Sri Sumedha Monastery, Rathana suththraya Sajjayana for well wishing flood affected people

අප විසින් විපතට පත් සහෝදර ජන්තාව ට ආසිර්වද පිනිස 8 30 ට
තුන්සූත්‍රය
රතන සූත්‍රය 07
ජය පිරිත
යන පිරිත් දේශනාවන් පවත්වන්නට සූදානම් වන අතර ඔබ සැම් ඔබට හැකි අයුරින් එම වෙලව තුල පිරිත් සජ්ජායනය කර මේ වරශාපතනය නතර වී සැමට රැකවර්ණය
සැළසේවායි ආසිර්වද ප්‍රාර්ථනා එක්කරන්න

Sri Sumedha Monastery

Sri Lanka be safe

උදේන්ම අවදි වෙලා බුදුගුණ ආශීර්වාදය කළා. ලක්වාසී සියලු දෙනාගේම හදවත්වල ඇති බිය වේදනාව දුරුවීම පිණිස මේ ස්වභාවික තත්ත්වය වෙනස් වේවා! කියා ප්‍රාර්ථනා කළා. අප හැම දෙනාටම ඇති මේ අභියෝගය ජය ගන්න ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වැඩිවේවා යන ප්‍රාර්ථනාව හිතේ දරාගෙන නිතරම කටයුතු කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

 

Wishing better health to Shana Bell

අද දවසේ ගිලන්පස සඳහා මාහට Shana Bell ආරාධනා කළා. ඇය බුදුදහමට නැඹුරු වූ අන්දම පැහැදිලි කළා. ඇයට Kienbock’s Disease හැදිලා ඒක ශල්‍ය කර්මයකට ලක් කරන්න අවශ්‍යයි කියලා. මෙය අතේ ඇටවල මිය යාමක් ලෙසයි හඳුන්වන්නේ.
ඇය තායිලන්තයේදී බොහෝම කාරුණික අයගේ බෞද්ධ චිකිත්සා ක්‍රමයකට සුවපත් වුනා ය කියලයි කියුවේ. ඉතින් මේ නිසා ඇය බුදුදහමට ලැදිව, කටයුතු කරන අතර ස්වේච්චාවෙන් මත්පැන්. මත්ද්‍රව්‍ය, වෙනත් හේතු නිසා මානසිකව වැටුනු අයට සති චිකිත්සාවෙන් උපකාර කරන කෙනෙක්. ඇය එම කටයුත්ත මහත් පරිශ්‍රමයකින් කරන අතර විශාල සතුටක් ලබන බවයි පැහැදිලි වූයේ. ඇයගේ අසනීපය පිළිබඳ කතාව ඔබ සමඟ බෙදාගන්නත්, ලිපියක පින්තූර මෙහි පළ කරන්නටත් ඇයගේ අනුමැතිය ලැබුනා.

තමා ලත් සුවය දිවිහිමියෙන් පවත්වා ගන්නට සෙත් පතන්නයි කියා ඇය මගෙන් විශේෂ ඉල්ලීමක් කළා. එය මා සතුටින් ඉටුකරන බව දන්වා සිටියා.

සියලු දෙනාගේ අධිෂ්ඨාන බලයෙන් වැස්ස නතර වේවා!

උවදුරු මඟහැරේවා යන චේතනාව අධිපති කරගෙන අධිෂ්ඨානපූර්වකව සත්‍යක්‍රියා කරන්නට මා හැමවිටම උනන්දු වන්නේ රටින් බැහැරව සිටින මාහට කළ හැකි හොඳම මෙය නිසාවෙනි.

උදව් උපකාර වන සියලු දෙනාට යෝධබල – යෝධ ශක්තිය ලැබේවා!

මේ විපත් කරදර ආරංචි වූ මොහොතේ පටන් මා බුදුගුණ ඇසුරින් සත්‍යක්‍රියා කරනවා. අදත් උදේ 4.30 අවදි වී භාවනා කර සත්‍යක්‍රියා කළා. මේ විපත් දුරුවේවා යන පරමාධ්‍යාශයෙන් සත්‍යක්‍රියා කරන්නට මේ බුදුගුණ ආශීර්වාදය OneDrive එකෙන් download කරගන්න. ශ්‍රී ලංකාද්වීප සියලු වැසියන්ගේ දුක් කරදර දුරුවේවා!

Meya download kara e esurin lankawasi hema denatama seth pathanna.

කෘතවේදීභාවය පළකරමි

මේ වෙලාවේ මා වැඩ සිටින්නේ අමෙරිකාවේ Phoenix වල. Alison තමයි අපගේ වැඩ සටහන් සම්බන්ධීකරණය කරන්නේ. දැන් මා Viber හරහා අපගේ පූජනීය බ්‍රාහ්මණගම මුදිත නාහිමිපාණන් වහන්සේට කතා කළා. මේ වෙලාවේ වැඩ සිටින්නේ ශ්‍රී ලංකාවේ සිද්ධමුල්ල සංඝාරාම රජ මහා විහාරයේයි. Michigan Great Lake විහාරය ආරම්භ කළේ අපගේ පූජනීය මුදිත නාහිමිපාණන් වහන්සේයි. http://www.glbvihara.org/about.html

මා ගිහි කාලයේ පේරාදෙනිය සුබෝධාරාමයේ ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්ෂු පුහුණු මධ්‍යස්ථායේ උගන්වන සමයේ එහි පරිවේනාධිපති වශයෙන් කටයුතු කළේ අපගේ මුදිත ස්වාමීන් වහන්සේයි. අපට බොහෝමත්ම හිතෛෂී වටිනා ආදර්ශවත් නාහිමිපාණන් වහන්සේ කෙනෙකු බැවින් අපගේ හදපිරි කෘතවේදීභාවය පළ කරන්නයි මේ උත්සහ කරන්නේ.

2006 වසරේදී Michigan Great Lake විහාරයේ වැඩ සිටිනා අවස්ථාවේ Alison ගේ පියාණන් Heart Arrest කියා දැනගන්න ලැබුනා. Seattle වල රෝහල් ගතව සිටින ඒ පියාණන්හට Michigan වල සිට Telepathic Healing Session එකක් කළා. එය සාර්ථක වුනා. මේ අත්දැකීම කෙරෙහි උනන්දු වූ Alison – Scotland – Edinburgh State University එකේ Telepathic Healing PhD එකක් කළා. අද මා මේ කතාව අපගේ ගෞරවණීය මුදිත නාහිමිපාණන්හට මතක් කළා.

අද අපගේ මේ මෙහෙවර සාර්ථක කරගන්නට ඉමහත් ආදර්ශයක් හා අනුබලයක් වූ පූජ්‍ය බ්‍රාහ්මණගම මුදිත නාහිමිපාණන් වහන්සේ ගෞරවාදරයෙන් සිහිපත් කරමින් කෘතවේදීභාවය පළ කර සිටිනවා.

Ven Seelagawasi Maha Thero- Buduguna Ashirwadaya

මේ දුර්ලබ සුත්‍ර ඔබට ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වේද එය මේ හඬපට බෙදාදුන් පුජ්‍ය වැල්ලවත්තේ සීලගවෙසි ස්වාමින්වහන්සේටත් ,මටත් ,මගේ දෙමාපියන්ටත්,මගේ පව්ලටත් ,සියලු ඤාති හිත මිතුරන්තට් මේ ජීවිතයේදීම උතුම් වූ චතුරර්යසත්යොවබෝදය පිණිසම හේතුවේවා,හුදෙක් ධර්ම දානයක්ම වේවා

 

 

Ashirvadha for Sachini

මා ඔබගෙන් අපේක්ෂා කරන ලොකුම ලොකු උදව්වක් වේ. සචිනි දූට Chemo දෙකක් දී Bone marrow zero කර bone marrow transplant එකක් කරන්න වෛද්‍යවරුන් උනන්දුයි. ඒ සඳහා සචිනි දූ බොහෝ සෙයින් ශක්තිමත් විය යුතුයි. ඇය තමාට අවශ්‍ය ශක්තිය ලබන්න තරම් ආකර්ශනශීලි විය යුතුයි. ඇය ශක්තිමත් කරන්නත්, ඇයගේ ආකර්ශනශීලී ස්වභාවය වැඩි දියුණු කරන්නත් ඔබට පුලුවන්. ඒ සඳහා උනන්දු වන්න.
වෛද්‍ය පණ්ඩුල හා වෛද්‍ය මදුරා ඉදිරිපත් වී සිටිනවා අවශ්‍ය ආධ්‍යාත්මික මගපෙන්වීම කරන්න. ඒක අපට විශාල බලාපොරොත්තුවක් හා ශක්තියක්. ඔබත් මේ ක්‍රියාවලියේ ශක්තිමත් පංගුකාරයෙකු/පංගුකාරියක වෙන්න. හැමෝටම තෙරුවන් සරණයි!

ශ්‍රී දළඳා මාලිගාව ,Temple of the Tooth Relic

අද උදේ ඉඳියප්පන් පාර්සල් 35ක් බෙදාදීලා ශ්‍රී දළඳා මාලිගාවට වැඩම කරලා, මෛත්‍රී භාවනවා කරලා, බොජ්ඣංග සූත්‍ර දේශනා කරන්නට නියමිතයි. උදේ 7.15 මාලිගාවේ ඇති චෛත්‍යය අභියස මේ කටයුත්තේ නිරත වෙනවා. සෑමදෙනාටම ආශීර්වාදයක් වේවා!
Today morning we distribute 35 parcels of string hoppers. Then we sit for the practice of loving kindness and chant Bojjhanga Suttas at the Temple of the Tooth Relic at 7.15 am. This would be a great blessing for everyone!

Seelagawesi Thero