ඊයේ රාත්‍රියේදී හදවත් සැත්කමකට භාජනය කළ, දෙමස් වියැති පුතෙකුට සෙත් පතන්න, දැඩි සත්කාර ඒකකයට අද වැඩම කළා. දරුවා හොඳට දෑස් ඇර අපගේ සෙත්පැතීම් භාරගත්තා. ඔහුගේ නීරෝගීභාවය තහවුරු වන බව අපගේ බලවත් විශ්වාසයයි.
කයොන් නම් මේ පුතුගේ සුවපත්භාවය වෙනුවෙන් දායක වන්නට කැමැති කෙනෙක් වේ නම් ඇනවුම් පිරිත, මෙත්තානිසංස සූත්‍රය, ඛන්ධ පිරිත, කරුණීයමෙත්ත සූත්‍රය හා ජය පිරිත දේශනා කර සෙත් පතන්න.
Category: Ashirwada/ආශීර්වාද පිංකම්
Dalada Maligawa Pirith Sajjayana /Seelagawesi Thero
අද උදේ දුප්පත් අයට ඉඳියප්පන් පාර්සල් බෙදාදීමෙන් පසු සුදු නෙලුම් මල් පූජාව, මෛත්‍රී භාවනාව හා බොජ්ඣංග දේශනාව මහනුවර දළඳා මාලිගාවේදී සිදු කර ඇති බව සතුටින් සිහිපත් කරමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!
සීලගවේසී හාමුදුරුවෝ ,Seelagawesi Thero
Dhamma Discussion – Sri Lanka Buddhist Viaharaya – Kenwick
All Are Welcome for a Most Informative Dhamma Discussion…. And Will Be Very Educative for Our Kids… So Please Bring Them in As Well…!!!
Pirith Chanting at Dalada Maligawa
හෙට හවස 3.30ට මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී, ගිරිමානන්ද සූත්‍රය සජ්ඣායනා කර සියලු ලෝවැසියන්හට සෙත් පැතීමට නියමිතයි.
Pirith Oil
අගෝස්තු 13 වැනිදා පිරිත් කිරීම සඳහා නවාංගාරක්ෂක තෙල් සුදානම් කිරීම සම්පූර්ණයි. බෝලාන අයියා ඇතුලු සෑම දෙනාටම අපගේ කෘතවේදීභාවය මෙසේ පළ කරසිටිමි
නවාංගාරක්ෂක තෙල් සුදානම් කිරීම
අගෝස්තු 13 වැනිදා පිරිත් කිරීම සඳහා නවාංගාරක්ෂක තෙල් සුදානම් කිරීම සම්පූර්ණයි. බෝලාන අයියා ඇතුලු සෑම දෙනාටම අපගේ කෘතවේදීභාවය මෙසේ පළ කරසිටිමි.
More photos
Puja at Mahiyangana -Wellawatte Seelagawesi Thero
ඊයේ රාත්‍රි 8.30 ට පමණ මහියංගන චෛත්‍ය රාජයාණන් අභියස මල් වට්ටි තුනක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පූජා කර සබ්බ පාපස්ස අකරණං ගාථාව සජ්ඣායනා කරමින් තුන් වරක් ප්‍රදක්ෂිණා කරන්නට වූයෙමි. අනතුරුව බුදුගුණ භාවනාවේ නිරත වූයෙමි.
එය ඉමහත් සැනසීමක් පිණිස හේතු විය. නැවත නැවතත් මහියංගන චෛත්‍යරාජයාණන් ඇසුරේ භාවනා කරන්නට අධිෂ්ඨාන කළෙමි.
Nice kids : Jaya and Ziggy
Water bottles donation for flood relief
Sagara Himi
පෙර දින රාත්‍රියේ දී ශ්‍රි සුමේධ භාවනා මධ්‍යස්ථානයෙහි ස්වාමීන් වහන්සේලා විසින් පානිය ජල බෝතල් දහසක් භාග්‍යවතුන් වහන්සේ වටා තැන්පත් කොට පිරිත් කරන ලදි. අද දින එම පානීය ජල බෝතල් අවතැන් වූ පිරිස් සිටින තැන්වලට යවන්නට කටයුතු යොදනවා. තවද හෙට දිනයේ තවත් ලීටර් 5 වතුර බෝතල් 1000ක් ගෙනගිහින් බාරදීමට කටයුතු කරගෙන යන අතර තවත් ලැබෙන වියලි ආහාර, ඇදුම් ආදිය ද සුදුසු පරිදි යොමු කරන්නට කටයුතු කරගෙන යනවා.
මෙසේ අප රැස් කරනා සියලු කුසල ධර්මයන්ගේ බලයෙන්, දිවයිනට බලපා ඇති ආපදා තත්වය ඉතාමත් ඉක්මනින් දුරුවී යේවා.
දුකට පත් මිනිසුන්ගේ සිත් වලට අස්වැසිල්ලක් වේවා.
මේ කටයුතු සංවිධානය කරන පුජණීය සිරිනන්ද ආයුෂ්මතුන් වහන්සේ ඇතුළු කාර්‍ය්‍ය මණ්ඩලයටත්, මේ සියලු කටයුතු පිටුපස සිටිමින් දිවයිනෙන් බැහැර වැඩ සිටියත් මේ කටයුතු වලට අවශ්‍ය ආධාර, සහා උපදෙස් ලබාදෙමින් කටයුතු කරන පුජණීය සීලගවේසී ස්වාමීන් වහන්සේටත් Wellawatte Seelagawesi Thero සියලු රැකවරණ වේවා. මේ උතුම් කුසල් බලයෙන් කරන සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක බවට පත්වේවා
සැමට තෙරුවන් සරණයි
https://www.facebook.com/Venssthero/posts/10212848111505634
Wellawatte Seelagawesi Thero
ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේ ජල උල්පත හරිම පිරිසිදුයි. අපට ලැබිලා තිබෙන ජල සහතිකයත් හරි ඉහළයි. අපි නිතරම මේ ජලය filters කරලා, බෝතල් කරලා, පිරිත් කරලා රෝගීන්හට බෙදා දෙනවා.
මේ වෙලාවේ අපගේ ගෞරවණීය සිරිනන්ද ආයුෂ්මතුන් වහන්සේට යෝජනා කළා අවතැන් වූ අපගේ ජනතාවට ඉමහත් කරුණාවෙන් පානිය ජල බෝතල් 5000ක් පමණ සකස් කර ලබාදෙන්න කියා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ වෙනුවෙන් සතුටින් ඉදිරිපත් වුනා.
සමහර අය පිටරට ජීවත්වන අපේ අයට දොස් කියනවා. ඒ අයත් මේ ගැන කම්පාවෙලා ඉන්නේ. ක්ෂණිකව අවශ්‍ය උදව් කරන්න අවශ්‍ය තරම් රටේ පිබිඳීමක් තියනවානේ. වැඩියෙන් උපකාර අවශ්‍ය වන්නේ පසුකාලීනවයි. අපේ අය ඒ වෙනුවෙන් සංවිධානය වේවි. ටිකක් දූරදර්ශීව හිතන පතන එක හොඳයි. ලෝකයාට දොස් කියලා උදව් ගන්න පුලුවන්කමක් නැහැ. හදවත් ඇති කවුරුත් කම්පා වෙනවා.
“පුතෙක් ඉතා සැර ජල පහරකට ඇද වැටුනම අම්මට ජල පහරට පනින්න පුලුවන්. හැබැයි දරුවා බේරගන්න නම් බැහැ. අම්මත් මිය යන බව පැහැදිලියි. දරු දුක ඇති අම්මා එය ඉවසාගෙන, මියගිය දරුවා වෙනුවෙන් පින්කම් කරමින් අවශ්‍ය නම් තවත් දරුවෙකු හදාගැනීමයි සාධාරණ වන්නේ.”
මේ රටේ බොහෝ යහපත් දේ සිදුවන්නේ ප්‍රජා සහභාගිත්වයෙන් හා ප්‍රජා සහයෝගයෙන් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවත් නිතර අත හිත දෙන බව හිතට ගන්න. උදව් නොකරන අයට රිදෙන්නේ නැහැ. රිදෙන අයයි උදව් කරන්නේ. මේ කාරණාව මා අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ සමහර අදූරදර්ශී post දකින්න ලැබුන නිසයි.
හිත් රිදවාගන්නේ නැතිව, අවදානම් තත්ත්ව සියල්ලක්ම තේරුම්ගෙන, ඉවසීමෙන් හා කරුණාවෙන් කටයුතු කරමු. සියලු දෙනාගේම කැපවීම් ආශීර්වාදයක් වේවා!
Sri Sumedha Monastery, Rathana suththraya Sajjayana for well wishing flood affected people
අප විසින් විපතට පත් සහෝදර ජන්තාව ට ආසිර්වද පිනිස 8 30 ට
තුන්සූත්‍රය
රතන සූත්‍රය 07
ජය පිරිත
යන පිරිත් දේශනාවන් පවත්වන්නට සූදානම් වන අතර ඔබ සැම් ඔබට හැකි අයුරින් එම වෙලව තුල පිරිත් සජ්ජායනය කර මේ වරශාපතනය නතර වී සැමට රැකවර්ණය
සැළසේවායි ආසිර්වද ප්‍රාර්ථනා එක්කරන්න