Annual Alms Giving at Sandun Arana Senasuna

Annual Alms giving has been organized by Rev. Sirinanda and Rev. Lakkhana at Sandun Arana Senasanaya, yesterday. It was so much beautiful and we were able to find blessings for Mely Malli as it was his birthday. I am grateful to everyone for their utmost support. May everyone obtain merit!

 

Dhambadiva pilgrimage diary

දැන් ටිකකට කලින් ශ්‍රී ලංකාවට වැඩම කළා. දැන් මහනුවර බලා ගමන් කරනවා. බොහෝම වටිනා දඹදිව වන්දනාවක් නිම කළා. හැමෝටම පින් අනුමෝදන් කරනවා. (10/03)

දැන් හැමෝම සූදානම් අග්‍රාවලින් පිටත්ව දිල්ලි යන්න. මේ ගමනේදී මහා සතිපට්ඨානය දේශනා කරන ලද ස්ථානයට වැඩම කරන්න අපේක්ෂා කරනවා. ඒ තමයි අපගේ ගමනේ අවසාන වන්දනා ස්ථානය.
http://www.shraddha.lk/shraddha-programs/kuru-niyamgama-mahamegha-buddha-bhumi-vandana/  (09/03)

මම වෛර නොකරමි. ඉවසමි.
කෝප නොවෙමි ඉවසමි.
මම මෛත්‍රී සහගත සිත් ඇත්තෙකු වන්නෙමි.
කරුණාවන්ත වන්නෙමි.
අන් අයගේ සැපතේදී සතුටු වන්නෙමි.
අෂ්ඨලෝක ධර්මය හමුවේ කම්පා නොවන්නෙමි.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!!

අද දවසේ නිතර සිත යොමු කළ භාවනාව මෙය විය. ඔබත් පින් අනුමෝදන්ව සැපවත් වූ කෙනෙකු වන්න.  (08/03)

ඊයේ දවසම ගෙවුනේ ඉසිපතනාරාමය ඇසුරේ. හදවතට හරිම සමීප ස්ථානයක්. භාවනාවන් හා ධර්ම සාකච්ඡාවන් මෙන්ම ධම්මචක්ඛපවත්තන සූත්‍ර සජ්ඣායනවේත් යෙදුනා. අපගේ බුද්ධ භූමි වන්දනාව බොහෝ දුරට අවසාන වෙලා. රාත්‍රී 12.45 ට සාරානාත්වලින් පිටත් වූ අපි අග්‍රාවලට අද හවස සම්ප්‍රාප්ත වුනා. අතිශය දීර්ග ගමනක යෙදුනා. හැමෝම ශක්තිමත් සතුටින් සිටීම ලොකුම දෙයක්. හැමෝටම පින් පෙත් අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි!

Yesterday we were very happy to spend time at Isipathana Migadaya. We could do meditation, Dhamma Discussion and We were very happy to chant Dhammachakkhapavattana Sutta. https://en.wikipedia.org/wiki/Sarnath

 (08/03)

අද පාන්දරම අවදි වෙලා පැන් පහසුව ලැබුවා. පැයකට ආසන්න වෙලාවක් භාවනාවේ යෙදුනා. දැන් ඉතින් බුද්ධගයාවෙන් සමුගෙන, බරණැස වැඩම කරන්නයි සූදානම. අපට විවිධ අයුරින් උපකාර වන හැමෝටම බොහෝම පින් සිදුවෙනවා. තෙරුවන් සරණයි!    (06/03)

Visit of Kapilavattu – Nigrodharamaya -It was nearly closing time when we visited this site. We could find peace. It influence us to be silence and observe inner world.

more photos : https://www.facebook.com/media/set/?set=a.10212312592831108.1073741990.1267702068&type=3  (06/03)

We could visit SankassaAs you know the Maithree Bodhisatva got his final Vow for Buddhahood here in Sankassa. Abhidhamma was shared with Ven. Sariputtra Maha Thero here in Sankassa.

more photos  https://www.facebook.com/seelagawesi.thero/media_set?set=a.10156389094172925.1073742072.532902924&type=3 (06/03)

ඊයේ උදේන්ම බුද්ධගයා විහාරයට වැඩම කළා. පිරිස අෂ්ඨාංග සීලයෙහි පිහිටුවා ඒ අය සමඟ වන්දනා කළා. තිලක්ඛණ භාවනාව පුරුදු කළා. ආනාපාන සති භාවනාවෙහි පිහිටියා. එවින් සමඟ සූවිසි මහා ගුණය සජ්ඣායනා කරමින් බුද්ධගයා විහාරය ප්‍රදක්ෂිණා කළා. දුක්ඛප්පත්තා ච නිද්දුක්ඛා ගාථාව සජ්ඣායනා කරමින් එවින් සමඟ බුද්ධ භූමිය ප්‍රදක්ෂිණා කළා. නැවත ආනාපාන සති භාවනාව කළා.
හවස 3.30ට නැවත බුද්ධගයා භූමියට වැඩම කොට සිල් පිරිසත් සමඟ බුදුගුණ ආශීර්වාදය කළා. සිල් පිරිසත් සමඟ සූවිසි මහා ගුණය සජ්ඣායනා කරමින් බුද්ධගයා විහාරය ප්‍රදක්ෂිණා කළා. සිල් පිරිසත් සමඟ චුන්දත්ථේර බොජ්ඣංග පිරිත දැහැන් කරමින් බුද්ධ භුමිය ප්‍රදක්ෂිණා කළා. අනතුරුව සිල් පිරිසත් සමඟ ආනාපාන සති භාවනාව කළා. තවදුරටත් සක්මන් භාවනාවේ නිරත වුනා. දවසම ආධ්‍යාත්මය ගොඩනඟන්නට උපකාර වුනා. මේ පින් ඔබත් අනුමෝදන්ව සැපවත් වන්න. සුවපත් වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි! (06/03)
කම්සැපයටම නැඹුරු උරුමයක් සමඟ උපදින අපට එහි ආදීනව තේරුම් ගන්න හැකි දවසට මේ සසර දුකින් මිදෙන්න ඇති ධර්මයට සමීප වෙනවා. ඒ නෛර්යානික වූ සද්ධර්මය පුරුදු පුහුණු කරනවා. “මානිවත්ත අභික්කම යන බුදුවදනට අනුගතව ඉදිරියටම යනවා. ඒ ගමන් මග ඇති ශාන්තභාවය හදවත සුවපත් කරන බව අදහාගෙන එහිම වීර්යය පිහිටනවා. මේ ව්‍යායාමය කෙරෙහි පැහැදෙන අය නිර්වාන මග ගමන් කරන උත්තමයින්ට සිව්පසයෙන් සංග්‍රහ කරමින් ඉමහත් සතුටක් ලබනවා.
මේ කාරණා කිහිපය ගැන සිතන්න මා සිත නැඹුරුවීම ගැන සතුටු වන අතර මේ චීවරය දරාගත් දවසේ පටන් අද දක්වා අපට නන් අයුරින් උදව් උපකාර කරන අයට මෙසේ බුද්ධගයාවේ සිට අපගේ හෘදයාංගම කෘතවේදීභාවය පළ කර සිටිනවා.
සියලු දෙනාම සුවසේ සැපසේ ජීවිතය විහරණය කරත්වා! (05/03)

It is a pleasure to meet Darcie Price at the Main Temple of Bodhgaya. We could sit for meditation together. Tomorrow morning we sit again for meditation. I heard that she is going to stay for another three weeks. She is a good friend of mine as she followed Antiaque Buddhist Studies. I could introduce our Sri Lankan devotees to her. Sri Lankan devotees were happy when I say Darcie is a friend of Cindy Eigler. It is true that we meet again and again in this life by life journey.  (04/03)

බුද්ධගයා භූමියට පැමිණි අප විවිධ ගෝෂා මධ්‍යයේ පැයකට වඩා භාවනා කළ නමුත් වන්දනා ගථා සජ්ඣායනා කළේ නම් නැත. ඒ ඒ සම්ප්‍රදායන් ගරු කරන කණ්ඩායම් ශබ්ද වාහිනී ඇසුරින් කළ පූජා, දේශනා ආදිය නිසා බුද්ධගයා භූමියම ගෝෂාවකි. ඒ සියල්ල මධ්‍යයේ මා සාර්ථකව භාවනා කළ බව මාගේ විශ්වාසයයි. අනෙකුත් සියලු ශබ්දයන් මා වෙහෙසට පත් කරන බව වටහා ගැනීම නිසා අනාපානසති භාවනාවට හිත යොමු කිරීම එකම සැනසීමවීම මීට හේතුවයි. (04/03)

අද දවසේ වැඩි අවධානයක් යොමුකරන්නේ අනවජ්ජ සැපයටයි. තමා වඩාත් නිවැරදිව තමා මෙහෙයවීම හෙවත් තමා තමාගේම මගපෙන්වන්නාවීම තුල මෙම සැපය සනාථ කරගත හැකි වන්නේ ය. -at Buddhagaya (04/03)

It is amazing nature could bless us to reach peak and do meditation. Thundering and raining stopped and we could climbed up, sit for meditation and come down any disturbance. We are really fortunate enough to fulfill our wish. May everyone obtain merit! (04/03)

It is dark and raining started.Our intention is strong and we are still hopeful. There will be some amazing transformation. Yes of course we are hopeful to reach peak and sit for meditation. (04/03)

Now we are on the way to the place where the Bodhisatva started self mortification. We are going to do meditation. Now it seems to be a huge raining. We are hopeful for our meditation. I share wholesome energy with all. Theruwan Saranai  (04/03)

හරි පුදුමයි අද උදේ බුද්ධගයාවට ලොකු වැස්සක් වැස්සා. මට නම් ඒක මහත් ආශීර්වාදයක්. දැන් අපි දුෂ්කර ක්‍රියා ගුහාව අසල භාවනා කරන්න වැඩම කරනවා. පාරවල් එහෙම දැන් හොඳට හදලා. ඒක හරිම වටිනවා. අද දවස බුද්ධගයා පරිශ්‍රයේ ගත කරන්නයි අපේක්ෂාව. අපගේ ව්‍යායාමය ඔබ හැම දෙනාගේ ඉෂ්ඨාර්ථය පිණිස හේතු වේවා! වාසනා වේවා! (04/03)

Chanting Cundatthera Bojjhanga Sutta at Veluvana . It was so peaceful visit of Veluvana at Rajagaha. We sat under some trees and had a wonderful discussion. Chanting Cundatthera Bojjhanga Sutta was really healthy for mind and body.

ඊයේ දවසම වාගේ ගෙවුනේ මගධ දේශයේ රාජ්ගිර් ප්‍රදේශයේ. වේලුවනයේ ගස් මණ්ඩියක සෙවන ලබමින් මහා චුන්දත්ථේර බොජ්ඣංග පිරිත් දේශනා කළෙමු.වඩාත් හිත්ගත් ස්ථානය ගිජ්ජකූටයම විය. එහි විනාඩි 40කට ආසන්න කාලයක් භාවනා කරන්න හැකි විය. මොග්ගල්ලාන කුටියේ සත්බුදු වන්දනාව හා මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග පිරිත් සජ්ඣායනා කළෙමු. ගිජුකුලු පව්වට ගිරිශිඛර ඔස්සේ නඟින්නට වූ මා එම adventure එකේදී මහත් අපහසුතාවයන්ට මුහුණ දුන්නේ තනිවම එහි නිරත වූ බැවිනි. මේ ගමන පුදුමාකාර සැනසීමක් විය. (04/03)
https://en.wikipedia.org/wiki/Rajgir

මගධ රාජධානියට ලඟාවෙද්දී තද වාහන තදබදයක්. අපි බොහෝම විවේකීව තිලක්ඛණ භාවනාවේ යෙදුනා. දැන් අපි නාලන්දාවට සමීප වෙනවා. මහේෂා දූ මගෙන් ඇසුවා මා නාලන්දාවට වැඩම කරනවාද? කියා. ඇයි එහෙම අහන්නේ කියා මා ඇසුවා. එවිට ඈ පැවසුවේ මගේ අතීත file ඇරිලා ලොකු සංවේගයක් ඇති වේවි කියලා. මා මෙන්ම සංවේදී අය මා ඇසුරේ සිටීමත් ඉමහත් සතුටක්. (03/03)

https://en.wikipedia.org/wiki/Nalanda

Tarit is one of my best friends. He was born on 16th of January in 1957. I was born on 16th January 1963. We have been working together for many years. We truly trust each other. He has given me a few relics. It is really a wonderful sharing indeed. One day he will visit Sandun Arana Senasuna. We wish the whole world for peace and harmony with enormous loving kindness! (03/03)

කුසිනාරාවේ කුකුත්තා නදියෙන් වතුර උගුරක් පානය කරන්න ඉමහත් කැමැත්තක් ඇති වුනා. එහෙත් එය වැළකුනේ අධික දුර්ගන්ධයයි, තද අපිරිසිදුභාවයයි නිසාමයි. (03/03)

ඊයේ හවස විශාල මහනුවර බලා පැමිණෙන අතරවාරයේ අපි කායගතා සති භාවනාව සජ්ඣායනා කළා. හැමෝම වගේ සතුටින් හා සනීපයෙන් සිටින බවයි පෙනෙන්නේ. දුෂ්කරතා මධ්‍යයේ නමුත් සතුටින් කටයුතු කරන්න ලැබීම භාග්‍යයක්. කුසිනාරාවේදී Netherlands හා Colombia දෙපළක් අපගෙන් ගමන් පහසුකම් ඉල්ලා සිටියා බුද්ධගයා යන්න. ඔවුන්ට ඒ අවස්ථාවත් සතුටින් ලබාදුන්නා. මේ අර්බුදකාරී පීඩාකාරී ජීවන ක්‍රමයන්ගෙන් නිදහස්ව සරල තෘප්තිමත් ජීවිතයකට හැඩගැසෙන්න භාවනා ක්‍රම උපයෝගී කරගන්න බවයි කියා සිටින්නේ.අපගේ අත්දැකීම් පිළිබඳව ඒ අය ගොඩාක් උනන්දු වුනා. සමහරවිට සඳුන් අරණට පැමිණෙනවා ඇත.  (03/03)


විශාලා මහනුවර ආනන්ද චෛත්‍යය අභියස ඇති කුලුනෙහි ඉන්න සිංහයා කුසිනාරාව දිහා බලාගෙන ඉන්නා බව මා දැනගත්තේ ඊයේ. අපි එතැනට ලඟා වන විට වහන්න ඔන්න මෙන්න. ඇතුළට යන්න අවස්ථාව ලැබීම ගැන හරිම සතුටුයි. මීට අවුරුදු පහකට පෙර ගිය තැනට වඩා මෙය හරිම වෙනස්. කැනීම කර විශාල පොකුණක් හා මන්ත්‍රණ ශාලාවක් මතුකරගෙන තියෙනවා. බොහෝමත්ම ලස්සනට මෙම ස්ථානය නඩත්තු කරනවා දැකීමත් සතුටක්. රතන සූත්‍රය දේශනා කරමින් අපි චෛත්‍යය ප්‍රදක්ෂිණා කළා.
අද උදෙන්ම රජගහ නුවර බලා පිටත් වන්නට යෙදුනා.
http://www.thinkingparticle.com/articles/vaishali-ashok-pillar-stupa-buddhist-site-bihar

බොහෝම ජනාකීර්ණ පුංචි පාරවල් දිගේ අපි දැන් ඇදෙන්නේ විශාලා මහනුවර දෙසටයි.  (02/03)
https://en.wikipedia.org/wiki/Vaishali_(ancient_city)

ඊයේ රාත්‍රියේදී කුසිනාරාවට පැමිණි අපට අද උදේ පිණ්ඩපාත දානයක් පිළිගන්වන්න හැකි වුනා. එය ඉතා සැදැහැවත් සිතින් පිළිගන්වන්න අපේ දායකයින් සමත් වුනා. පරිනිර්වාන මංචකය, අංගාර චෛත්‍ය වන්දනා කරගත් අපට Yamacafe එකේ තරිත් මහත්මා දානය වළඳන්න උපකාර වුනා. දානය අවසානයේ ඔහු රජවරුන්ගේ කාලයේ පටන් පැවත එන දාතූන් වහන්සේලා කිහිප නමක් අපට පූජා කළා. තරිත් මාගේ අතිශය සමීප මිතුරෙක්. ඔහු 1957 ජනවාරි මස 16 උපන් කෙනෙක් වන අතර මා 1963 ජනවාරි 16යි උපන්නේ. සසර හුරුවටයි අපි මේ තරම් සමීප. (02/03)
http://www.buddhanet.net/e-learning/buddhistworld/kusinaga.htm

 

මාර්තු පළමු වැනිදා උදේ ලුම්බිණි වනයේදී වන්දනා කරන්න අවස්ථාව ලැබුණා. ඉතාමත් සාමකාමී එසේම සැනසිලිදායක වන්දනා ගමනක්වීම අපට ඉමහත් සතුටක්. ඔබත් සතුටින් මේ පින් අනුමෝදන් වන්න. (02/03)

It is great that we could visit this blessed site early in the morning. We sat together and did meditation. We could chant Dhammachakkapavattana Sutta too.

පෙබරවාරි මස 28 වැනිදා ශ්‍රාවස්තියේ ජේතවන විහාරය ආශ්‍රිතව වන්දනා කටයුතුවල නිරත වන්නට අවස්ථාව ලැබුණි. හවස් වරුවේ ලුම්බිණි බලා පිටත් වන්නට විය. යන අතරවාරයේදී නීග්‍රෝධාරමයත්, සිදුහත් කුමරුවන්ගේ මාලිගා තුනත් දැක බලා ගන්නට හැකිවිය (02/03)
http://www.ancient.eu/Kapilavastu/

සංකස්සපුර වන්දනාවෙන් පසුව ශ්‍රාවස්ථිපුරයට පිටත් වු අපට රාත්‍රී 10.30 පමණ වන විටි වල්ලාම්පුර Patik House වල නවාතැන් ගන්නට හැකි විය. අද උදේ වරුව ජේතවනරාමය ආදී ස්ථාන වන්දනා කොට, භාවනා කොට දහවල් ලුම්බිණි බලා පිටත් වන්නට නියමිතයි. මේ පින් ඔබත් අනුමෝදන්ව සැපවත් වන්න. තෙරුවන් සරණයි! (28/02)
https://en.wikipedia.org/wiki/Shravasti

සංකස්සපුර විස්තර සපයා තිබීම අගය කරන අතර අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි. (27/02)

ඊයේ දිල්ලියෙන් ආරම්භ කළ වන්දනා ගමනේදී බුද්ධ ඥාණ සමර්ශණ භාවනාවත්, බුදුගුණ භාවනාවත් සිදු කළ හැකි වුනා. රාත්‍රිය ගත කළේ අග්‍රාවලයි. අද උදේන්ම පිටත් වූ මේ ගමන් කරන්නේ සංකස්සටයි. අද දවස ආරම්භ කළේ මෛත්‍රී භාවනාවෙන්. එය සිතට මහත් සැනසිල්ලක්. සියලු සත්වයෝ සැප සේ – සුවසේ වෙසෙත්වා!  (27/02)

Yesterday we started our pilgrimage. We spent night in Agra. Now early morning we are going to leave for Sankassa. (27/02)
https://en.wikipedia.org/wiki/Sankassa

It is a pleasure that I met Rukshan Kariyawasam at the Airport. He wanted to do a favor for me to have a seat in Air India. I could see that he gave a to a friend of him. I am waiting for checking. Checking will be started at about 2.00 am. (26/02)

I am grateful to all those who help me in every way. I share wholesome energy with everyone. May everyone obtain merit and gain health and wealth!  (26/02)

දඹදිව චාරිකාව සඳහා වැඩම කරන මා දැන් සිටින්නේ Airport එකේ. එවින් මාගේ කැපකරුවා වෙලා. මහ ස්ථවිරයන් වහන්සේ කෙනෙකුගේ කැපකරුවා හැටියට සති දෙකක වගකීමක්. මහා පිනක් අත්කරගන්න හැකි වෙනවා. එය සසර ගමන සැපසේ සුවසේ නිමකරන්නට හේතු වේවා!  (26/02)

Medidation program at Sandun arana

අති පූජණීය සීල ගවේශි මා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සදුන් අරණ භාවනා මධ්‍යස්ථානයේදී පවත්වන්නට යෙදුණු භාවනා වැඩ සටහන.

BHANTE WELLAWATTE SEELAGAWESI THERO
වැල්ලවත්තේ සිලගවේසි ස්ථවිරයන් වහන්සේ

Syringe Pump has been donated to Mawanella Hospital

We came to know that the syringe pump has been broken at Emergency Unit of Mawanella Hospital. We wanted to donate one and we had some support from a few friends and today it was donated. I am grateful to everyone who helped for this wholesome activity. May you obtain merit and gain health, wealth and prosperity!

click here fore more details 

Today we rescued a cow. We call her Nimasha

Today we rescued a cow. We call her Nimasha. She has been given to Madduma Banda. They may look after her like a daughter of them. I wish that you may obtain merit. Next cow would be rescued on the 12th of March.

Wellawatte Seelagawesi Thero

click here for more photos

Siringe Pump of ETU of Mawanella Hospital


මාවනැල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ Siringe Pump එක කැඩිලා. මා කැමැතියි අලුත් එකක් පූජා කරන්න. රුපියල් 90000/- වන බවයි දැනගත්තේ. ඉතින් මේ පින්කමට සහයෝගය දෙන්න කැමැති අය. සහභාගී වෙන්න කැමැති අය අපට කතා කරන්න. මෙන්න අපගේ අංකය +94719944772

සියලු දෙනාම සියලු කල්හිම සැපසේ සුවසේ වෙසෙත්වා!

I heard that the Siringe Pump of ETU of Mawanella Hospital has broken. I need to contribute one. I would like to find your help. Please contact me those who are happy to help me. This is my contact number +94719944772

May Triple Gem bless you for health, wealth and contentment!

16463647_10212008779035953_2632492445469792710_o

නවගුණ යන්ත්‍රය අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් පිරිත් කිරීම

ඊයේ හවස 3.30ට තවලන්තැන්න, නකල්ස්වත්තේ, සඳුන් අරණ සේනාසනයේදී, නවගුණ යන්ත්‍රය අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් පිරිත් කිරීම ආරම්භ කළා. මෙම නවගුණ ශාන්තිය වෙනුවෙන් කැමැති කෙනෙකුට පැමිණ සහභාගී වන්නට පුලුවන්. මේ වෙනුවෙන් උදව් උපකාර කරන සැම දෙනාටම අපගේ හෘදයාංගම කෘතවේදීභාවය පළ කර සිටිනවා. තෙරුවන් සරණින් සියලු දෙනා සුවසේ, සැපසේ විහරණ කරත්වා!

click here for more photos 

කෘතවේදී භාවය පළ කිරීම

මෙම වෙබ් අඩවිය බොහෝ දෙනාට අතිශයින්ම ප්‍රයෝජනවත් වන අන්දමින් නිර්මාණය කළ අපගේ කළ්‍යාණ මිත්‍ර පණ්ඩුක බණ්ඩාර මහත්මාට පළමුවෙන්ම කෘතවේදීභාවය පළ කරසිටිමි. එසේම එතුමාගේ උපකාර දිගින් දිගටම ලැබෙන බැවින් මෙම අඩවිය ධර්ම දායාදය පිණිස උල්පතක් වන බව විශ්වාස කරමි. මේ කර්තව්‍ය නිසා උපදින සියලු යහපත් කුසල ශක්තීන් සියලු ලෝවැසියන්ගේ සුඛවිහරණය පිණිස අනුමෝදන් කරමි.

ආදර්ශයට ගත යුතු බොහෝ උත්තමයින් ආදර්ශයට ගෙන, එසේම ප්‍රඥාසම්පන්න, ගුණගරුක උත්තමයින්ගේ ආභාෂයෙන් රටට ලෝකයට වඩාත් ඵලදායි සදහම් මෙහෙවරක නිරත වෙමින් ආදර්ශයක් වන්නටත්, අනුබලයක් වන්නටත් අධිෂ්ඨාන කරමි. සියලු ලෝවැසියෝ සියලු කල්හිම සැපවත් වෙත්වා! සුවපත් වෙත්වා!