වැස්සී පැටියා නිදහස් කිරීම

ඔක්තෝබර මස 4වැනි ඉරිදා මේ වැස්සී පැටියා නිදහස් කරගත්තා. උඳුලා යනුවෙන් ඇය නම් කළා. ගෝමරයේ ජීවත්වන ගනේෂ් රාවන් නම් තැනැත්තාට පරිත්‍යාග කළා.

ගවයින් නිදහස් කිරීම

අද දින නිදහස් කළ ගවයින් දෙදෙනාගෙන් එක්කෙනෙක් මේ. මැය නම් කළේ ජීනා කියලා. තිදරු පියෙකු වන රංජිත් රාජාටයි. මේ අත්වන පින් සියලු ලෝවැසියන්ගේ නිදුක් නීරෝගීභාවය පිණිස අනුමෝදන් කරනවා.

ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දීම

රුපියල් දෙදහස් පන්සීයක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 30ක් බෙදාදෙන්නට අප ගත් තීරණය අද දියත් කරන්නට හැකි විය. අද දහ දෙනෙකු නොපැමිණි බැවින් ඒ අයට පසුව දෙන්නයි අපගේ අදහස. පාරමී කුසල් දහම් දියුණු කරගන්නට කාටත් ශක්තිය හා ධෛර්යය ලැබේවා!

හීල් දානය

අද උදේ ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේ සඟ පිරිසට හීල් දානය සකස් කළා. මෙසේ දනාදී පින්කම් කරමින් සියලු ලෝවැසියන්ගේ නිදුක් නීරෝගීභාවයම ප්‍රාර්ථනා කරනවා.

භාවනාව

අද ගඟේ පැන් පහසුව ලබා අසල ගලක් මුදුනට ගොඩවී දානය ගන්න අදහස් කළා. ඒක බොහෝම නිදහස් අවස්ථාවක් වුනා. දානේ ටික හා වතුර බෝතලයක් සම්පාදනය කරන්නට සමන් අයියා ඇතුලු පිරිස ඉදිරිපත් වුනා. අද උදේ 5.30 සිට භාවනාවේ යෙදුනා. දහවල් දානයෙන් පසුවත් භාවනාවට යොමු වුනා. කෙටි විවේකයකින් පසු නැවත භාවනාවට යොමුවෙනවා.