One becomes a peace maker, when compassion is activated with wisdom. Appreciative joy may comfort the world with concentration and effort. He may leave everything with pleasure as he practices let go.

චේතනාව මුල් කරගත් යම් ආකාරයක ක්‍රියාවක් වේද එය කර්මය යනුවෙන් හඳුන්වා දෙන්නට අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වූහ.
සිහිය දියුණු කරන්නට කැමැත්තක් ඇති කරගෙන, ඒ අනුව සිත පුරුදු පුහුණු කරන්නේ නම්, වඩාත් හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට එම පුහුණුව උපකාර වන්නේ ය.
නුවණින් විමසා බලා ඒ ඒ තැන සුදුසු කටයුත්ත කුමක්ද? එයින් ලැබෙන ප්‍රතිඵල කෙබඳු වේද? එම කටයුත්ත කෙරෙහි ලෝකයා කෙබඳ ප්‍රතිචාරයක් දක්වයිද? මේ ආදී වශයෙන් විමසා බලා කටයුතු කරන්නට උනන්දු වේද එය වඩාත් හොඳ අවබෝධයක් පිණිස උපකාර වේ.
සෑම අවස්ථාවකම වීර්යය මතු කරගන්නටත්, කොපමණ කරදර කම්කටොලු මතුවුනත් වීර්යයම පවත්වන්නටත් සිත හුරුපුරුදු කිරීම වටි. කළ යුතු දේ කරන්නත්, නොකළ යුතු දේ වළක්වන්නත් වීර්යයම උපකාර වන අතර වඩාත් හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරන්න වීර්යය පිටිවහලක් වේ.
අප මුහුණ දෙන ගැටලු, ප්‍රශ්න, දුක්කරදරවල ප්‍රමාණය මෙපමණයි කියා කිසිවිටෙකත් කිය නොහැකිමය. ඒ කවරම ප්‍රශ්නයක් නමුත් හොඳින් භාරගෙන සතුටින් කටයුතු කරන්නට අපි පුරුදු පුහුණු විය යුත්තේ මය. නිතර සතුට අත්දකින අය ශක්තිමත් ව ප්‍රශ්නවලට මුහුණ දෙති. මෙයද වඩාත් හොඳින් අවබෝධය දියුණු කරගන්න උපකාර වේ.
සිතේ සතුට නිතරම පවත්වාගත යුතු අතරම සිත ගත දෙකම සැහැල්ලුවෙන් පවත්වන්නත් අපි ඉගෙන ගත යුතු වන්නේමය. ඒ ඒතැන සුදුසු පරිදි නම්‍යශීලීවීමත්, දැඩිව ගැනීම අතහැරීමත් සැහැල්ලුව පහසු කරන්නට උපකාර වන බව පෙනේ. පස්සද්ධිය නම් වූ සැහැල්වෙන් කටයුතු කිරීමත් අවබෝධය පිණිස වැදගත් ම වේ.
චිත්ත ඒකාග්‍රතාවය පුරුදු පුහුණු කළ යුතුම වන්නේය. නොසන්සුන් වන කල්හි බියද, නපුරුකමද, සැකයද. අසරණකමද, සංතාපයද, ඉච්ඡාභංගත්වයද සිත තුල රජ වේ. එබැවින් සිත ශක්තිමත් කිරීම පිණිස සමාධිය දියුණු කළ යුතුවේ. චිත්ත සමාධියද අවබෝධය පිණිස උපකාර වේ.
දුක සැප. ලාභ අලාභ, නින්දා ප්‍රසංශා, කීර්ති අපකීර්ති යන අෂ්ඨලෝක ධර්මයන් අප කාටත් අත්දකින්නට සිදුවේ. මේවා හමුවේ කම්පාවීම මානසික අස්ථාවරය ඇතිවීමටත්, අනපේක්ෂිත දුක්දොම්නස්වලට හිමිකම් කියන්නත් හේතුවේ. එසේම ජීවිතය අනාරක්ෂිත වේ. එබැවින් මේ සියල්ල උපේක්ෂාවෙන් ගන්න ඉගෙන ගන්නත් උපේකෂාව දියුණු කරන්නත් අපට හොඳ පුහුණුවක් අවශ්‍ය වේ. එය අවබෝධයෙන් කටයුතු කිරීමට ඍජුවම උපකාර වේ.
ඊයේ රාත්‍රියේ බොජ්ඣංග ධර්ම අපගේ භාවනාවට අරමුණු කළ හෙයින් මෙසේ සරල විග්‍රහයක් කරන්නට මසිත උනන්දු විය. ඔබත් යම් අන්දමක වටිනාකමක් දකින්නේ නම් අපගේ ව්‍යායාමයට එය ඉමහත් දිරිගැන්වීමක් වන්නේ මය.

It is true that one may succeed everything when fight is given up. Possessiveness is one of the giant obstructions of success.

සීලයෙහි මනාව පිහිටා, සමථ – විදර්ශනාවන් ඇසුරින් සමාධිය හා ප්‍රඥාව දියුණු කරගන්න පුලුවන්. එසේම උට්ඨාන වීර්යයත් ස්ථානෝචිත ප්‍රඥාවත් වඩාත් දියණු කරගන්න පුලුවන්. මේ කාරණාවන් මනාව දියුණු කරගන්නා වූ පුද්ගලයා ගැටලු විසඳාගන්නට සමත් වන අතර සාමකාමී – සහනශීලි ජිවිතයක හිමිකරුවෙකු වන්නේය. මෙම කාරණාව සම්බන්ධයෙන් වඩාත් උනන්දු වන්නට මා නිතැතින්ම කැමැත්තෙමි.

Blames are results of conflicted mind. Blamelessness can be established. We should practice endurance with loving kindness. It is well taught in Kakacupama Sutta. Let’s try our best to Practice what is worth for blamelessness.

http://www.accesstoinsight.org/tipitaka/mn/mn.021x.than.html

අර්බුදකාරී මානසිකත්වය තමාවත්, ලෝකයාත් විවිධ චෝදනාවන්ට ලක්කරයි. නිතරම කනස්සල්ල ඇති කරයි. එබැවින් අප කළ යුත්තේ අපගේ ආධ්‍යාත්මය සාමකාමී සහනසීලි පසුබිමක පැවැත්වීමයි. ඉවසීම පාදක කරගත් මෛත්‍රීයෙන් හා කරුණාවෙන් පිරුණු සිතක් මනා කළමණාකරණයකට ලක්කිරීම සුදුසු බව පැහැදිලියි. ඒ කර්තව්‍යයේදී අපට කකචූපම සූත්‍ර දේශනාව මැනවින් උපකාර වන බැවින් මෙසේ ඉදිරිපත් කරමි.

https://suttacentral.net/si/mn21

Wellawatte Seelagawesi Thero

Metta Mediation

මම වෛර නොකරමි. ඉවසමි.
කෝප නොවෙමි ඉවසමි.
මම මෛත්‍රී සහගත සිත් ඇත්තෙකු වන්නෙමි.
කරුණාවන්ත වන්නෙමි.
අන් අයගේ සැපතේදී සතුටු වන්නෙමි.
අෂ්ඨලෝක ධර්මය හමුවේ කම්පා නොවන්නෙමි.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!!

අද දවසේ නිතර සිත යොමු කළ භාවනාව මෙය විය. ඔබත් පින් අනුමෝදන්ව සැපවත් වූ කෙනෙකු වන්න. (08/03)

හිතේ හැටියට ඉන්න නම් හිත දියුණු කරන්න ඕනෑ. සමහර වංචනික ධර්ම අධිපති වෙලා ලෝකයත් සමඟ ගැටෙනවා. ඒ නිසාම හිත දූෂ්‍ය වෙනවා. ජීවිතය පිරිහෙනවා. මිතුරන් අහිමි වෙනවා.

හිත දියුණු කරන්න කල්පනා කර කෙනෙක් වේ නම්, හේ මෛත්‍රීය හා කරුණාව පුරුදු පුහුණු කරනවා. මෛත්‍රී ධර්මය මුල් කරගෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥ වඩන්න පුලුවන්. හිත දුබල කරන නොසන්සුන් ස්වභාවය හා සැක සහිත ස්වභාවය යටපත් කර සිතේ සමාධිය වඩන ආනාපාන සති භාවනාවේ නිරත වෙනවා. දැඩි ලෝභය, බිය, නපුරුකම හා මෝඩකම දුරුකරන්න චාගානුපස්සනා භාවනාව උපකාර වෙනවා.

මේ විදියට කුමන හෝ භාවනාවක යෙදෙමින් සිත දියුණු කරන කෙනෙක් තමන්ටත් හිතකර අනුන්ටත් හිත කර අනභිභවනීය චරිතයක හිමිකරුවෙකු වෙනවා. ඔබත් මේ ගැන අවධානය යොමු කොට සැලකිලිමත් වන්න.

හැමදේම සිදුවන්නේ හොඳටයි යනුවෙන් ගැනීම සර්වසුභවාදයයි. හැමදේකම නරක දැකීම සර්වාසුභවාදයයි. හොඳ දේ හොඳ හැටියටත් නරක දේ නරක හැටියට ගැනීම යථාර්වාදයයි. ඇති දේ ඇති සැටියෙන්ම තේරුම් ගැනීම යථාභූත ඥාණ දර්ශණයයි.