නැති බැරි අයට දීම බොහෝම අගෙයි. යමක් කළ හැකි දක්ෂතාවයක් ඇති අයගේ අඩුපාඩුකම් ඉටුකිරම වඩාත් ඉදිරියට යන පරිත්‍යාගයක්. අත්හැරීම පරම අරමුණ වශයෙන් තබාගෙන ක්‍රියාත්මක වන පරිත්‍යාගය ඉතා දුර්ලභ වු ප්‍රතිපදාවක්. මේ තුන් කටයුත්තේම යෙදෙන්නා දුර්ලභ වාසනාවකට හිමිකම් කියන්නෙක්.

හිතේ හැටියට ලෝකය ගලපන්න යාමෙන් තමා වෙහෙසට පත් වෙනවා. හිත නිදහස් කරගන්න උත්සහ කිරීමයි වටින්නේ.

රිදෙන නිසාම තමයි ඉවසන්න ඕනෑ. නැත්තම් කිපිලා වඩාත් වේදනා සහගත ප්‍රශ්න ඇති කරගන්න වෙනවා.

මලක ලස්සන දකින කෙනා මලට ඇලෙනවා. මලට අයිතිවාසිකම් කියනවා. මල පරනොවී තබාගන්නට උත්සහා කරනවා. එසේම වියදම් කරනවා. මල පරවුනහම දුක් වෙනවා.

තථාගත සම්බුදු දර්ශනයට අනුව කටයුතු කරන්නා මලෙහි සැබෑ ස්වභාවය මෙනෙහි කරනවා. එය වටහා ගන්නවා. තම ශරීරයේ ස්වභාවයද වටහා ගන්නවා. ඇලීම් ගැටීම් දෙක සන්සිඳුවන්නට උත්සහාවත් වෙනවා. කෙලෙස් ධර්මයන් යටපත් කරගෙන සිතේ සැබෑ සතුට මතු කරනවා. තව දුරටත් තිලක්ඛණය මෙනෙහි කරනවා. විරාග, නිරෝධ හා පටිනිස්සග්ඝය පුරුදු කරනවා. සියලු දුක් දොම්නස් නිවාරණය කොට විමුක්තිය සාක්ෂාත් කිරීමේ ව්‍යායාමය මැනවින් පුරුදු පුහුණු කරනවා. දවසක ඒකාන්තයෙන්ම මේ සසර දුකින් නිදහස් වෙනවා.

මලක් මුල්කරගත් අපූරු කරමස්ථානය කෙරෙහි සියලු දෙනාගේ සිත් සතන් යොමු වේවා!

Wellawatte Seelagawesi Thero
Nissarana Meditation

යහපතෙහි යෙදෙන්න. ලැබෙන සහයෝගය අගය කරන්න. විරුද්ධකම් නොසලකා හරින්න. විරුද්ධවාදීන්ගේ ඇසුර අත්හරින්න. සහයෝගය දෙන අයම ප්‍රාර්ථනා කරන්න. ඒ සඳහා වූපසම අධිෂ්ඨානයම ගරු කරන්න.