ඊයේ හවස 3.30ට තවලන්තැන්න, නකල්ස්වත්තේ, සඳුන් අරණ සේනාසනයේදී, නවගුණ යන්ත්‍රය අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් පිරිත් කිරීම ආරම්භ කළා. මෙම නවගුණ ශාන්තිය වෙනුවෙන් කැමැති කෙනෙකුට පැමිණ සහභාගී වන්නට පුලුවන්. මේ වෙනුවෙන් උදව් උපකාර කරන සැම දෙනාටම අපගේ හෘදයාංගම කෘතවේදීභාවය පළ කර සිටිනවා. තෙරුවන් සරණින් සියලු දෙනා සුවසේ, සැපසේ විහරණ කරත්වා!
Category: All Events සියලු වැඩසටහන්
කෘතවේදී භාවය පළ කිරීම
මෙම වෙබ් අඩවිය බොහෝ දෙනාට අතිශයින්ම ප්‍රයෝජනවත් වන අන්දමින් නිර්මාණය කළ අපගේ කළ්‍යාණ මිත්‍ර පණ්ඩුක බණ්ඩාර මහත්මාට පළමුවෙන්ම කෘතවේදීභාවය පළ කරසිටිමි. එසේම එතුමාගේ උපකාර දිගින් දිගටම ලැබෙන බැවින් මෙම අඩවිය ධර්ම දායාදය පිණිස උල්පතක් වන බව විශ්වාස කරමි. මේ කර්තව්‍ය නිසා උපදින සියලු යහපත් කුසල ශක්තීන් සියලු ලෝවැසියන්ගේ සුඛවිහරණය පිණිස අනුමෝදන් කරමි.
ආදර්ශයට ගත යුතු බොහෝ උත්තමයින් ආදර්ශයට ගෙන, එසේම ප්‍රඥාසම්පන්න, ගුණගරුක උත්තමයින්ගේ ආභාෂයෙන් රටට ලෝකයට වඩාත් ඵලදායි සදහම් මෙහෙවරක නිරත වෙමින් ආදර්ශයක් වන්නටත්, අනුබලයක් වන්නටත් අධිෂ්ඨාන කරමි. සියලු ලෝවැසියෝ සියලු කල්හිම සැපවත් වෙත්වා! සුවපත් වෙත්වා!
නවගුණ යන්ත්‍ර අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් දැහැන් කිරීම
ජනවාරි මස 22 වැනි ඉරිදා එනම් හෙට හවස 3.30ට නකල්ස්වත්තේ සඳුන් අරණ සෙනසුනේදී නවගුණ යන්ත්‍ර අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් දැහැන් කිරීම ආරම්භ වේ. මෙම මහඟු ශාන්ති කර්මයට උදව් උපකාර කරන්නට කැමැති අය විමසන්න
Cow rescued (Wasana)
Today we rescued this cow and handed over to Vellasamy Indrani. Indrani is a mother of three children. Wasana is given name for this cow and she would be happy have association of those children. May everyone obtain merit and see the benefit of it!
Meditation and Dhamma Discussion – 16th to 18th of January
Mothers’ Program on Sunday 15th of January
We are going to lead a Pregnant Mothers’ Program on Sunday 15th of January at Sri Sumedha Meditation Centre. We have invited 100 pregnant mother and it will be started at 9.00 am. I am grateful to all those who support for this wholesome deed. May everyone obtain merit and gain good health!
ජනවාරි මස 15 වැනි ඉරිදා උදේ 9.00ට ගර්භනී මව්වරුන්ගේ දහම් වැඩ සටහනක් ගෝමරය ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. ගර්භනී මව්වරුන් 100 දෙනෙකු සහභාගී කරවා ගන්නවා. මේ කටයුත්ත සඳහා දායකත්වය දරණ සියලු දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කර සිටිනවා. මේ පින් අනුමෝදන්ව සියලු දෙනාම සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!
මහනුවර මහ රෝහලේ ළමා ශල්‍ය ඒකකයේදී අද දින සිදුකරන්නට යෙදුනු ඒ උතුම් පරිත්‍යාගය
මහනුවර මහ රෝහලේ ළමා ශල්‍ය ඒකකයේදී අද දින සිදුකරන්නට යෙදුනු ඒ උතුම් පරිත්‍යාගය.
Wellawatte Seelagawesi Thero Seelagawesi Thero
Evin Gamage Gihan Gamage Dhanushka N Induja Bandara Thilochana Wijesinghe
2017 February program
පාවහන් හා පොත් පත් ලබාදීම
මහනුවර ධර්මාශෝක විද්‍යාලීය පරිශ්‍රයේදී අද දින එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙත පාසල් පාවහන් හා පොත් පත් ලබාදීම සිදුකරන්නට යෙදුණි. Wellawatte Seelagawesi Thero Seelagawesi Thero Evin Gamage Thilochana Wijesinghe
Gainful mothers
ජනවාරි මස 8 වැනිදා ගර්භනී මව්වරුන් වෙනුවෙන් මෙම වැඩ සටහන වාද්දූවේ සරණතිස්ස මාවතේදී පැවැත්වුනු අතර සහයෝගය දුන් හැමදෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කරමි.
On the 8th of January we could lead this pregnant mothers’ Program at Saranatissa Mawatha, Wadduwa. We could delivered two useful sessions. They were provided delicious lunch and distributed some items that they need. We are grateful to all those who help in every way.