ධාතු තැන්පත් කිරීම

අති ගෞරවණීය පූජ්‍යපාද වැල්ලවත්තේ සීලගවේෂි මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසනා යටතේ පිංවත් කනක ගුණතිලක මහත්මිය විසින් ඉන්දියාවේ කුසිනාරා නුවර සිට වඩමවන්නට යෙදුන උත්තම වූ වන්දනීය ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේලා දෙනමක් සදුන් අරණ භාවනා මධ්‍යස්ථානයට පූජා කරන්නට යෙදුනා.
මේ අවස්ථාවට වැඩමවා වදාළ ශ්‍රි සුමේධ භාවනා මධ්‍යස්ථානාධිපති පූජණීය සාගර සුමන ස්වාමීන් වහන්සේ හා අනුශාසක පූජණීය සිරි නන්ද ස්වාමින් වහන්සේ විසින් විසිතුරු ආකාරයෙන් බුද්ධ පූජා පවත්වා මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, අනුශාසනා හා බුද්ධ වන්දනා සිදුකිරීමෙන් අනතුරුව දෙවියන් ප්‍රධාන සියලු සත්ව ප්‍රජාවටම පිංපෙත් අනුමෝදන් කරන්නට යෙදුනා.
මෙම අවස්ථාවට විශේෂ අනුග්‍රහය දැක්වූ මනෝහර රත්නායක මහත්මාටත් නොරිකා රත්නායක එම මහත්මියටත් නිදුක් නිරෝගීව සුවසේ පාරමී පුරා ගැනීමට ලැබේවා ,
ඒ වගේම මහා සංඝ රත්නයට හා සහසම්භන්ධ වූ සියලු පිංවතුන්ට දානය පූජා කොට අනුග්‍රහය දැක්වූ පිංවත් ප්‍රියන්ත අකුරුගම මහත්මාටත් එම පවුලේ සියලු දෙනාටත් සුවසේ පාරමී පුරාගෙන ප්‍රාර්ථණීය බෝධියකින් අමෘත මහා නිර්වාණ ධාතුව අවබෝධ කරගැනීමට ලැබේවා ,
මෙම උතුම් පිංකම සදහා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව සහසම්බන්ධ වූ මෙම සෙනසුනට අයත් ඉඩම පූජාකල ජයවීර මහත්මාටත් දැක සිත පහදවාගත් සියලු දෙනාටත්, උදවු උපකාර කල සැමටත් රත්නත්‍රයානුභාව බලයෙන් දෙලොව සුබ සෙතත් ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවත් සුවසේම සාක්ෂාත් වේවා !!
මෙපිං කැමති සියලු දෙනාම
සතුටු සිතින් පිං අනුමොදන් වෙත්වා !!!

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *