We should really practice the Dhamma. Dhamma brings lovely happiness and helps us to reach happiness beyond. This is Dhamma Hall of Sri Sumedha Meditation Centre. Anyone can come and sit for Meditaton. May everyone succeed everything and gain good health!

ප්‍රතිපත්ති පූජා

“ආරභත නික්ඛමථ යුඤ්ජථ බුද්ධසා ධුනාථ මච්චුනෝ සේනං නළාගාරංව කුඤ්ජරෝ”

“අරඹන්න,නික්මෙන්න ,බුද්ධ ශාසනයෙහි යෙදෙන්න.
බටපඳුරු පොඩිපට්ටම් කරන හස්තිරාජයෙකු මෙන් මාර සේනාව දිනන්න”

පාමොජජබහුලො භිකඛු
පසනෙනා බුදධසාසනෙ
අධිගචෙඡ පදං සනතං
සංඛාරූප සමං සුඛං

තමාගේ ධර්මානුගත පැවැත්ම නිසා ධාර්මික, ප්‍රීතිය බහුල කොට ඇති, බුදු සස්නෙහි පැහැදුණු භික්ෂුනම සංස්කාරයන්ගේ සංසිඳීම වූ ශාන්ත සැපය ලබන්නේය.%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7-001

ආදර්ශය හා ආභාෂය

ඥාණවන්ත, එසේම ගුණවන්ත උත්තමයන් ආදර්ශයට ගෙන ඒ අයගේ ආභාෂයෙන් අපගේ ජීවිත සකස් කරගන්නට හා නිවැරදි කරගන්නට උනන්දුවීම වාසනාවක් ම වේ. සැම කල්හිම නිහතමානී, අවිහිංසාවාදී චරිතයකට හිමිකම් කියමු.

It is a pleasure to have association of those who are wiser with acquired experiential knowledge with immense of good qualities. We can cultivate our lives and correct our lives with their examples and influence. Let’s be strong with humbleness and harmlessness.20170121_112143

තමන් සිතන පතන දේ අනුව සිත එකඟ වන්නේ නම්, එහි ආනිසංස දකින්නේ නම්, එයින් තමන්හටත්, ලෝකයාටත් යහපතක් වන්නේ නම්, මෙලොව යහපත පිණිසත්, පරලොව සුගතිය පිණිසත් හේතු වන්නේ නම්, කෙලෙස් නිවන්නට උපකාර වන්නේ නම්, එහි යෙදීම සුදුසු බව පැහැදිලියි. එදිනෙදා කවරම කටයුත්තකදී නමුත් මෙම සංකල්පනාව හිතකර වේ.

කරුණාවෙන් කෙනෙකුට පිහිට වෙන කෙනෙකු සොයා ගැනීමත් දුර්ලභ කාරණාවක්. පිහිට වු කෙනා කෙරෙහි කෘතවේදීභාවය දක්වන කෙනෙකු සොයාගැනීමත් දුර්ලභ කාරණාවක්. පිහටවන්නට හැකි මානසිකත්වයක් ඔබ සතු වේ නම් ඔබ ඒ පළමු දුර්ලභ පුද්ගලයා වන අතර කාගේ හෝ පිහිටක් ලද කල්හි කෙලෙහිගුණ සලකන්නේ නම් ඔබ දෙවැනි දුර්ලභ පුද්ගලයාද වන්නේය.

තන්හාවෙන් තොර සිතක් පුරුදු කරන්නේ නම්, සියල්ල සම්පූර්ණ වන බවත්, තන්හාව ඇති තැන සැමදා අසම්පූර්ණ බවත් නුවණින් බලන කල්හි පැහැදිලි වේ.

ප්‍රඥාවන්ත අය පොඩි පොඩි කාරණා නිසා මිතුරන් පෙළන්නට ගොස් වෙහෙසට පත්වන්නේ නැත. මිතුරන් නැති කරගන්නේ ද නැත. එසේම තවත් වැදගත් ගුණයක් වන්නේ, යමෙක් අමනාප වන්නේ ද එය ඉවසාගෙන පෙර පරිදිම කරුණාවෙන් කටයුතු කිරීමයි.

අවදියෙන්, සිහියෙන්, සමාධිමත් සිතකින්, වඩාත් හොඳ අවධානයකින් යුතුව, සැලකිලිමත්ව කටයුතු කරන කල්හි ප්‍රඥාව නිසි තැන පිහිටුවා ගත හැකිම වේ.

15875497_10211753355970536_2518165678236564331_o.jpg