Meditation with Children

ළමා භාවනා වැඩ සටහන මෙසේ නිමවුනා. දරුවන් මේ වැඩ සටහන කෙරෙහි ඉමහත් උනන්දුවක් දකවන බව පැහැදිලියි.

Seelagawesi Thero ස්වාමීන්වහන්සේ මෙහෙයවන හරි අපූරු ඔන්ලයින් වැඩසටහනක් තමයි පොඩි අය එක්ක කරන භාවනා වැඩසටහන.පුංචි පුංචි භාවනා ක්‍රම අස්සේ තියෙන්නේ දරුවන්ගේ හිත් එක්තැන් කරන එකම විතරක් නෙමෙයි, තමාට සහ ලෝකයාට ආදරය කරුණාව දයාව දක්වන එකත් ඒකේ අන්තර්ගත කොටසක්. ඒ එක්කම පොඩි කතාවක් මූලික කරගෙන කියාදෙන්නේ මහා ලොකු දේවල් ටිකක්. ඒ සාකච්ඡාව නිසා දරුවෝ හිතන විදිය වෙනස් වෙයි කියලා මට හිතෙනවා. ඒ එක්කම ගාථාවක් අරගෙන දේශනා කරන්නේ ජීවිතයට ඈඳා ගත යුතු ගුණධර්ම ගැන.ඉතින් අද තුන්වෙනි දවසටත් භාවනා වැඩසටහන පැවැත්වුනා පැයක කාලයක්. පොසොන් පුතාත් දෙව්රම් පුතාත් සක්‍රීයව ඊට සහභාගි වෙනකොට ඒ අහලම මමත් බිරිඳත් ඉඳන් ඊට එකතු උනා…ඒක හරි අපූරූ පැයක් හැම ඉරිදාවකම උදාවෙනස්වාමීන්වහන්සේට බෝමත්ම පිං ඒ කරන මෙහෙවර

Girimananda sutta and Atavisi-piritha

ඇඳක හෝ පුටුවක හාන්සි වී මෙය කෙරෙහි අවධානය යොමුකරන්න. පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ෂා යන බොජ්ඣංග ධර්ම වඩන්න. නීරෝගීභාවය පිණිස අධිෂ්ඨාන ශක්තිය ගොඩනඟන්න. Covid වලට කිසිසේත් බිය නොවන්න.
https://soundcloud.com/seelagawesi-thero/buduguna-girimananda-sutta-and-atavisi-piritha

Donations to pregnant mothers

ගර්භනී මාතාවන් 12 දෙනෙකු වෙනුවෙන් දහම් වැඩ සටහනක් සංවිධානය කළා. එය අද සිදුකළේ වත්තේගම, ඇල්කඩුව පාරේ, ජයවර්ධන මහත්මාගේ නිවසේදීයි. චන්ද්‍රා මැණිකේ නංගී හා දරු පිරිසත්, අසල්වාසී මිතුරු පිරිසත් ගොඩක් උදව් උපකාර කළා. නිරර්බුද පවුල් සංස්ථාවක් උදෙසා සැලකිය යුතු කරුණු පැහැදිලි කරදෙන්නට මාහට අවස්ථාව ලැබුනා.

පිණ්ඩපාත දානය

ගම්වාසීන්ගේ අභිප්‍රාය පරිදි අද දින පිණ්ඩපාත දානයක් ගෝමරයේදී සකස් වුනා. ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ගෞරවණීය සාගරසුමන ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලැබුවා. අපත් ඒ සඳහා මෙසේ සම්බන්ධ වුනා.

Donation to Kandy Hostpital

අද හවස මහනුවර ජාතික රෝහලට වැඩම කළ මා 73/74 ස්නායූ ශල්‍යය වෛද්‍ය ඒකකයට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරන්න කටයුතු කළා. මෙසේ විටින් විට රුපියල් ලක්ෂ පහක් වන තෙක් පරිත්‍යාග කරන්නයි බලාපොරොත්තු වන්නේ.

බුත්තල බුදුගල්ලෙන ආරණ්‍යය සේනාසනයේ පැවිදි පිංකම

බුත්තල බුදුගල්ලෙන ආරණ්‍යය සේනාසනයේදී, පැවිදි පිංකමක් බොහෝම ලස්සනට සිදුවූයේ, ඔක්තෝබර 27 වැනිදායි. නිමල ආයුෂ්මතුන්ගේ පැවිදිකම ස්ථිර කිරීමත්, බෝධිච්ත්ත ශාසනයට ඇතුළත්වීමත් සිදුවිය.