
Bhante Seelagawesi

Bhante Seelagawesi
වැල්ලවත්තේ සීලගවේසී හිමි
ඊයේ හවස තරුණ පිරිසක් එක්ක ගත කරන්නයි කටයුතු යොදාගෙන තිබුනේ. ආනාපාන සති භාවනාවේ යෙදී, ධරම සාකච්ඡාවක නිරත වෙලා, පිරිත් දේශනා කළා. දරුවන්ගේ අනාගතය පිළිබඳව දෙමව්පියන් තුල ඇති කනස්සල්ල ගැන ඉතා පැහැදිලි කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙමි. දරුවන්ට හොඳින් වටහා ගැනීමේ ශක්තියක් ඇති බව දෙමව්පියන් පිළිගන්නට මැලිවීම නිසා ඇති වන දුරස්ථභාවය ගැන වඩාත් හොඳින් අවධානය යොමු කරන්නට හැකිවීම සතුට වැඩිවන්නට හේතුවක් වුනා.
28th Saturday 2017

උදේ පහට භාවනාව පිණිස ඉඳගත්තා. අනතුරුව විනාඩි හතලිස් පහක් සක්මන් භාවනාවේ යෙදුනා. පසුව බුද්ධඤාණ සම්මර්ශණ භාවනාවේ නිරත වුනා. හවස දළඳා මාලිගාවේදී බුදුගුණ භාවනාවේ නිරත වුනා. මේ දැන් මාතලේදී දෙවැනි බණවර දේශනාව අවසන් කළා.
අද දවස ගෙවුනු ආකාරය පිළිබඳව ඇත්තේ ඉමහත් සතුටක්.
හෙට උදේ 9.00 සිට හවස 4.00 දක්වා භාවනා වැඩ සටහනක් සඳුන් අරණ සේනාසනයේදී පැවැත්වෙනවා.
Wellawatte Seelagawesi Thero
නිස්කලංක දියපාරක් අයිනේ, ගලක් උඩ ඉඳගන්න. ඇස් දෙක වහගන්න. මෙහෙම හිතන්න.
මම වෛර නොකරමි. ඉවසමි.
කෝප නොවෙමි. ඉවසමි.
මම මෛත්‍රී සහගත වන්නමි. කරුණාවන්න වන්නෙමි.
අන් අයගේ සැපතේදී සතුටු වන සිත් ඇත්තෙක් වන්නෙමි.
අෂ්ඨ ලෝක ධර්මය හමුවේ කම්පා නොවන්නෙමි.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

Seelagawesi Thero
අද උදේ Houston මෙත්තා විහාරයේ සීල සමාදාන වැඩ සටහනක් ආරම්භ කළා. එය ඉතාමත් හොඳින් සිදුවන බවයි දැනෙන්නේ. සංඛට බොහෝමත් පින් සිදුවෙනවා. විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයට අපගේ ගෞරවයත් කෘතවේදීභාවයත් පළ කර සිටිනවා
Now I am in Metta Vihara in Houston. Sanka picked me from the Airport. He is a friend of mine for more than 20 years. I heard that there are a lot of friends of mine in Houston. I am grateful to every one. I wish that you may find the benefit of this visit to Houston!
Mindfulness helps to be aware of the situation and wisdom helps to understand the situation. Mindfulness and wisdom are integrated by concentration. This is what I explained to children of Monocacy Valley Montessori School today morning. Everyone was very happy to pay attention for this session. All of us enjoyed this meditation session.
