Australia visit 11,12/2017

නොවැම්බර් 2 රාත්‍රියේදී සිඩ්නිවලට වැඩම කළ අතර එදා මෙදාතුර සියලු දෙනා අපව හොඳින් බලාගත් අතර වටිනා සහයෝගයක් ලැබුනි. සියලු දෙනා කෙරෙහි ඉමහත් කරුණාවෙන් අපගේ කෘතවේදීභාවය පළ කරසිටිමි. මේ වෙලාවේ බ්‍රිස්බේන් යාම සඳහා ගුවන් තොටුපලේ සිටිමි. අප විසින් කරගන්නට යෙදුනු පින් සියලු දෙනා අනුමෝදන් වෙත්වා!

Dalada Maligawa Pirith Sajjayana /Seelagawesi Thero

අද උදේ දුප්පත් අයට ඉඳියප්පන් පාර්සල් බෙදාදීමෙන් පසු සුදු නෙලුම් මල් පූජාව, මෛත්‍රී භාවනාව හා බොජ්ඣංග දේශනාව මහනුවර දළඳා මාලිගාවේදී සිදු කර ඇති බව සතුටින් සිහිපත් කරමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

සීලගවේසී හාමුදුරුවෝ ,Seelagawesi Thero

Musical instrument donations to Kalwana National School

ඔක්තෝබර් 13 වැනිදා කලවාන ජාතික පාසැලට වැඩම කළේ පෙරදිග සංගීත භාණ්ඩ පරිත්‍යාග කරන්නයි. පසුගිය ගංවතුර නිසා සංගීත කාමරයට විශාල අලාභ හානි සිදු වූ නිසයි, මේවා පරිත්‍යාග කරන්අන අපි කල්පනා කළේ. පාසැලේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය නායකයෙකු හා තවත් දරුවෙකු පවුල් පිටින් මිහිසන් වූ බවත් දැනගන්න ලැබුනා.

මේ අනුවේදනීය කතා ප්‍රවෘත්ති නිසා කරුණාව අරමුණු කරගත් භාවනාව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති වුනා. දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය පිණිස මෙවැනි යහපතක් කරන්න ලැබීම ගැන අතිශයින් සතුටු වන මා උදව් උපකාර කළ හැමෝටම කෘතවේදීභාවය පළ කරනවා

Donations to Shoe repairmen

මහනුවර මගතොට සපත්තු මහන්නන් හට වියළි ආහාර ද්‍රව්‍ය

අද දවසේදී මේ පින්කම ඉමහත් සතුටින් ඉටු කළ අතර ඒ වෙනුවෙන් කැප වු සියලු දෙනාට කෘතවේදීභාවය පළ කරසිටිමි.

Donations to children – September 10th

අද හවස සඳුන් අරණ අවට දරුවන්හට මෙසේ පාසැල් උපකරණ බෙදාදීමත්, දෙමව්පියන්හට ආහාර ද්‍රව්‍ය ලබාදීමත් සිදුකරනු ලැබිනි. මේ සඳහා උදව් උපකාර වූ සියලුම දෙනාට අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි.

සැප්තැම්බර් මස 10 වැනිදා හවස දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබන පාර්සල් 30ට අඩංගු කරන දේවල් මෙසේ සටහන් කරමි.
පිටු 120 තනිරූල් පොත් 6
පිටු 120 කොටුරූල් පොත් 3
පිටු 120 CR පොත් 2
පැන්සල් 1
පෑන් 3
කටර් 1
චිත්‍ර පොත් 1
පැස්ටල් පෙට්ටි 1
ක්ලේ පෙට්ටි 1
රත්න සම්බා හාල් kg 5
මයිසූර් පරිප්පු kg 1
වටානා පරිප්පු kg 1
මුංඇට kg 1
කඩල kg 1
highland කිරිපිටි පැකට් 1
මෙම මහඟු කටයුත්තට උරදෙන්නා වූ, සහභාගී වන්නා වූ සියලු දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි. සියලු සත්වයෝ සැපසේ සුවසේ කටයුතු කරත්වා!

more photos

Wellawatte Seelagawesi Thero, Nissarana Meditation. Sandun Arana Senasanaya

 

Pirith Chanting at Dalada Maligawa

හෙට හවස 3.30ට මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී, ගිරිමානන්ද සූත්‍රය සජ්ඣායනා කර සියලු ලෝවැසියන්හට සෙත් පැතීමට නියමිතයි.