ශ්‍රී දළඳා මාලිගාව ,Temple of the Tooth Relic

අද උදේ ඉඳියප්පන් පාර්සල් 35ක් බෙදාදීලා ශ්‍රී දළඳා මාලිගාවට වැඩම කරලා, මෛත්‍රී භාවනවා කරලා, බොජ්ඣංග සූත්‍ර දේශනා කරන්නට නියමිතයි. උදේ 7.15 මාලිගාවේ ඇති චෛත්‍යය අභියස මේ කටයුත්තේ නිරත වෙනවා. සෑමදෙනාටම ආශීර්වාදයක් වේවා!
Today morning we distribute 35 parcels of string hoppers. Then we sit for the practice of loving kindness and chant Bojjhanga Suttas at the Temple of the Tooth Relic at 7.15 am. This would be a great blessing for everyone!

Seelagawesi Thero

ධාතු තැන්පත් කිරීම

අති ගෞරවණීය පූජ්‍යපාද වැල්ලවත්තේ සීලගවේෂි මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසනා යටතේ පිංවත් කනක ගුණතිලක මහත්මිය විසින් ඉන්දියාවේ කුසිනාරා නුවර සිට වඩමවන්නට යෙදුන උත්තම වූ වන්දනීය ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේලා දෙනමක් සදුන් අරණ භාවනා මධ්‍යස්ථානයට පූජා කරන්නට යෙදුනා.
මේ අවස්ථාවට වැඩමවා වදාළ ශ්‍රි සුමේධ භාවනා මධ්‍යස්ථානාධිපති පූජණීය සාගර සුමන ස්වාමීන් වහන්සේ හා අනුශාසක පූජණීය සිරි නන්ද ස්වාමින් වහන්සේ විසින් විසිතුරු ආකාරයෙන් බුද්ධ පූජා පවත්වා මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, අනුශාසනා හා බුද්ධ වන්දනා සිදුකිරීමෙන් අනතුරුව දෙවියන් ප්‍රධාන සියලු සත්ව ප්‍රජාවටම පිංපෙත් අනුමෝදන් කරන්නට යෙදුනා.
මෙම අවස්ථාවට විශේෂ අනුග්‍රහය දැක්වූ මනෝහර රත්නායක මහත්මාටත් නොරිකා රත්නායක එම මහත්මියටත් නිදුක් නිරෝගීව සුවසේ පාරමී පුරා ගැනීමට ලැබේවා ,
ඒ වගේම මහා සංඝ රත්නයට හා සහසම්භන්ධ වූ සියලු පිංවතුන්ට දානය පූජා කොට අනුග්‍රහය දැක්වූ පිංවත් ප්‍රියන්ත අකුරුගම මහත්මාටත් එම පවුලේ සියලු දෙනාටත් සුවසේ පාරමී පුරාගෙන ප්‍රාර්ථණීය බෝධියකින් අමෘත මහා නිර්වාණ ධාතුව අවබෝධ කරගැනීමට ලැබේවා ,
මෙම උතුම් පිංකම සදහා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව සහසම්බන්ධ වූ මෙම සෙනසුනට අයත් ඉඩම පූජාකල ජයවීර මහත්මාටත් දැක සිත පහදවාගත් සියලු දෙනාටත්, උදවු උපකාර කල සැමටත් රත්නත්‍රයානුභාව බලයෙන් දෙලොව සුබ සෙතත් ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවත් සුවසේම සාක්ෂාත් වේවා !!
මෙපිං කැමති සියලු දෙනාම
සතුටු සිතින් පිං අනුමොදන් වෙත්වා !!!

අප්‍රේල් මස 28 වැනි දා සිට 30

අප්‍රේල් මස 28 වැනි දා සිට 30 වැනිදා දක්වා භාවනා වැඩ සටහනක් ගෝමරය ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේදී, මෙහෙය වන්නට වැල්ලවත්තේ සීලගවේසී ස්වාමීන් වහන්සේ අදහස් කර සිටිනවා.
මේ භාවනා වැඩ සටහනට සම්බන්ධ වෙන්න කැමැති අය අපට දන්වන්න.
උදේ දානය, දහවල් දානය හා හවස ගිලන්පස වෙනුවෙන් දායක වන්නට කැමැති අය වේ නම් අපට දන්වන්න.
අපගේ මේ අංකයට කථා කරන්න. 0719944772
තෙරුවන් සරණින් යහපතම වේවා!

Donating 100 parcels

It was my intention to distribute some dry rations few Sinhala & Tamil New Year. We could prepare 100 parcels. I am grateful to all those who gave the utmost support. May everyone obtain merit and find joy of selflessness!

වැල්ලවත්තේ සීලගවේසී ස්වාමින්වහන්ස

නකල්ස්වත්තේ සඳුන් අරණ සෙනසුනේ බෝධීන් වහන්සේ නමක් රෝපණය

නකල්ස්වත්තේ සඳුන් අරණ සෙනසුනේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීමේ අවශ්‍යතාවයක් ඇත. ඒ සඳහා භූමිය සකස් කරන්නත්, බෝධීන් වහන්සේ ප්‍රවාහණය කරන්නත් උදව් උපකාර වන්නට කැමැති අය වේ නම් එය විශාල පිනක් වේ.
අපගේ ගෞරවණීය ලක්ඛණ ස්වාමීන් වහන්සේගේ උපන් දිනය යෙදී ඇති ජූලි මස 12 වැනිදා උදේ බෝධීන් වහන්සේ රෝපණය කරන්නට අපේ අදහසක් ඇත.
මෙම මහඟු පුණ්‍ය කටයුත්තට උර දෙන්න කැමැති අය වේ නම් අපට දන්වන්න.
සියලු දෙනාටම සෑම කල්හිම යහපතම වේවා!

මුතියංගන රජමහා විහාරයේ ආනන්ද බෝධීන් වහන්සේ අභියස බුදුගුණ ආශීර්වාදය

මුතියංගන රජමහා විහාරයේ ආනන්ද බෝධීන් වහන්සේ අභියස බුදුගුණ ආශීර්වාදය කරන්නටත්, පිරිත් දේශනා කරන්නටත් අපට අවස්ථාව උදා කරගත හැකි වුනා. සහභාගී වූ සියලුම දෙනාට පිරිත් පැන් බෙදාදුන්නා. සියලු දෙනාම බොහෝමත්ම මෛත්‍රියෙන් හා කරුණාවෙන් සියලු ලෝවැසියන්හට සෙත් පතන්නට වුනා.