Ven Seelagawasi Maha Thero- Buduguna Ashirwadaya

මේ දුර්ලබ සුත්‍ර ඔබට ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වේද එය මේ හඬපට බෙදාදුන් පුජ්‍ය වැල්ලවත්තේ සීලගවෙසි ස්වාමින්වහන්සේටත් ,මටත් ,මගේ දෙමාපියන්ටත්,මගේ පව්ලටත් ,සියලු ඤාති හිත මිතුරන්තට් මේ ජීවිතයේදීම උතුම් වූ චතුරර්යසත්යොවබෝදය පිණිසම හේතුවේවා,හුදෙක් ධර්ම දානයක්ම වේවා

 

 

Meditation program at a Kinder Garden

Yesterday there was a meditation program at a Kinder Garden. Metta Meditation and Walking Meditation were introduced. The children were so much keen to follow meditation.
Yesterday evening we had a meditation program for children at Suhasini’s home. We did Metta Meditation, Walking Meditation and Mindfulness of Breathing.
I have been invited for a meditation program at a Synagogue. Today morning it would be conducted. After noon meal I leave for Maryland.

Wellawatte Seelagawesi Thero

Ashirvadha for Sachini

මා ඔබගෙන් අපේක්ෂා කරන ලොකුම ලොකු උදව්වක් වේ. සචිනි දූට Chemo දෙකක් දී Bone marrow zero කර bone marrow transplant එකක් කරන්න වෛද්‍යවරුන් උනන්දුයි. ඒ සඳහා සචිනි දූ බොහෝ සෙයින් ශක්තිමත් විය යුතුයි. ඇය තමාට අවශ්‍ය ශක්තිය ලබන්න තරම් ආකර්ශනශීලි විය යුතුයි. ඇය ශක්තිමත් කරන්නත්, ඇයගේ ආකර්ශනශීලී ස්වභාවය වැඩි දියුණු කරන්නත් ඔබට පුලුවන්. ඒ සඳහා උනන්දු වන්න.
වෛද්‍ය පණ්ඩුල හා වෛද්‍ය මදුරා ඉදිරිපත් වී සිටිනවා අවශ්‍ය ආධ්‍යාත්මික මගපෙන්වීම කරන්න. ඒක අපට විශාල බලාපොරොත්තුවක් හා ශක්තියක්. ඔබත් මේ ක්‍රියාවලියේ ශක්තිමත් පංගුකාරයෙකු/පංගුකාරියක වෙන්න. හැමෝටම තෙරුවන් සරණයි!

Advise For mediation

මෛත්‍රී කර්මස්ථානය බොහෝවිට සමථ භාවනාවටයි අයත් වන්නේ. සමාධිය නිසා සිත ශක්තිමත් වේ. විදර්ශනාව නිසා ප්‍රඥාව වැඩේ. මෛත්‍රිය ආරම්භ වන්නේ මම නිදුක් වෙම්වා ආදී කර්මස්ථානයකින්. සිත භාවනා අරමුණ තුල නැවැත නැවත යෙදෙන කල්හි සිතට හොඳින් අරමුණෙහි යෙදේ. එවිට යහපත් විවේකයක් සිතට ලැබෙන අතර ආයාසයකින් තොරව සිත එම භාවනාවේ රඳවන්නට පහසු වේ. පසුව මේ කර්මස්ථානය නිසා උපන් සමාධියේ සිත යෙදෙන විට කර්මස්ථානය සඳහා උපාකාර වූ විතර්කයෙන් නිදහස් වේ. මෙසේ ධ්‍යාන ගැඹුරින් වැඩෙන කල්හි විදර්ශනාවට සිත යොමු කිරීම පහසු වේ. සමථය පාදක කරගෙන විදර්ශනාවට යොමුවන යෝගීන් මෛත්‍රිය හෝ මරණානුස්සතිය වැනි කර්මස්ථානවල යෙදේ.

භාවනා පුහුණු කරන අය මිස භාවනාව ගැන දන්න, එසේ නමුත් පුරුදු පුහුණු නොකරන අය, අත්දැකීම් සහිතව යමක් බෙදාගන්නට අපොහොසත් නමුත් තර්ක කරන්නට හැකි අය බව සත්‍යයකි.

මා ඇසුරින් භාවනාව ඉගෙන ගත් කෙනෙක් ඔහු බීමට ඇබ්බැහි වී සිටින කාලයේ තමන් සමඟ එකට මත්පැන් පානය කරන කල්හි සාකච්ඡාවට අරමුණු කොට ඇත්තේ ආනාපාන සති භාවනාවයි. තම ගැබිනි භාර්යාව බොරුවක් කියා මහනුවර Market එක ලඟ නතර කරලයි, බොන්න ඇවිත් තියෙන්නේ. කොහොම හරි තම බිරිඳ බොන තැනට පැමිණියම දෙන්න දුවන්නට වූ අන්දමයි අප සමඟ බෙදාගත්තේ.

අද ඔහු සාර්ථකව භාවනා කරන, භාවනාව උගන්වන්න තරම් හොඳ අත්දැකීම් ඇති, විශේෂයෙන් අභිධර්මය ගැන සුවිශේෂ දැනුමක් ඇති, නිහඬව ම විශාල ශාසනික මෙහෙවරක් කරන, උදාර පෞරුෂයක හිමිකරුවෙකි.

අපට කෙනෙක් තර්ක කරනු පිණිස දිරිගන්වන්නට අවශ්‍ය නැත. එසේ නමුත් භාවනාවේ නිරත වනු පිණිස, වඩ වඩාත් භාවනාවේ යෙදෙනු පිණිස දිරිමත් කරන්නට සැබෑ කැමැත්තක් හා උනන්දුවක් ඇත.

මේ ගැන ඔබගේ අවධානය යොමුකරන්න. භාවනාවේ යෙදෙන්න. අත්දැකීම් බෙදාගන්න. තෙරුවන් සරණයි!

Program for Pregnant Mothers

අද දවසේදී කටුගස්තොට ගොහාගොඩ පාරේ, බෝලාන අයියාගේ නිවසේදී අපි පින්කමක් කළා. ඒ ගැබිනි මව්වරුන් මුල් කරගෙන කළ දානමය පින්කමක්. මව්වරුන් 15 දෙනෙකු සඳහා හදිසියෙන් සංවිධානය කළ වැඩ සටහනක් වූ මෙය සංවිධානය කරන්න හැත්තෑපස් දෙනෙකුට වඩා එකතු වුනා. හෘද සාක්ෂිය හා සුගතිගාමී ධර්ම අතර ඇති වෙනස පිළිබඳ සාකච්ඡාවක් කරන්නට යෙදුනු මා අපගේ වෛද්‍ය පණ්ඩුලටත් සුහද සාකච්ඡාවක් සඳහා අවස්ථාව දුන්නා. සහභාගී වූ සියලු දෙනාම අතිශයින්ම සතුටට පත්වන්නට මේ වැඩ සටහන හේතු වූ බවයි අපට දකින්න ලැබුනේ. මේ පින් අනුමෝදන් වන සියල්ලෝ සැපවත් වෙත්වා!

Abroad programs USA/UK/France/

Tomorrow I am going to leave Sri Lanka. I spend one night in UK and then leave for Delaware in USA on the 17th of May. This is how all those programs are scheduled.

17th to 21st of May programs are scheduled in Delaware by Suhasini Amaratunga.

Suraj Navaratne takes responsibility of 21st to 24th of May in Marylands.

25th to 28th programs are coordinated by Alison Easter in Phoenix.

Sanka Thennakoon would coordinate programs of Houston from 29th to 31st of May.

31st of May I leave for Canada and programs are conducted from 1st to 7th of June. Programs are scheduled by Eresha Fernando in Edmonton.

I leave Canada for UK on the 7th of June. Next day I will be in UK and stay one night.

I leave for France on the 9th of June. From 9th to 22nd of June programs are scheduled in France and Netherlands. They are coordinated by Celine and Johan Knol.

22nd of June I leave for UK. I would lead some programs in London, Swindon and Scotland from 22nd of June to 5th of July.

On the 5th of July I leave for Sri Lanka and observe Rain Retreat at Sandun Arana Senasuna for three months.

Consultancy at Kalubowila Hospital

අද දහවල් කලුබෝවිල රෝහලට මා වැඩම කළා යහලුවෙකු සමඟ. ඔහුගේ නංගී අවුරුදු 15ක් දුක් විඳිනවා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය නිසා. අම්මයි තාත්තායි දෙන්නාම මිය ගිය නිසාවෙන් ඇති වු තනිකමයි ඊට හේතුව. ඇය මුස්ලිම් නමුත් මා කතා කළ කල්හි සෑහෙන්න සන්සුන් වන නිසා අවුරුදු දෙකක් තිස්සේ ඇයගේ අයියා ඉඩකඩ ඇති අවස්ථාවල මාව වැඩම කරවාගෙන යනවා.

අද අපට පුලුවන් වුනා තවත් දෙදෙනෙකුට ඇහුම්කන් දෙන්න. ඒ අයට අස්වැසිල්ලක් වෙන්න. රෝහලෙන් discharge කළහම මේ අයට ඉන්න තැනක් ලංකාවේ හොයාගන්න අමාරු නිසා විශාල ප්‍රශ්න මතුවෙනවා. Occupational Therpy, Behavior Therapy, Grief Therapy, Mindful Therapy ආදිය අපේ රටේ හරියාකාරව කරන්න පහසුකම් නැති නිසා මේ අයට නිසි මගපෙන්වීමක් ලබාගන්න අමාරුයි.

අද අපට ඒ වෙනුවෙන් සංවිධානය වෙන්න සිදුවී ඇත්තේ මේ අයට පිහිටවීම අත්‍යවශ්‍ය නිසයි. මා මේ ගැන කිහිප දෙනෙකු සමඟ කතා කළා. Mental Health Care Centers දීප ව්‍යාප්තව ආරම්භ කරන්න හැකි නම්, එය විශාල සේවයක් බව අපට පැහැදිලිව පෙනෙනවා.

https://en.wikipedia.org/wiki/Collective_behavior

http://www.goodtherapy.org/learn-about-therapy/issues/grief

https://en.wikipedia.org/wiki/Occupational_therapy

https://en.wikipedia.org/wiki/Collective_behavior

https://en.wikipedia.org/wiki/Mindfulness-based_cognitive_therapy

Seelagawesi Thero වැල්ලවත්තේ සිලගවේසි ස්ථවිරයන් වහන්සේ

 

Rescue of Cow Suddhi

Today we handed over this cow to Pushpaleela. She is a mother of two children. I could noticed that she is very kind for this cow. We call her Suddee and she may become a child of this family at Kellebokka.

More photos

<iframe src=”https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fwellawatteseelagawesi%2Fposts%2F10212960263542471&width=500″ width=”500″ height=”663″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowTransparency=”true”></iframe>

මහ රෝහලට Colostomy bags 100ක් පරිත්‍යාග

අද මහනුවර මහ රෝහලට Colostomy bags 100ක් පරිත්‍යාග කරන්න කටයුතු යොදනවා. Colostomy සැත්කම්වලට ලක් වූ අයට මේවායේ අවශ්‍යතාවයක් තියනවා. අපට ශක්ති පමණින් කාටත් පිහිට වෙමු.