This is the schedule of Nissarana Dhamma Tour 2018. I wish that every coordinator may help to succeed in this mission


This is the schedule of Nissarana Dhamma Tour 2018. I wish that every coordinator may help to succeed in this mission


පාසැල් දරුවන්හට බත් පාර්සල් බෙදාදෙන්නට අපි කටයුතු කළා. ගෞරවණීය ලක්ඛණ ආයුෂ්මතුන් වහන්සේ කළ කැපකිරීම් කෘතවේදීව සිහිපත් කරනවා.

https://www.facebook.com/permalink.php?story_fbid=657295441271604&id=100009734625750
කමලදාසන් නම් වූ දෙදරු පියෙකුට ගවයින් දෙදෙනෙකු පරිත්‍යාග කළා. සිතු හා සනූ කියලයි මේ දෙන්නා නම් කළේ. මේ පින්කම දිගින් දිගටම කරගෙන යන්න සහයෝගය ලැබෙන බැවින් හරි සතුටුයි.
https://www.facebook.com/permalink.php?story_fbid=656863264648155&id=100009734625750
ගෝමරය ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ පාර්සල් 30 සකස් කොට පරිත්‍යාග කරන්න ඊයේ කටයුතු කළා. දහම් පාසැල් නිසා දරුවන් නොපැමිණි නමුත් ඒ ඒ දරුවන්හට ඒවා ලැබෙන්න කටයුතු කළා. අධ්‍යාපනය උදෙසා යමක් කිරීමෙන් ලැබෙන සතුට ඔබ හැම සමඟ මෙසේ කරුණාවෙන් බෙදාගන්නයි මා කල්පනා කළේ.

https://www.facebook.com/permalink.php?story_fbid=656867291314419&id=100009734625750
පාසැල් දරුවන් වෙනුවෙන් ලැබුණු මේ බෑග් සහ අනෙකුත් උපකාරණ අධිකාරීගම මේරිමවුන්ට් පාරේ දරු පිරිසකට බෙදාදෙන්නට යෙදුනා. ඒ අවස්ථාවේ දරුවන් ලද සතුට දැක කඳලු සැලූ අයද සිටියා. උපකාර වන හැමෝටම පින් හා දිගාසිරි පතනවා.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10216100343722513
අද අප්‍රේල් 8 වැනි ඉරිදා මේ වැස්සි පැටියා තමයි නිදහස් කරන්න සිදුවුනේ. ඇය චිත්තී නමින් නම් කර මදුර්සා නම් වූ කාන්තාවට පරිත්‍යාග කළා. ඇය හරිම හුරුබුහුටි දරුවෙක් කියලාමයි මට හිතෙන්නේ. දෙසීයකට ආසන්න ගවයින් පිරිසක් මෙසේ නිදහස් කරන්නට හැකි වූ අතර ඒ ගැන සිතා සතුටු වන්නෙමි. එසේම මේ පින්කම් මාලාව සඳහා අතහිත දෙන හැමදෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කරසිටිමි.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10216013179623465
අප්‍රේල් 8 වැනි ඉරිදා නම් වූ අද දින බොහෝමත්ම වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 40 සඳුන් අරණ සෙනසුන ආශ්‍රිත අයට බෙදාදෙන්නට කටයුතු යෙදුවා. නිස්සරණධ්‍යාශයෙන් යුතුව කටයුතු කිරීම සසරින් උරුම වූ දායාදයක් බැවින් එය ඉමහත් ශක්තියක් වේ.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10216013129142203
ඊයේ අපි වැඩම කළේ හදිසි අනතුරක් නිසා මොළයට හානි වී දැන් සුවපත්භාවයට පත්වෙමින් සිටින වාසනා නිශාදි දියණිය බලන්නයි. ඇය 2016 අපොස සා/පෙළ විභාගයෙන් හොඳින් සමත්ව උසස් පෙළ සඳහා පාසැල් යන අපේක්ෂාවෙන් සිටියදීයි මේ අනතුරට ලක්වූයේ. අපගේ උත්සාහය වන්නේ සම්පූර්ණ සුවය ලබා පාසැල් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස උපකාර වෙන්නයි. ඇයගේ කටයුතු වෙනුවෙන් රුපියල් 50000/- පියාණන් අතට දෙන්නට අපට හැකියාවක් ලැබුණු අතර ඒ වෙනුවෙන් උදව් උපකාර වූ අයට කෘතවේදීභාවය පළ කරසිටිමි.
https://www.facebook.com/seelagawesi.thero/posts/10157765721732925
ting
