Mediation program at Metta Vihara in Houston

අද උදේ Houston මෙත්තා විහාරයේ සීල සමාදාන වැඩ සටහනක් ආරම්භ කළා. එය ඉතාමත් හොඳින් සිදුවන බවයි දැනෙන්නේ. සංඛට බොහෝමත් පින් සිදුවෙනවා. විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයට අපගේ ගෞරවයත් කෘතවේදීභාවයත් පළ කර සිටිනවා

Now I am in Metta Vihara in Houston. Sanka picked me from the Airport. He is a friend of mine for more than 20 years. I heard that there are a lot of friends of mine in Houston. I am grateful to every one. I wish that you may find the benefit of this visit to Houston!

Donations to Mawanella Hospital

පාවිච්චි කරන ලද හොඳ තත්ත්වයේ රෝහල් උපකරණ තොගයක් මාවනැල්ල රෝහල වෙනුවෙන් අපි මිළදී ගත්තා. එහි මුලු වටිනාකම වුනේ රුපියල් 11,77,350/-ක්.
එයින් රුපියල් 6,30,850/-ක් පරිත්‍යාග වශයෙන් අඩුකොට තිබුණා. අපට ගෙවන්න සිදුවූයේ රුපියල් 5,41,500/-ක්. මේක ලොකු භාග්‍යයක්. දැන් මාවනැල්ල රෝහලේ කාර්මික නිලධාරීන් ඒ සියල්ල භාවිතා කරන්න සුදුසු තත්ත්වයට අවශ්‍ය අලුත්වැඩියා කිරීමෙහි නිරත වන බව දැනගන්න ලැබුණා. ඉතින් මේ කටයුත්තට සහසම්බන්ධ වූ සියලු දෙනාට කෘතවේදීභාවය පළ කර සිටිනවා. මේ පින්කම්වල ආනුභාව බලයෙන් මේ ශ්‍රී ලංකාද්වීපය සියලු දෙනාටම ක්ෂේමභූමියක් වේවා!

————————————-

මේ වෙලාවේ මට හරිම සතුටුයි. අද දවල් වනවිට ගිලන් ඇඳන් 20ක්, කිහිලිකරු, රෝද ඇති walkers. ඇඳ ඇතිරිලි ආදීය මාවනැල්ල රෝහලට ප්‍රවාහනය කරලා. මා දන්නා තරමින් රුපියල් ලක්ෂ හතක් පමණ වටිනාකම ඇති භාණ්ඩ. මේවා අලුත් ම ඒවා නොවුනත් හොඳ තත්ත්වයෙන් තියනවා. මේ සියල්ල මිළදී ගන්න බොහෝ දෙනා උපකාර වුනා. වෛද්‍ය ලක්මාල් මල්ලී පින්තූර ටිකක් එවාවි කියලා මා විශ්වාස කරනවා.

ප්‍රජා සුභසාධනය පිණිස උනන්දු වන මා හට උදව් උපකාර වන දායක පිරිසක් සිටීම සම්බන්ධව මා සතුටු වෙනවා. වඩාත් අල්පේච්ඡ ජීවන ප්‍රතිපදාවකට ගරුකරමින් දායක පිරිසත් එසේ සකස් කරගනිමින් මෙවැනි යහපතක් කරන්නට ලැබීම වාසනාවක් ලෙස මා සලකනවා. මේ කටයුත්තට සෑම ආකාරයෙන් ම උදව් උපකාර කළ සැමට අපගේ හදපිරි කෘතවේදීභාවය පළ කර සිටිනවා. මේ පින් බලයෙන් සියලු උවදුරු දුරු වී රටට යහපතත්, සෞභාග්‍යයත් උදාවේවා! 26/05/17

 

සියලු දෙනාගේ අධිෂ්ඨාන බලයෙන් වැස්ස නතර වේවා!

උවදුරු මඟහැරේවා යන චේතනාව අධිපති කරගෙන අධිෂ්ඨානපූර්වකව සත්‍යක්‍රියා කරන්නට මා හැමවිටම උනන්දු වන්නේ රටින් බැහැරව සිටින මාහට කළ හැකි හොඳම මෙය නිසාවෙනි.

උදව් උපකාර වන සියලු දෙනාට යෝධබල – යෝධ ශක්තිය ලැබේවා!

මේ විපත් කරදර ආරංචි වූ මොහොතේ පටන් මා බුදුගුණ ඇසුරින් සත්‍යක්‍රියා කරනවා. අදත් උදේ 4.30 අවදි වී භාවනා කර සත්‍යක්‍රියා කළා. මේ විපත් දුරුවේවා යන පරමාධ්‍යාශයෙන් සත්‍යක්‍රියා කරන්නට මේ බුදුගුණ ආශීර්වාදය OneDrive එකෙන් download කරගන්න. ශ්‍රී ලංකාද්වීප සියලු වැසියන්ගේ දුක් කරදර දුරුවේවා!

Meya download kara e esurin lankawasi hema denatama seth pathanna.

කෘතවේදීභාවය පළකරමි

මේ වෙලාවේ මා වැඩ සිටින්නේ අමෙරිකාවේ Phoenix වල. Alison තමයි අපගේ වැඩ සටහන් සම්බන්ධීකරණය කරන්නේ. දැන් මා Viber හරහා අපගේ පූජනීය බ්‍රාහ්මණගම මුදිත නාහිමිපාණන් වහන්සේට කතා කළා. මේ වෙලාවේ වැඩ සිටින්නේ ශ්‍රී ලංකාවේ සිද්ධමුල්ල සංඝාරාම රජ මහා විහාරයේයි. Michigan Great Lake විහාරය ආරම්භ කළේ අපගේ පූජනීය මුදිත නාහිමිපාණන් වහන්සේයි. http://www.glbvihara.org/about.html

මා ගිහි කාලයේ පේරාදෙනිය සුබෝධාරාමයේ ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්ෂු පුහුණු මධ්‍යස්ථායේ උගන්වන සමයේ එහි පරිවේනාධිපති වශයෙන් කටයුතු කළේ අපගේ මුදිත ස්වාමීන් වහන්සේයි. අපට බොහෝමත්ම හිතෛෂී වටිනා ආදර්ශවත් නාහිමිපාණන් වහන්සේ කෙනෙකු බැවින් අපගේ හදපිරි කෘතවේදීභාවය පළ කරන්නයි මේ උත්සහ කරන්නේ.

2006 වසරේදී Michigan Great Lake විහාරයේ වැඩ සිටිනා අවස්ථාවේ Alison ගේ පියාණන් Heart Arrest කියා දැනගන්න ලැබුනා. Seattle වල රෝහල් ගතව සිටින ඒ පියාණන්හට Michigan වල සිට Telepathic Healing Session එකක් කළා. එය සාර්ථක වුනා. මේ අත්දැකීම කෙරෙහි උනන්දු වූ Alison – Scotland – Edinburgh State University එකේ Telepathic Healing PhD එකක් කළා. අද මා මේ කතාව අපගේ ගෞරවණීය මුදිත නාහිමිපාණන්හට මතක් කළා.

අද අපගේ මේ මෙහෙවර සාර්ථක කරගන්නට ඉමහත් ආදර්ශයක් හා අනුබලයක් වූ පූජ්‍ය බ්‍රාහ්මණගම මුදිත නාහිමිපාණන් වහන්සේ ගෞරවාදරයෙන් සිහිපත් කරමින් කෘතවේදීභාවය පළ කර සිටිනවා.

අද අපි රෝපණය කරන පැලෑටිය හෙට අපව පෝෂණය කරයි.

අපගේ භද්‍ර යෞවන සමයේ අපට හමුවූ ආදර්ශවත් මාර්ගෝපදේශකයෙකු සිහිපත් කරන්නට මම කල්පනා කළෙමි. ඒ ලියෝ ධම්ම දේවේන්ද්‍ර ගුරුපියාණන් ම වේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඔහු මුලු ජීවිත කාලයම බ්‍රහ්මචාරීව ගත කළ සිල්වතෙකි. ඉතා දක්ෂ ඉංග්‍රීසි හා ගණිත ගුරුවරයෙකු වු ඔහු වඩාත් දුෂ්කර ප්‍රදේශවල පාසැල් තෝරාගැනීමට ඉමහත් උනන්දුවක් දැක්වූ බව පැහැදිලි සත්‍යයකි. පාසැල් කාලයෙන් පසුව දරුවන්හට ඉගැන්වීමට උනන්දු වන ඔහු වටා දරුවන් ඒකරාශී වූයේ ඒතරම්ම කරුණාවක් ඔහු තුල තිබුණු නිසාමය.

ඔහු chess ක්‍රීඩාවට අති දක්ෂයෙකු වු අතර ඔහු පැරදවීම මා ලැබූ ලොකුම ලොකු ආශ්වාදයකි. ගිහි කාලයේදී මා ඔහු සමඟ කොතෙකුත් දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදෙන්නට වූයෙමි. පාන්දර තුනට අවදිවීම ඔහුගේ ස්වභාවය වූ අතර නින්දට පෙර දවසේ සියලු කටයුත් අවසාන කිරීමට පුදුමාකාර හැකියාවක් ඔහු සතුවිය. පෝය දිනවල දහම් වැඩ සටහන් මෙහෙයවන ඔහු රාත්‍රියේදී ද වැඩ සටහන් දියත් කිරීමට ඉමහත් උනන්දුවක් දක්වන්නට විය. ඔහුගේ ආභාෂයෙන් මා පළමු වැනි වැඩ සටහන මෙහෙවන කල්හි මගේ වයස අවුරුදු විස්සක් පමණ විය. මහා සතිපට්ඨානය ඇසුරින් වැඩ සටහනක් මෙහෙය වන්නට ඔහු මා දිරිගැන්වීය එය මා මහනුවර ලේවැල්ල ගංගාරාම රජමහා විහාරයේදී දියත් කළෙමි. එදා 400 කට අධික පිරිසක් සිල් සමාදන්ව සිටි බව මට මතකයි. “ප්‍රදීප්, ඉතාම ලස්සනට කරුණු ඉදිරිපත් කළා. මේක බොහෝම ලොකු මෙහෙවරක්. දිගින් දිගටම උනන්දු වෙන්න.” ඔහු මා උනන්දු කරවුයේය.

1989 ඔක්තෝබර මස හතර වැනිදා උදේ අප නිවසේදී කිරිබත් කා, පැවිදිවීම පිණිස මහනුවර, ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවතේ, ශ්‍රී බෝධිමලු විහාරයට මාව කැඳවාගෙන ගියේ එතුමාය. එතුමාගේ ඇසුර අපට ලොකුම ලෙකු ශක්තියක් විය. මේ සටහන තබන්නේ ඒ වෙනුවෙන් එතුමාට උපහාරයක් වනු පිණිස මය.

 

Progra, at Maryland Buddhist Vihara

පූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමිපාණන්ගේ විහාරස්ථානයේ දී ඊයේ රාත්‍රියේ දහම් වැඩ සටහන මෙහෙයවන්නට ලැබුනා. ඒ කටයුත්ත කෙරෙහි ලැබුනේ හොඳම හොඳ ප්‍රතිචාරයක්. අපගේ ගෞරවණීය පොඩි ස්වාමින් වහන්සේගෙන් ලද සහයෝගය අතිශයින්ම ප්‍රසංශනීයයි. පූජ්‍ය නාහිමිපාණන් වහන්සේටත්, ගෞරවණීය පොඩි ස්වාමීන් වහන්සේටත්, අපගේ සුරජ් මල්ලීටත්, රමේශ් මල්ලීටත්, වැඩ සටහන සංවිධානය කළ සෙහොයුරියටත් සහභාගී වූ, සෑම දෙනාටමත් අපගේ හදපිරි කෘතවේදීභාවය පළ කර සිටිනවා.

http://www.marylandbuddhistvihara.org/

Donating Beds for Mawanella Hospital

මාවනැල්ල රෝහලට අවශ්‍ය ගිලන් ඇඳන් පූජා කරන්නට කටයුතු යොදන මිනුකා, වෛද්‍ය ලක්මාල් ඇතුලු සියලු දෙනාටම අපගේ හදපිරි කෘතවේදීභාවය පළ කරසිටිමි. මේ කටයුත්තට මා මුල පිරූ අතර මා විදේශගතවීම නිසා මා අතින් සිදුවිය යුතු සියලු කටයුතු අඩුවක් නැතිව සිදු කරන්නට ඔබ හැම උනන්දුවීම පිළිබඳව මා ඉමහත් සතුටට පත්වෙමි. සියලු දෙනා මේ පින් අනුමෝදන්ව සැපවත් වූ සුවපත් වු සිත් ඇත්තෝ වෙත්වා!

Seelagawesi Thero

New Maryland Mediation Center

අද මා සහභාගී වූයේ අතිශයින්ම වැදගත් වැඩ සටහනකටයි. Washington Buddhist Viharaya අධිපති නාහිමිපාණන් වහන්සේ Maryland වල අලුත් භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කළා. අපගේ අති පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන්ගේ ගුණානුස්මරණය කරමින් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානය යනුවෙන් එය නම් කරන්නට යෙදුනා. එම වැඩ සටහනට සම්බන්ධ වන්න ලැබීම ගැන මම අතිශයින්ම සතුටට පත්වෙනවා. එම භාවනා මධ්‍යස්ථානයේ කටයුතු කළමණාකරණය පිළිබඳ වගකීම අපගේ ගෞරවණීය යෝගාවචර රාහුල මාහිමිපාණන් වහන්සේ භාරගත්තා. පූජ්‍ය රාහුල හිමිපාණන් වහන්සේ https://archive.org/details/OneNightsShelter පොත ඇසුරින් තමන් වහන්සේ තම ජීවිතය මැනවින් පරිවර්තනය වූ ආකාරය විවෘතව අනාවරණය කරයි.
පඤ්ඥසීහ භාවනා මධ්‍යස්ථානයේ ආරම්භක වැඩ සටහනට සම්බන්ධවීමෙන් අපගේ මහනාහිමිපාණන් වහන්සේ කෙරෙහි ඉමහත් ගෞරවයෙන් කෘතවේදීභාවය පළ කිරීමේ සතුට අප තුල පවතී.

වැල්ලවත්තේ සිලගවේසි ස්ථවිරයන් වහන්සේ