සූත්‍ර සජ්ඣායනා

ඔක්තෝබර මස අට වැනිදා උදේ විජිතපුර විහාර මන්දිරයේදී, ගිරිමානන්ද සූත්‍රය සජ්ඣායනා කළා. ඉන් අනතුරුව බුදුගුණ ආශීර්වාදය කළා. සියලු ලෝවැසියන්ගේ නීරෝගීභාවයම ප්‍රාර්ථනා කළා.

https://www.facebook.com/seelagawesi.thero/posts/10160665147552925

හීල් දානය

අද උදේ ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේ සඟ පිරිසට හීල් දානය සකස් කළා. මෙසේ දනාදී පින්කම් කරමින් සියලු ලෝවැසියන්ගේ නිදුක් නීරෝගීභාවයම ප්‍රාර්ථනා කරනවා.

https://www.facebook.com/permalink.php?story_fbid=1215663842101425&id=100009734625750

Whole night Paritta Chanting

එදිනෙදා ජීවිතය කුසලයට බරව පවත්වා ගැනීමෙන්, මේ රෝගය තමන් කරා පැමිණීම වළක්වාගන්නට හැකි ශක්තියක් උපදින බව දැඩිව හිතට ගන්න. විශේෂයෙන් ප්‍රඥ මූලික කාරුණික හිතක් ශක්තිමත්ව උපදවා ගන්න. බියෙන් තොරව විශ්වාසයෙන් යුතුව පරිස්සමෙන් කටයුතු කරන්න. සැබැවින්ම ආරක්ෂා වනු ඇත. මේ පිරිත් භාවිතයද ඔබගේ රැකවරණය පිණිස හේතු වෙනවා ඇත.

මහියංගන දරුවන්

නොවැම්බර් 8 වැනිදා මහියංගන දරුවන් වත්තේගමට කැඳවාගෙන, ඊයේත් අදත් බෙහෙත් පැන් නාවා, තෙල් බෙහෙත් ගා, අද දවසේදී නැවත පිටත් කළ බව කණිෂ්කා දියණිය හා ධනුෂ්කා දියණිය අපට දන්වා සිටියා. නැවත ඒ අය දෙසැම්බර් මුල සතියේ කැඳවාගන්නයි අදහස. දරු දෙපළට උපකාරවීම සඳහා ඉදිරිපත් වන පිරිස හරිම කරුණාවන්ත නිසාම සෑහෙන ගුණයක් පෙන්නුම් කරන බවයි මාගේ විශ්වාසය. මේ දරු දෙපළගේ සම්පූර්ණ සුවය පතන්න. කරණීයමෙත්ත සූත්‍රය හත් වරක් බැගින් වරින් වර දේශනා කරමින් දරුවන්ට සෙත් පතන්න

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10220823106228624

Pirith Chanting and Meditation

අද උදේ අපි මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස භාවනා කරලා, බොජ්ඣංග ධර්ම සජ්ඣායනා කළා. නාථ දේවාලය අභියස සිල් ගත් පිරිසට ඉඳියප්පන් පාර්සල් 40ක්ප රිත්‍යාග කිරීමට අවස්ථාව උදා වුනා. 
මේ පින්කම ඇසුරින් සියලු ලෝ වැසියන්ගේ සැපය, සුවය හා යහපත ප්‍රාර්ථනා කළා.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10218682286789476

රන්වන් බෝධීන් වහන්සේ අභියස තෙරුවන් වන්දනා

අද උදේ මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස තෙරුවන් වන්දනා කොට, මෛත්‍රී භාවනාවේ යෙදී, බොජ්ඣංග ධරම සජ්ඣායනා කොට සියලු දෙනාටම ආශීර්වාද කළා

මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස මෛත්‍රී භාවනාව හා බොජ්ඣංග ධර්ම සජ්ඣායනාව

2019 ජනවාරි දෙවැනිදා මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස මෛත්‍රී භාවනාව හා බොජ්ඣංග ධර්ම සජ්ඣායනාව සිදුකරනු ලැබුවා.