අපගේ දෘෂ්ඨීන් සියල්ලක්ම මේ පංච ඉනිද්‍රයන්ට ගෝචර අරමුණු මුල් කරගෙනයි සකස් වන්නේ. ඉන්ද්‍රිය සැපයට කොයි ආකාරයෙන් හෝ ගැති වෙච්ච අපගේ ඇගයීම් තුල ගැති බවක් යාන්තමින් හෝ තිබෙනවා. අලෝභ සිත පෙරටු කරගෙන ත්‍යාජනයේ යෙදෙනවිට, මෛත්‍රී සිත පෙරටු කරගෙන, කරුණාවෙන් පිහිටවීම පරමාර්ථය කරගත්විට, එසේම ප්‍රඥාවෙන් තීරණ ගන්නාවිට මේ බව පැහැදිලිවම පසක් වෙනවා. කොයි පැත්තෙන් බැලුවත් දුකම උපදවන මේ ඉන්ද්‍රිය සැපයෙන් නිදහස්වීම ඒතරම්ම වටින්නේ ඒ නිසාමයි.

We should really practice the Dhamma. Dhamma brings lovely happiness and helps us to reach happiness beyond. This is Dhamma Hall of Sri Sumedha Meditation Centre. Anyone can come and sit for Meditaton. May everyone succeed everything and gain good health!

කරුණාවෙන් කෙනෙකුට පිහිට වෙන කෙනෙකු සොයා ගැනීමත් දුර්ලභ කාරණාවක්. පිහිට වු කෙනා කෙරෙහි කෘතවේදීභාවය දක්වන කෙනෙකු සොයාගැනීමත් දුර්ලභ කාරණාවක්. පිහටවන්නට හැකි මානසිකත්වයක් ඔබ සතු වේ නම් ඔබ ඒ පළමු දුර්ලභ පුද්ගලයා වන අතර කාගේ හෝ පිහිටක් ලද කල්හි කෙලෙහිගුණ සලකන්නේ නම් ඔබ දෙවැනි දුර්ලභ පුද්ගලයාද වන්නේය.

තන්හාවෙන් තොර සිතක් පුරුදු කරන්නේ නම්, සියල්ල සම්පූර්ණ වන බවත්, තන්හාව ඇති තැන සැමදා අසම්පූර්ණ බවත් නුවණින් බලන කල්හි පැහැදිලි වේ.

ප්‍රඥාවන්ත අය පොඩි පොඩි කාරණා නිසා මිතුරන් පෙළන්නට ගොස් වෙහෙසට පත්වන්නේ නැත. මිතුරන් නැති කරගන්නේ ද නැත. එසේම තවත් වැදගත් ගුණයක් වන්නේ, යමෙක් අමනාප වන්නේ ද එය ඉවසාගෙන පෙර පරිදිම කරුණාවෙන් කටයුතු කිරීමයි.

අවදියෙන්, සිහියෙන්, සමාධිමත් සිතකින්, වඩාත් හොඳ අවධානයකින් යුතුව, සැලකිලිමත්ව කටයුතු කරන කල්හි ප්‍රඥාව නිසි තැන පිහිටුවා ගත හැකිම වේ.

15875497_10211753355970536_2518165678236564331_o.jpg