Opening of a new meditation kuti

පවිවේක කුටිය මෙසේ ස්වාමීන් වහන්සේලාගේ පරිශීලනය පිණිස විවෘත කරන්නට යෙදුනි. මේ කුටිය ඉදිකිරීම පිණිස උපකාර වූ සියලු දෙනාට අපගේ කෘතවේදීභාවය පළ කර සිටිමු. තෙරුවන් බෙලෙන් සියලු යහපත උදාවේවා!

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10219843315734474

Pirith Chanting and Meditation

අද උදේ අපි මහනුවර රන්වන් බෝධීන් වහන්සේ අභියස භාවනා කරලා, බොජ්ඣංග ධර්ම සජ්ඣායනා කළා. නාථ දේවාලය අභියස සිල් ගත් පිරිසට ඉඳියප්පන් පාර්සල් 40ක්ප රිත්‍යාග කිරීමට අවස්ථාව උදා වුනා. 
මේ පින්කම ඇසුරින් සියලු ලෝ වැසියන්ගේ සැපය, සුවය හා යහපත ප්‍රාර්ථනා කළා.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10218682286789476

ආනාපාන සති භාවනාව

අද හවස විනාඩි 40 ආනාපාන සති භාවනාවේ නිරත වුනා. අනතුරුව මහා කස්සපත්ථේර බොජ්ඣංග සූත්‍රය සජ්ඣායනා කර, ඒ ඇසුරින් සාකච්ඡාවක් කළා. සහභාගී වූ සියලු දෙනාම ඉමහත් සතුටට පත් වුනා. තවදුරටත් අපගේ මගපෙන්වීම අවශ්‍ය බව ඒ අය කියා සිටියා. හැකි අයුරින් අවස්ථාව සලසා දෙන්නට සින්දි එකඟ වුනා. නැවත නැවතත් ආරාධනා ලැබෙන බවයි පෙනෙන්නේ.

මහනුවර දළඳා මාලිගාවේ වැඩසටහන

අප්‍රේල් 4 වැනිදා උදේ සුදු නෙලුම් සොයා ගැනීමට නොහැකි වූයෙන් මානෙල් මල් සපයා ගන්නට යෙදුනි. මහනුවර දළඳා මාලිගාවේ චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස තෙරුවන් වන්දනා කර, මෛත්‍රී භාවනාවේ යෙදී, අනතුරුව බොජ්ඣංග සූත්‍ර සජ්ඣායනා කර සියලු ලොවැසියන්හට ආශීර්වාද කරන්නට වූයෙමු.

https://www.facebook.com/wellawatteseelagawesi/posts/10215982359892991