This is the schedule of Nissarana Dhamma Tour 2018. I wish that every coordinator may help to succeed in this mission


This is the schedule of Nissarana Dhamma Tour 2018. I wish that every coordinator may help to succeed in this mission


2018 මැයි මස 13 වැනි ඉරිදා බොහෝ දෙනාට ආශීර්වාද වනු පිණිස අටවිසි පිරිත 21 වරක් සජ්ඣායනා කර, මහා සංඝරත්නයට දානය දෙන්නට කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙහිදී විශේෂයෙන් විවහා වී අවුරුදු 50ක් ගතවීම නිමිත්තෙන් මලින්තාගේ අම්මාටයි – තාත්තාටයි ආශීර්වාද කරන්නත් අවස්ථාව උදාවිය. පින්කම අවසන් වූයේ පුදුමාකාර වර්ෂාවක් මධ්‍යයේම විය. ඕෂධ හා මා ගඟෙන් නාන්නට කැමැත්තෙන් සිටි නමුත් එය ව්‍යවර්ථ විය. ලෝක ස්වභාවය සතුටින් භාරගෙන, ඉදිරියට යා යුතුම වන අතර සසර දුකින් නිදහස් විය යුතුම වේ.

වැල්ලවත්තේ සීලගවේසී ස්වාමීන් වහන්සේගේ විදේශගතවීම වෙනුවෙන් ආශීර්වාද කිරීමත්, දරුවන් කිහිප දෙනෙකුගේ නීරෝගීභාවයත් අරමුණු කරගෙන, අටවිසි පිරිත 21 වරක් සජ්ඣායනා කර, අටවිසි පිරිතෙන් දහ දහස්වරක් පිරිත් කරන ලද නවගුණ යන්ත්‍ර බෙදාදෙන්නට අපෙක්ෂා කෙරේ
https://www.facebook.com/events/1095745890583691/.
අප්‍රේල් 4 වැනිදා උදේ සුදු නෙලුම් සොයා ගැනීමට නොහැකි වූයෙන් මානෙල් මල් සපයා ගන්නට යෙදුනි. මහනුවර දළඳා මාලිගාවේ චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස තෙරුවන් වන්දනා කර, මෛත්‍රී භාවනාවේ යෙදී, අනතුරුව බොජ්ඣංග සූත්‍ර සජ්ඣායනා කර සියලු ලොවැසියන්හට ආශීර්වාද කරන්නට වූයෙමු.

ඊයේ අපි වැඩම කළේ හදිසි අනතුරක් නිසා මොළයට හානි වී දැන් සුවපත්භාවයට පත්වෙමින් සිටින වාසනා නිශාදි දියණිය බලන්නයි. ඇය 2016 අපොස සා/පෙළ විභාගයෙන් හොඳින් සමත්ව උසස් පෙළ සඳහා පාසැල් යන අපේක්ෂාවෙන් සිටියදීයි මේ අනතුරට ලක්වූයේ. අපගේ උත්සාහය වන්නේ සම්පූර්ණ සුවය ලබා පාසැල් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස උපකාර වෙන්නයි. ඇයගේ කටයුතු වෙනුවෙන් රුපියල් 50000/- පියාණන් අතට දෙන්නට අපට හැකියාවක් ලැබුණු අතර ඒ වෙනුවෙන් උදව් උපකාර වූ අයට කෘතවේදීභාවය පළ කරසිටිමි.
ting
ශ්‍රී දළඳා මාලිගාවේදී මල් පූජා කිරීමත්, මෛත්‍රී භාවනාවත්, බොජ්ඣංග ධර්ම සජ්ඣායනාවත් ඇසුරින් සියලු ලෝවැසියන්හට සෙත් පතන්නට අවස්ථාව ලැබුනා.

අද හවස 3.30 ට මහනුවර දළඳා මාලිගාවේදී බුදුගුණ ආශීර්වාදය සිදුකොට පැමිණි හැම දෙනාටම රන්වන් බෝධින් වහන්සේ අසලදී සංග්‍රහයක් කළා. මේ සියලු පින්කම් ඇසුරින් ලෝවැසියන්හට පින් හා දිගාසිරි පතනවා.

ජනවාරි මස 4 වැනිදා නෙලුම් මල් පූජා කර, මෛත්‍රී භාවනාවේ නිරත වී, මහා කස්සපත්ථේර බොජ්ඣංග පිරිත, මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග පිරිත, මහා චනුදත්ථේර බොජ්ඣංග පිරිත හා බොජ්ඣංග පිරිත දේශනා කර ලෝවැසියන්හට ආශීර්වාද කරන්නට වූයෙමු.

අද උදේ මහියංගන බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කරමින් මල් 500ක් පූජා කොට, ධජග්ග සූත්‍ර දේශනාව කොට, තිලක්ඛණ භාවනා සිදුකොට සියලු ලෝවැසියන්හට ආශීර්වාද කළෙමු. එම අවස්ථාව අපට මහත් භාග්‍යයක් විය. මේ මල් පූජාව සඳහා ලැබුනු අතිරේක ආධාර පසුකාලීන පින්කම්වලට යොදාගනු ඇත.
