මෛත්‍රී කර්මස්ථානය බොහෝවිට සමථ භාවනාවටයි අයත් වන්නේ. සමාධිය නිසා සිත ශක්තිමත් වේ. විදර්ශනාව නිසා ප්‍රඥාව වැඩේ. මෛත්‍රිය ආරම්භ වන්නේ මම නිදුක් වෙම්වා ආදී කර්මස්ථානයකින්. සිත භාවනා අරමුණ තුල නැවැත නැවත යෙදෙන කල්හි සිතට හොඳින් අරමුණෙහි යෙදේ. එවිට යහපත් විවේකයක් සිතට ලැබෙන අතර ආයාසයකින් තොරව සිත එම භාවනාවේ රඳවන්නට පහසු වේ. පසුව මේ කර්මස්ථානය නිසා උපන් සමාධියේ සිත යෙදෙන විට කර්මස්ථානය සඳහා උපාකාර වූ විතර්කයෙන් නිදහස් වේ. මෙසේ ධ්‍යාන ගැඹුරින් වැඩෙන කල්හි විදර්ශනාවට සිත යොමු කිරීම පහසු වේ. සමථය පාදක කරගෙන විදර්ශනාවට යොමුවන යෝගීන් මෛත්‍රිය හෝ මරණානුස්සතිය වැනි කර්මස්ථානවල යෙදේ.
භාවනා පුහුණු කරන අය මිස භාවනාව ගැන දන්න, එසේ නමුත් පුරුදු පුහුණු නොකරන අය, අත්දැකීම් සහිතව යමක් බෙදාගන්නට අපොහොසත් නමුත් තර්ක කරන්නට හැකි අය බව සත්‍යයකි.
මා ඇසුරින් භාවනාව ඉගෙන ගත් කෙනෙක් ඔහු බීමට ඇබ්බැහි වී සිටින කාලයේ තමන් සමඟ එකට මත්පැන් පානය කරන කල්හි සාකච්ඡාවට අරමුණු කොට ඇත්තේ ආනාපාන සති භාවනාවයි. තම ගැබිනි භාර්යාව බොරුවක් කියා මහනුවර Market එක ලඟ නතර කරලයි, බොන්න ඇවිත් තියෙන්නේ. කොහොම හරි තම බිරිඳ බොන තැනට පැමිණියම දෙන්න දුවන්නට වූ අන්දමයි අප සමඟ බෙදාගත්තේ.
අද ඔහු සාර්ථකව භාවනා කරන, භාවනාව උගන්වන්න තරම් හොඳ අත්දැකීම් ඇති, විශේෂයෙන් අභිධර්මය ගැන සුවිශේෂ දැනුමක් ඇති, නිහඬව ම විශාල ශාසනික මෙහෙවරක් කරන, උදාර පෞරුෂයක හිමිකරුවෙකි.
අපට කෙනෙක් තර්ක කරනු පිණිස දිරිගන්වන්නට අවශ්‍ය නැත. එසේ නමුත් භාවනාවේ නිරත වනු පිණිස, වඩ වඩාත් භාවනාවේ යෙදෙනු පිණිස දිරිමත් කරන්නට සැබෑ කැමැත්තක් හා උනන්දුවක් ඇත.
මේ ගැන ඔබගේ අවධානය යොමුකරන්න. භාවනාවේ යෙදෙන්න. අත්දැකීම් බෙදාගන්න. තෙරුවන් සරණයි!