුතු දේ තේරුම්ගෙන, උනන්දුවෙන් යුතුව, පිළිවෙලට කටයුතු කරන කල්හි එය ලස්සනට පටන් ගෙන ලස්සනට නිම කළ හැකි අතරම බොහෝ දෙනාගේ ආදරය දිනාගන්නත් හේතු වන බව පැහැදිලි කරන්නට අපට අවස්ථාව උදාවිය. අද හවස සතුටින් නිම කළ ලස්සන මෙහෙවරක් විය එය.
Compassion brings beauty and attracts the world for help. It does not harm at all. It heals hearts and comfort every way. Let’s have a heart filled with compassion
People seek opportunities for fun. But most of the time they do not find meaningful fun. People need a rest. They really need a rest. But they have no time to have a good rest. This is really different for animal world.
Advice 12/02/2017
One may demand a lot and suffer a lot. One may help others and find peace and happiness. Happiness can be experienced through meditation.
Advice
හේතු ඵල ධර්මයට අනුව බලන්න පුරුදු වුනහම සිතට මහත් විවේකයක් ලැබෙනවා. ඇතිවීම – නැතිවීම ස්වභාවය කොටගත් මේ ලෝකයේ, දැඩිවගෙන ඇලෙන්න හෝ ගැටෙන්න දෙයක් නැත බව පසක් වෙනවා. සතුටක් සැනසීමක් ලබගන්න පුලුවන් ආකාරයට සිතුම් පැතුම් සකස් කරගන්න අවශ්‍ය ඥාණය පිහිටනවා. අර්බුදකාරී සිතුවිලි මගහැර සාමකාමී සිතුවිලි සමග නිතරම තෘප්තිමත් වෙන්නට සිත පුරුදු වෙනවා. ජීවත් වන මේ කෙටිකාලය තුල රටට ලෝකයට යහපතක් කරන්නට සිත කැමැති වෙනවා. නිතරම සැහැල්ලුවෙන් මුදු මොළොක් අන්දමින් ජීවිතය මෙහෙයවන්නට හැකි වෙනවා. ඉතින් අපි අනිච්චානුපස්සනාවේ ආනිසංස ධර්මයන්ට හිමිකරුවන් වෙන්න උනන්දු වෙමු.