Donations to children – September 10th

අද හවස සඳුන් අරණ අවට දරුවන්හට මෙසේ පාසැල් උපකරණ බෙදාදීමත්, දෙමව්පියන්හට ආහාර ද්‍රව්‍ය ලබාදීමත් සිදුකරනු ලැබිනි. මේ සඳහා උදව් උපකාර වූ සියලුම දෙනාට අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි.

සැප්තැම්බර් මස 10 වැනිදා හවස දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබන පාර්සල් 30ට අඩංගු කරන දේවල් මෙසේ සටහන් කරමි.
පිටු 120 තනිරූල් පොත් 6
පිටු 120 කොටුරූල් පොත් 3
පිටු 120 CR පොත් 2
පැන්සල් 1
පෑන් 3
කටර් 1
චිත්‍ර පොත් 1
පැස්ටල් පෙට්ටි 1
ක්ලේ පෙට්ටි 1
රත්න සම්බා හාල් kg 5
මයිසූර් පරිප්පු kg 1
වටානා පරිප්පු kg 1
මුංඇට kg 1
කඩල kg 1
highland කිරිපිටි පැකට් 1
මෙම මහඟු කටයුත්තට උරදෙන්නා වූ, සහභාගී වන්නා වූ සියලු දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමි. සියලු සත්වයෝ සැපසේ සුවසේ කටයුතු කරත්වා!

more photos

Wellawatte Seelagawesi Thero, Nissarana Meditation. Sandun Arana Senasanaya

 

Pirith Chanting at Dalada Maligawa

හෙට හවස 3.30ට මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී, ගිරිමානන්ද සූත්‍රය සජ්ඣායනා කර සියලු ලෝවැසියන්හට සෙත් පැතීමට නියමිතයි.

Meditation

නිස්කලංක දියපාරක් අයිනේ, ගලක් උඩ ඉඳගන්න. ඇස් දෙක වහගන්න. මෙහෙම හිතන්න.
මම වෛර නොකරමි. ඉවසමි.
කෝප නොවෙමි. ඉවසමි.
මම මෛත්‍රී සහගත වන්නමි. කරුණාවන්න වන්නෙමි.
අන් අයගේ සැපතේදී සතුටු වන සිත් ඇත්තෙක් වන්නෙමි.
අෂ්ඨ ලෝක ධර්මය හමුවේ කම්පා නොවන්නෙමි.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

Seelagawesi Thero

 

නවාංගාරක්ෂක තෙල් සුදානම් කිරීම

අගෝස්තු 13 වැනිදා පිරිත් කිරීම සඳහා නවාංගාරක්ෂක තෙල් සුදානම් කිරීම සම්පූර්ණයි. බෝලාන අයියා ඇතුලු සෑම දෙනාටම අපගේ කෘතවේදීභාවය මෙසේ පළ කරසිටිමි.

More photos

Puja at Mahiyangana -Wellawatte Seelagawesi Thero

ඊයේ රාත්‍රි 8.30 ට පමණ මහියංගන චෛත්‍ය රාජයාණන් අභියස මල් වට්ටි තුනක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පූජා කර සබ්බ පාපස්ස අකරණං ගාථාව සජ්ඣායනා කරමින් තුන් වරක් ප්‍රදක්ෂිණා කරන්නට වූයෙමි. අනතුරුව බුදුගුණ භාවනාවේ නිරත වූයෙමි.
එය ඉමහත් සැනසීමක් පිණිස හේතු විය. නැවත නැවතත් මහියංගන චෛත්‍යරාජයාණන් ඇසුරේ භාවනා කරන්නට අධිෂ්ඨාන කළෙමි.

Wellawatte Seelagawesi Thero

On the way to Rocky Mountain

We are on the way to Rocky Mountain. It is wonderful that three of us are above 50. I am the oldest. We are very good friends and discuss what is worth to find peace and harmony. We are aware of internal peace. We are happy to be aware of our duty to influence our society for harmony. This discussion is based on community leadership. Instead of having arguments we respect ideas of each other.

Sri Sumedha Monastery, Rathana suththraya Sajjayana for well wishing flood affected people

අප විසින් විපතට පත් සහෝදර ජන්තාව ට ආසිර්වද පිනිස 8 30 ට
තුන්සූත්‍රය
රතන සූත්‍රය 07
ජය පිරිත
යන පිරිත් දේශනාවන් පවත්වන්නට සූදානම් වන අතර ඔබ සැම් ඔබට හැකි අයුරින් එම වෙලව තුල පිරිත් සජ්ජායනය කර මේ වරශාපතනය නතර වී සැමට රැකවර්ණය
සැළසේවායි ආසිර්වද ප්‍රාර්ථනා එක්කරන්න

Sri Sumedha Monastery