We should really practice the Dhamma. Dhamma brings lovely happiness and helps us to reach happiness beyond. This is Dhamma Hall of Sri Sumedha Meditation Centre. Anyone can come and sit for Meditaton. May everyone succeed everything and gain good health!
Author: wellawatteseelagawesithero
නවගුණ යන්ත්‍රය අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් පිරිත් කිරීම
ඊයේ හවස 3.30ට තවලන්තැන්න, නකල්ස්වත්තේ, සඳුන් අරණ සේනාසනයේදී, නවගුණ යන්ත්‍රය අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් පිරිත් කිරීම ආරම්භ කළා. මෙම නවගුණ ශාන්තිය වෙනුවෙන් කැමැති කෙනෙකුට පැමිණ සහභාගී වන්නට පුලුවන්. මේ වෙනුවෙන් උදව් උපකාර කරන සැම දෙනාටම අපගේ හෘදයාංගම කෘතවේදීභාවය පළ කර සිටිනවා. තෙරුවන් සරණින් සියලු දෙනා සුවසේ, සැපසේ විහරණ කරත්වා!
නවගුණ යන්ත්‍ර අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් දැහැන් කිරීම
ජනවාරි මස 22 වැනි ඉරිදා එනම් හෙට හවස 3.30ට නකල්ස්වත්තේ සඳුන් අරණ සෙනසුනේදී නවගුණ යන්ත්‍ර අටවිසි පිරිතෙන් ලක්ෂ වාරයක් දැහැන් කිරීම ආරම්භ වේ. මෙම මහඟු ශාන්ති කර්මයට උදව් උපකාර කරන්නට කැමැති අය විමසන්න

තමන් සිතන පතන දේ අනුව සිත එකඟ වන්නේ නම්, එහි ආනිසංස දකින්නේ නම්, එයින් තමන්හටත්, ලෝකයාටත් යහපතක් වන්නේ නම්, මෙලොව යහපත පිණිසත්, පරලොව සුගතිය පිණිසත් හේතු වන්නේ නම්, කෙලෙස් නිවන්නට උපකාර වන්නේ නම්, එහි යෙදීම සුදුසු බව පැහැදිලියි. එදිනෙදා කවරම කටයුත්තකදී නමුත් මෙම සංකල්පනාව හිතකර වේ.
කරුණාවෙන් කෙනෙකුට පිහිට වෙන කෙනෙකු සොයා ගැනීමත් දුර්ලභ කාරණාවක්. පිහිට වු කෙනා කෙරෙහි කෘතවේදීභාවය දක්වන කෙනෙකු සොයාගැනීමත් දුර්ලභ කාරණාවක්. පිහටවන්නට හැකි මානසිකත්වයක් ඔබ සතු වේ නම් ඔබ ඒ පළමු දුර්ලභ පුද්ගලයා වන අතර කාගේ හෝ පිහිටක් ලද කල්හි කෙලෙහිගුණ සලකන්නේ නම් ඔබ දෙවැනි දුර්ලභ පුද්ගලයාද වන්නේය.
Cow rescued (Wasana)
Today we rescued this cow and handed over to Vellasamy Indrani. Indrani is a mother of three children. Wasana is given name for this cow and she would be happy have association of those children. May everyone obtain merit and see the benefit of it!

Meditation and Dhamma Discussion – 16th to 18th of January
Mothers’ Program on Sunday 15th of January

We are going to lead a Pregnant Mothers’ Program on Sunday 15th of January at Sri Sumedha Meditation Centre. We have invited 100 pregnant mother and it will be started at 9.00 am. I am grateful to all those who support for this wholesome deed. May everyone obtain merit and gain good health!
ජනවාරි මස 15 වැනි ඉරිදා උදේ 9.00ට ගර්භනී මව්වරුන්ගේ දහම් වැඩ සටහනක් ගෝමරය ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. ගර්භනී මව්වරුන් 100 දෙනෙකු සහභාගී කරවා ගන්නවා. මේ කටයුත්ත සඳහා දායකත්වය දරණ සියලු දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කර සිටිනවා. මේ පින් අනුමෝදන්ව සියලු දෙනාම සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!
මහනුවර මහ රෝහලේ ළමා ශල්‍ය ඒකකයේදී අද දින සිදුකරන්නට යෙදුනු ඒ උතුම් පරිත්‍යාගය
මහනුවර මහ රෝහලේ ළමා ශල්‍ය ඒකකයේදී අද දින සිදුකරන්නට යෙදුනු ඒ උතුම් පරිත්‍යාගය.
Wellawatte Seelagawesi Thero Seelagawesi Thero
Evin Gamage Gihan Gamage Dhanushka N Induja Bandara Thilochana Wijesinghe

තන්හාවෙන් තොර සිතක් පුරුදු කරන්නේ නම්, සියල්ල සම්පූර්ණ වන බවත්, තන්හාව ඇති තැන සැමදා අසම්පූර්ණ බවත් නුවණින් බලන කල්හි පැහැදිලි වේ.




