This is the schedule of Nissarana Dhamma Tour 2018. I wish that every coordinator may help to succeed in this mission


This is the schedule of Nissarana Dhamma Tour 2018. I wish that every coordinator may help to succeed in this mission


2018 මැයි මස 13 වැනි ඉරිදා බොහෝ දෙනාට ආශීර්වාද වනු පිණිස අටවිසි පිරිත 21 වරක් සජ්ඣායනා කර, මහා සංඝරත්නයට දානය දෙන්නට කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙහිදී විශේෂයෙන් විවහා වී අවුරුදු 50ක් ගතවීම නිමිත්තෙන් මලින්තාගේ අම්මාටයි – තාත්තාටයි ආශීර්වාද කරන්නත් අවස්ථාව උදාවිය. පින්කම අවසන් වූයේ පුදුමාකාර වර්ෂාවක් මධ්‍යයේම විය. ඕෂධ හා මා ගඟෙන් නාන්නට කැමැත්තෙන් සිටි නමුත් එය ව්‍යවර්ථ විය. ලෝක ස්වභාවය සතුටින් භාරගෙන, ඉදිරියට යා යුතුම වන අතර සසර දුකින් නිදහස් විය යුතුම වේ.

පාසැල් දරුවන්හට බත් පාර්සල් බෙදාදෙන්නට අපි කටයුතු කළා. ගෞරවණීය ලක්ඛණ ආයුෂ්මතුන් වහන්සේ කළ කැපකිරීම් කෘතවේදීව සිහිපත් කරනවා.

https://www.facebook.com/permalink.php?story_fbid=657295441271604&id=100009734625750
කමලදාසන් නම් වූ දෙදරු පියෙකුට ගවයින් දෙදෙනෙකු පරිත්‍යාග කළා. සිතු හා සනූ කියලයි මේ දෙන්නා නම් කළේ. මේ පින්කම දිගින් දිගටම කරගෙන යන්න සහයෝගය ලැබෙන බැවින් හරි සතුටුයි.
https://www.facebook.com/permalink.php?story_fbid=656863264648155&id=100009734625750
ගෝමරය ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ පාර්සල් 30 සකස් කොට පරිත්‍යාග කරන්න ඊයේ කටයුතු කළා. දහම් පාසැල් නිසා දරුවන් නොපැමිණි නමුත් ඒ ඒ දරුවන්හට ඒවා ලැබෙන්න කටයුතු කළා. අධ්‍යාපනය උදෙසා යමක් කිරීමෙන් ලැබෙන සතුට ඔබ හැම සමඟ මෙසේ කරුණාවෙන් බෙදාගන්නයි මා කල්පනා කළේ.

https://www.facebook.com/permalink.php?story_fbid=656867291314419&id=100009734625750
පාසැල් දරුවන් වෙනුවෙන් ලැබුණු මේ බෑග් සහ අනෙකුත් උපකාරණ අධිකාරීගම මේරිමවුන්ට් පාරේ දරු පිරිසකට බෙදාදෙන්නට යෙදුනා. ඒ අවස්ථාවේ දරුවන් ලද සතුට දැක කඳලු සැලූ අයද සිටියා. උපකාර වන හැමෝටම පින් හා දිගාසිරි පතනවා.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10216100343722513
අද අප්‍රේල් 8 වැනි ඉරිදා මේ වැස්සි පැටියා තමයි නිදහස් කරන්න සිදුවුනේ. ඇය චිත්තී නමින් නම් කර මදුර්සා නම් වූ කාන්තාවට පරිත්‍යාග කළා. ඇය හරිම හුරුබුහුටි දරුවෙක් කියලාමයි මට හිතෙන්නේ. දෙසීයකට ආසන්න ගවයින් පිරිසක් මෙසේ නිදහස් කරන්නට හැකි වූ අතර ඒ ගැන සිතා සතුටු වන්නෙමි. එසේම මේ පින්කම් මාලාව සඳහා අතහිත දෙන හැමදෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කරසිටිමි.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10216013179623465
අප්‍රේල් 8 වැනි ඉරිදා නම් වූ අද දින බොහෝමත්ම වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 40 සඳුන් අරණ සෙනසුන ආශ්‍රිත අයට බෙදාදෙන්නට කටයුතු යෙදුවා. නිස්සරණධ්‍යාශයෙන් යුතුව කටයුතු කිරීම සසරින් උරුම වූ දායාදයක් බැවින් එය ඉමහත් ශක්තියක් වේ.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10216013129142203
අද දින මාගේ සිත අතීතයට ගමන් කළා. වයස අවුරුදු 19 යේදී භාවනාව කෙරෙහි උනන්දු වූ නිසාම අවුරුදු 27 දී පැවිදි ජීවිතයට ඇතුලත් වන්නට තීරණය කළා. මටම ආවේනික සදහම් සේවාවක් ආරම්භ කළා. අද දවසේදී හැකි වුනා සඳුන් අරණ සේනාසනයේදී පළමු පැවිදි පින්කම වෙනුවෙන් මුලසුන හොබවන්න. විදේශීය තරුණයෙකුට පැවිදි දම් පුරන්නට අවකාශය ලබාදීමේදී ගෞරවණීය එප්පාවල සාගර ස්වාමීන් වහන්සේද, ගෞරවණීය එප්පාවල සිරිනන්ද ස්වාමීන් වහන්සේද, ගෞරවණීය යද්දෙහිමුල්ලේ ලක්ඛණ ස්වාමීන් වහන්සේද වගකීමෙන් යුතුව එම කටයුත්ත මැනවින් මෙහෙය වන්නට ඉදිරිපත් වුනා. ශාසනික ප්‍රතිපදාවන් ගරු කරන පිරිසකට සහයෝගය දෙන්නට ලැබීම ගැන සතුටුයි. මෙහි පින්තූර නොමැත්තේ පැවිදි බිමට පත් නවක සාමනේරයන් වහන්සේගේ බලවත් ඉල්ලීම නිසයි. සුඛිත මනෝ නමින් අද දින පැවිදි වන්නට වූ ඒ ස්වාමීන් වහන්සේට දිගාසිරි පතමි
අප්‍රේල් 4 වැනිදා උදේ සුදු නෙලුම් සොයා ගැනීමට නොහැකි වූයෙන් මානෙල් මල් සපයා ගන්නට යෙදුනි. මහනුවර දළඳා මාලිගාවේ චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස තෙරුවන් වන්දනා කර, මෛත්‍රී භාවනාවේ යෙදී, අනතුරුව බොජ්ඣංග සූත්‍ර සජ්ඣායනා කර සියලු ලොවැසියන්හට ආශීර්වාද කරන්නට වූයෙමු.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10215982359892991