ලියුකේමියා රෝගී දරුවාට ආශිර්වාද

ඊයේ හවස ගලගෙදරදී ලියුකේමියා රෝගී දරුවා හමුවුනා. ඇය හසිනි නිසංසලා මුතුගල. ඇයගේ සුවපත්භාවය උදෙසා උපකාර වන දොලොස්විධ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරගන්නට අපට හැකියාව ලැබුනා. තව මාස තුනක්වත් ඇය ජීවත් නොවන බව ප්‍රකාශ කොට තිබුනත් දෙමව්පිය දෙපළ මහත් සතුටින් ඇයගේ සුවපත්භාවය වෙනුවෙන් සියලු කටයුතු කරන්නට අධිෂ්ඨන කළා.
ලබනවර අපොස සා/පෙල විභාගයට සචිනිත් සමඟම පෙනී සිටින්නට ඇයගේ යෙහෙළියන් දෙදෙනෙකු වන බුද්ධිනි හා කල්පනී විශේෂයෙන් සත්‍යක්‍රියා කරන්නට ඉදිරිපත් වුනා. විශාල උනන්දුවකින් Telepathic Healing කරන්නට බුද්ධිනීගේ අම්මා ඉදිරිපත් වුනා. කල්පනීගේ අම්මා Antioxidents අන්තර්ගත විශේෂ ආහාරයක් සකස් කරන්නට සතුටින් ඉදිරිපත් වුනා.
විශේෂ බෙහෙතක් සකස් කරන්නට අපි මාවනැල්ලේදී එකතු වන්නට තීරණය කළා. Healing Energy උපකාර කරගන්නා අන්දම පිළිබඳ යහපත් පුහුණුවක් හසිනි දියණියගේ දෙමව්පියන් දෙපළට ලබාදුන්නා. ආධ්‍යාත්මික ශක්තීන් ඇසුරින් සුවපත්විමේ ක්‍රම පිළිබඳව හසිනිව උනන්දු කළා.
උපපීළක හා උපඝාතක කර්ම බලවේගයන් අකර්මණ්‍ය කරමින්, දිට්ඨධම්මවේදනීය වශයෙන් විපාක දෙන ඉහළ කුසල කර්මයන්ට හිත යොමුකරන්නට අපි සැවොම උනන්දු වූවා. පැය පහකට අධික කාලයක් කිසිම වෙහෙසක් නැතිව අපි සැම ඇය වෙනුවෙන් කටයුතු කළා. ඇයගේ සුවපත්භාවය පිළිබඳ නිසැක අධිෂ්ඨාන ශක්තියක් උපදවා ගන්නා අපි සැවොම සමත් වුනා.
ඔබත් මේ දියණියගේ සම්පූර්ණ සුවපත්භාවය උදෙසා කළ යුතු යමක් වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳගන්නා බව අපගේ විශ්වාසයයි. ඇයද දුකට පත් සියලු සත්වයෝද සුවපත් වෙත්වා! සැපවත් වෙත්වා!

සඳුන් පුතා හොඳටම සුවපත් වෙලා

මේ තමයි සඳුන් පුතා . මෙයාගේ වයස අවුරුදු 16යි. වර්ෂ 2014 දී ලියුකේමියා රෝගයට ගොදුරු වුනා. බටහිර වෛද්‍ය ප්‍රතීකාර ලබන අතරවාරයේ අප ඇසුරින් සෙත් පතාගැනීමටත් යෙදුනා. දැන් දරුවා හොඳටම සුවපත් වෙලා. මේ වසරේ දෙසැම්බර් මාසයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ලියන්නත් සූදානම් වෙනවා. ඔහුගේ නීරෝගීභාවය ද, අභිවෘද්ධිය ද සැලසේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි!

Buduguna Ashirwadaya at the Temple of the Tooth Relic

අද හවස 3.30ට මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී හැමෝටම සෙත් පතනවා බුදුගුණ ආශීර්වාදය ඇසුරින්. සියලු දෙනාම සැපසේ සුවසේ ජීවිත විහරණය කරත්වා!
Today evening we attend Buduguna Ashirwadaya at the Temple of the Tooth Relic at 3.30 pm. We share wholesome energy with everyone. May everyone find peace and happiness with good health!

මෛත්‍රී භාවනාව හා දම්සක්පැවතුම් සූත්‍රය සජ්ඣායනා

ඊයේ හවස සගම රජමහ විහාරස්ථ බෝධීන් වහන්සේ අභියස මෛත්‍රී භාවනාව හා ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව වෙනුවෙන් අපි හැම එකතු වුනා. පළමුවෙන්ම සියලු දෙනාටම සංග්‍රහයක් කළා. අනතුරුව තෙරුවන් වන්දනා කළා. මේ අතරවාරයේ විශාල වර්ෂාවක් ඇද හැලුනා. මා වැස්සේම වැඩ සටහන ඉදිරියට ගෙන ගියා. බොහෝ දෙනෙක් ඒ හිටි ඉරියව්වේම වැඩ සිටියා. හැමෝම ඉමහත් සතුටට පත් වුනා. ඒ වැස්ස සගම තදාසන්න භූමියට පමණක් ඇද හැලුණු වර්ෂාවක්වීම ගැන අපි පුදුම වුනා.
මේ අත්දැකීම සැබැවින්ම අපට ආශීර්වාදයක් වුනා. බොහෝම කැපවීමෙන් ධර්ම ප්‍රතිපදාවන්හි නිරත වන්නට අප තුල ඇත්තේ විශාල උනන්දුවක්. සියලු දෙනාගේම සැපය, සුවය හා යහපත පිණිස මේ පින්කම හේතුවේවා!


නවගුණ යන්ත්‍රය අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් පිරිත් කිරීම

ඊයේ හවස 3.30ට තවලන්තැන්න, නකල්ස්වත්තේ, සඳුන් අරණ සේනාසනයේදී, නවගුණ යන්ත්‍රය අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් පිරිත් කිරීම ආරම්භ කළා. මෙම නවගුණ ශාන්තිය වෙනුවෙන් කැමැති කෙනෙකුට පැමිණ සහභාගී වන්නට පුලුවන්. මේ වෙනුවෙන් උදව් උපකාර කරන සැම දෙනාටම අපගේ හෘදයාංගම කෘතවේදීභාවය පළ කර සිටිනවා. තෙරුවන් සරණින් සියලු දෙනා සුවසේ, සැපසේ විහරණ කරත්වා!

click here for more photos 

නවගුණ යන්ත්‍ර අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් දැහැන් කිරීම

ජනවාරි මස 22 වැනි ඉරිදා එනම් හෙට හවස 3.30ට නකල්ස්වත්තේ සඳුන් අරණ සෙනසුනේදී නවගුණ යන්ත්‍ර අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් දැහැන් කිරීම ආරම්භ වේ. මෙම මහඟු ශාන්ති කර්මයට උදව් උපකාර කරන්නට කැමැති අය විමසන්න

16002988_10156232521582925_5141463400858280193_n