මෛත්‍රී භාවනාව හා දම්සක්පැවතුම් සූත්‍රය සජ්ඣායනා

ඊයේ හවස සගම රජමහ විහාරස්ථ බෝධීන් වහන්සේ අභියස මෛත්‍රී භාවනාව හා ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව වෙනුවෙන් අපි හැම එකතු වුනා. පළමුවෙන්ම සියලු දෙනාටම සංග්‍රහයක් කළා. අනතුරුව තෙරුවන් වන්දනා කළා. මේ අතරවාරයේ විශාල වර්ෂාවක් ඇද හැලුනා. මා වැස්සේම වැඩ සටහන ඉදිරියට ගෙන ගියා. බොහෝ දෙනෙක් ඒ හිටි ඉරියව්වේම වැඩ සිටියා. හැමෝම ඉමහත් සතුටට පත් වුනා. ඒ වැස්ස සගම තදාසන්න භූමියට පමණක් ඇද හැලුණු වර්ෂාවක්වීම ගැන අපි පුදුම වුනා.
මේ අත්දැකීම සැබැවින්ම අපට ආශීර්වාදයක් වුනා. බොහෝම කැපවීමෙන් ධර්ම ප්‍රතිපදාවන්හි නිරත වන්නට අප තුල ඇත්තේ විශාල උනන්දුවක්. සියලු දෙනාගේම සැපය, සුවය හා යහපත පිණිස මේ පින්කම හේතුවේවා!


Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *