Donation to Kandy Hostpital

අද හවස මහනුවර ජාතික රෝහලට වැඩම කළ මා 73/74 ස්නායූ ශල්‍යය වෛද්‍ය ඒකකයට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරන්න කටයුතු කළා. මෙසේ විටින් විට රුපියල් ලක්ෂ පහක් වන තෙක් පරිත්‍යාග කරන්නයි බලාපොරොත්තු වන්නේ.

https://www.facebook.com/nissarana.meditation/posts/4228589687173135

පාසැල් උපකරණ ප්‍රධානය

ඔක්තෝබර මස 25 වැනිදා බත් පැකට් හා පාසැල් උපකරණ පිළියෙල කොට, ගෝමරය පුරාණ විහාරය තදාසන්න දරුවන් වෙනුවෙන් යොමු කළා.

https://www.facebook.com/permalink.php?story_fbid=1349855515348923&id=100009734625750

වැස්සී පැටියා නිදහස් කිරීම

ඔක්තෝබර මස 4වැනි ඉරිදා මේ වැස්සී පැටියා නිදහස් කරගත්තා. උඳුලා යනුවෙන් ඇය නම් කළා. ගෝමරයේ ජීවත්වන ගනේෂ් රාවන් නම් තැනැත්තාට පරිත්‍යාග කළා.

https://www.facebook.com/permalink.php?story_fbid=1330124583988683&id=100009734625750

ගවයින් නිදහස් කිරීම

අද දින නිදහස් කළ ගවයින් දෙදෙනාගෙන් එක්කෙනෙක් මේ. මැය නම් කළේ ජීනා කියලා. තිදරු පියෙකු වන රංජිත් රාජාටයි. මේ අත්වන පින් සියලු ලෝවැසියන්ගේ නිදුක් නීරෝගීභාවය පිණිස අනුමෝදන් කරනවා.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10223013921397634

ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දීම

රුපියල් දෙදහස් පන්සීයක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් 30ක් බෙදාදෙන්නට අප ගත් තීරණය අද දියත් කරන්නට හැකි විය. අද දහ දෙනෙකු නොපැමිණි බැවින් ඒ අයට පසුව දෙන්නයි අපගේ අදහස. පාරමී කුසල් දහම් දියුණු කරගන්නට කාටත් ශක්තිය හා ධෛර්යය ලැබේවා!

https://www.facebook.com/nissarana.meditation/posts/3309329189099194

ගර්භනී මාතාවන් 25 දෙනෙකුට වියළි ආහාර

ගර්භනී මාතාවන් 25 දෙනෙකුට මෙසේ වියළි ආහාර ලබාදෙන්නට කටයුතු කළා. ගෝමරයේදීත්, වත්තේගමදීත් මෙම කටයුත්ත කරන්නට අවස්ථාව සලස්වා ගත්තා. පසුගිය කාලයේ මහත් අපහසුතාවයට පත් ජනතාව කෙරෙහි මෙසේ කාරුණික වන්නට අවස්ථාව ලැබීම ගැන සතුටු වන අතර ඒ සඳහා සහයෝගය දුන් හැමෝටම කෘතවේදීභාවය පළ කර සිටිනවා.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10222500828130623

Donations to Panwila

අද සමන් අයියා ගොඩාක් උනන්දු වුනා මේ ආහාර බඩු ටික සම්පාදනය කරගන්න. හාල් කිලෝ පහේ බෑග් 100ක් වටානා පරිප්පු කිලෝ එකේ පාර්සල් 100ක්, බීළූණු කිලෝ එකේ පාර්සල් 100ක් හා හාල්මැස්සන් ග්‍රෑම් 500 පැකට් 100ක් සඳහා රුපියල් 35000/- මුදලක් පන්විල ප්‍රාදේශීය සභාවට පරිත්‍යාග කළා. ඒ අය ආහාර හිඟම අයට දෙන්නයි සූදානම් වන්නේ. මේ අසීරු කටයුත්ත වෙනුවෙන් උදව් උපකාර කළ සෑම දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කරසිටිනවා.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10222227148008791

ගල්බංගලාවේ, සෙත්මැදුර දරුවන්හට පරිත්‍යාග කිරීම

කුණ්ඩසාලේ, ගල්මඩුව, ගල්බංගලාවේ, සෙත්මැදුර දරුවන්හට රාත්‍රී ආහාර වේල ලබාදෙන්නට කටයුතු සිදුවෙනවා. එහිදී දරුවන්හට පරිත්‍යාග කරන්නට අපේක්ෂිත දෑ මෙසේ මාවෙත එවන්නට කණිෂ්කා දූ කටයුතු කළා. විශේෂ අවශ්‍යතා ඇති ඒ දරුවන්ගේ අභිවෘද්ධියට හේතුවන අධ්‍යාපන වැඩ පිළිවෙලක් වෙනුවෙන් සම්පත්දායක චරිත හඳුනාගන්නට අපි කටයුතු කරනවා.
දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට උරදෙන්නට අපේ දරුවන් කැපවනු ඇත.

Children of Sethmedura are very happy to have friends yesterday. Sethmadura is a home for 17 special need children. It is very clean and you find lovely behaviour patterns of these children. We are happy to ask you to pay a visit and do whatever worth for growth of these children. Sethmedura is about 9 kilometres from Kandy. Address of this place is……
“Seth Madura”, Galmaduwa Vihara Road, Kalapura, Naththaranpotha, Kandy

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10220811998230931

ගර්භනී මාතාවන්ගේ දහම් වැඩ සටහන

ඇන්ටන් අයියා හා කනක අක්කාගේ මූළිකත්වයෙන් අද දින ගර්භනී මාතාවන්ගේ දහම් වැඩ සටහන පවත්වන්නට යෙදුනා. උදේ 9.20 පිරිත් දේශනා කොට පවුල් සංස්ථාවේ වැදගත්කම හා වගකීම් සම්බන්ධ සාකච්ඡාවක් කළා. 
අපට දානය පිරිනමන්නත් ඒ අය සතුටින් ඉදිරිපත් වුනා. බොහෝම රසවත් ආහාර වේලකින් සලකන්නත් ලැබුනා. අවසානයේ වටිනා කළමණා සහිත පිරිනමන්නට හැකි වුනා.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10220138407391581

Donation to 150 kids

2019 ජනවාරි පළමු වැනිදා දරුවන් 150 දෙනෙකු සඳහා පාසැල් පොත් බෙදා දෙන්නට කටයුතු කරනු ලැබුවා. ගෝමරය කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය සපත්තු පරිත්‍යාග කරන්නට අපි කටයුතු සංවිධානය කරගන්නවා. මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම අපගේ කෘතවේදීභාවය පළ කර සිටිනවා.