රන්වන් බෝධීන් වහන්සේ අභියස තෙරුවන් වන්දනා

අද උදේ මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස තෙරුවන් වන්දනා කොට, මෛත්‍රී භාවනාවේ යෙදී, බොජ්ඣංග ධරම සජ්ඣායනා කොට සියලු දෙනාටම ආශීර්වාද කළා

ශ්‍රී සුමේධ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී පූජ්‍ය වැල්ලවත්තේ සීලගවේසී ස්වාමීන්වහන්සේ විසින් පවත්වන ලද මෙම ධර්ම දේශනාව නිස්සරණ සදහම් දේශනා මාලාවේ දෙවැන්නයි.

අටවිසි පිරිත 21 වරක් සජ්ඣායනා කිරීම , මහා සංඝරත්නයට දානය

2018 මැයි මස 13 වැනි ඉරිදා බොහෝ දෙනාට ආශීර්වාද වනු පිණිස අටවිසි පිරිත 21 වරක් සජ්ඣායනා කර, මහා සංඝරත්නයට දානය දෙන්නට කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙහිදී විශේෂයෙන් විවහා වී අවුරුදු 50ක් ගතවීම නිමිත්තෙන් මලින්තාගේ අම්මාටයි – තාත්තාටයි ආශීර්වාද කරන්නත් අවස්ථාව උදාවිය. පින්කම අවසන් වූයේ පුදුමාකාර වර්ෂාවක් මධ්‍යයේම විය. ඕෂධ හා මා ගඟෙන් නාන්නට කැමැත්තෙන් සිටි නමුත් එය ව්‍යවර්ථ විය. ලෝක ස්වභාවය සතුටින් භාරගෙන, ඉදිරියට යා යුතුම වන අතර සසර දුකින් නිදහස් විය යුතුම වේ.