අද දවසේදී කටුගස්තොට ගොහාගොඩ පාරේ, බෝලාන අයියාගේ නිවසේදී අපි පින්කමක් කළා. ඒ ගැබිනි මව්වරුන් මුල් කරගෙන කළ දානමය පින්කමක්. මව්වරුන් 15 දෙනෙකු සඳහා හදිසියෙන් සංවිධානය කළ වැඩ සටහනක් වූ මෙය සංවිධානය කරන්න හැත්තෑපස් දෙනෙකුට වඩා එකතු වුනා. හෘද සාක්ෂිය හා සුගතිගාමී ධර්ම අතර ඇති වෙනස පිළිබඳ සාකච්ඡාවක් කරන්නට යෙදුනු මා අපගේ වෛද්‍ය පණ්ඩුලටත් සුහද සාකච්ඡාවක් සඳහා අවස්ථාව දුන්නා. සහභාගී වූ සියලු දෙනාම අතිශයින්ම සතුටට පත්වන්නට මේ වැඩ සටහන හේතු වූ බවයි අපට දකින්න ලැබුනේ. මේ පින් අනුමෝදන් වන සියල්ලෝ සැපවත් වෙත්වා!
